කාන්තාවන් තමන් ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි

Jun 23, 2020

අපගේ ජීවිතේ එදිනෙදා වැඩත් එක්ක කොයි තරම් කාර්යබහුලද කියනවා නම් සමහර වෙලාවට ගැහැණු අපිට අපිව අමතක වෙනවා. ළමයින්ගෙ වැඩ, ගෙවල් වල වැඩ, කාර්යාලයෙ වැඩ වලට පලමු තැන දෙනවා. ඒත් තමන් වෙනුවෙන්ම අපේ දවසෙ පැය 24න් විනාඩි කීයක් නම් වෙන් කරනවද? අද කතා කරමු ඇයි අපි self care රූටින්ග් එකක්ට හුරු වෙන්න ඕන කියලා.

Continue Reading Below

1. ඔබේ වටිනාකම දකින්න

ඔබ ලස්සනට ඉන්නවා නම් ඔබේ සැමියාට වගේම දරුවන්ට ඔබව ආඩම්බරයක් වෙනවා. ඔහේ තියන ඇදුමක් පටලගෙන නැත්නම් දවසම රෑ ඇදුම පිටින් ඉන්නෙ නැතුව උදෙන්ම නැගිටලා ලස්ස්නට ඇදලා ඉන්නකොට ඔබට වගේම අවට ඉන්න පිරිසටත් ඒක සතුටක්. හැම වෙලෙම හිතන්න මට මේ ලෝකෙ ලැබුන වටිනාම තෑග්ග මගේ ජිවිතේ කියලා.

ඔබ ජීවත් වුනොත් තමයි ඔබ වටා ඉන්න අනෙක් අයත් ජීවත් වෙන්නේ. ඔව් අපිට වගකීම් ගොඩක් තියනවා. ලෝන් ගෙවන්න, ලමයින්ගෙ ස්කූල් ෆීස් ගෙවන්න, ගෙවල් හදන්න, කාර් ගන්න. ඒත් මතක තියාගන්න තමන් ගැන හිතන එක වගේම තමන් ගැන බලා ගන්න එකත් අපේ වගකීම් වලින් එකක්. තේ එකක් හදාගෙන තනියම බොන්න. ඔයා කැමතිම පොතක් කියවන්න. යාලුවො එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න. හැමදාම උදේට නැගිට්ටම අද මම වෙනුවෙන් මේ දේ කරනවා කියලා බලාපොරොත්තුව එක්ක නැගිටින්න.

2. ඔබෙ කාර්යාල ජීවිතය හා සාමන්යය ජීවිතය සමබරව පවත්වා ගන්න.

ඕනවට වඩා වැඩ කලාම අපිට වෙන්නෙ කාලයත් එක්ක අපි ඒ කරන දේ එපා වීමයි. Self Care රූටින්ග් එකක් තිබීම ඔබට ඔබේ රැකියාව සහ සාමන්යය ජීවිතය සමබර ලෙස පවත්වාගෙන යන්න උදව් වෙනවා. මේකෙන් අදස් කරන්නෙ හැමදාම ෆේශල් එකක් කරන එකවත්, හැමදාම පෙඩිකියූ එකක් කරන එක වත් නෙවෙයි. ඔබේ ආදරනීයයන් ට කතා කිරීම. එහෙම නැත්තම් ඔයා කැමතිම රෙස්ටුරන්ට් එකකට ගිහින් ලන්ච් එක ගන්න එක. මෙ හැමදේමත් Self Care තමයි.

3. ඔබෙ ආතතිය පාලනය කරගන්න

ඔබ දැඩි ආතතියකින් වැඩ කරනවා නම් එය ඔබේ ඇඟට වගේම හිතටත් හොද නැහැ. ඒත් ඔබට හොද Self Care රූටින්ග් එකක් තියනවා නම් නොදැනීම ඔබේ ආතතිය පාලනය වෙනවා.

පෝෂ්යදායී ආහාර වේලක් ගැනීම, විනාඩි 15ක් වත් ව්යායාම වල යෙදීම වගේ දේවල් කියන්නෙත් ඔබෙ ආතතිය දුරු කරන Self Care හැබිට්ස් තමයි.

4. හොද ශරීර සෞඛ්යයක් පවත්වා ගන්න

Self Care කියන දේ අපේ ජීවිතයේ කොටසක් වෙන්න ඕනේ. අනේ මම ලබන සතියෙ ඉදන් කරනවා. අද නම් බෑ. කිය කියා කල් දාන්න එපා. ඉහත සදහන් කරල තියන ආකාරයට දවසෙ පැය 24 න් පුන්චි විනාඩි 20ක් ඔබ වෙනුවෙන් අයින් කරන්න. සින්දුවක් අහන්න, භාවනා කරන්න. ඔබට සතුට ගෙන දෙන මොකක්ම හෝ දෙයක් කරන්න.

භාග්යා හල්ගොල්ල

භාග්යා හල්ගොල්ල මහත්මිය ඕමාන් දේශයේ අලෙවි ප්රවර්ධන අංශයේ රැකියාවක නිරත වන අතර ඇගේ විනෝදාංශය ලෙස කාන්තාවන් සඳහා විශේෂ ලිපි ලිවීම සිදු කරයි. ඇයට ස්තුතිය පල කරමු.

Share Now

Related Article