සතුටුදායක ජීවිතයකට මොකද්ද මේ “ ME TIME “ එක කියන්නේ ?

Sep 17, 2020

අද අපි කතා කරමු “ME TIME “ එහෙමත් නැත්තම් තමන්ටම වෙන්වුනු පුන්චි කාලය ගැන. වර්තමාන කාන්තාව ඉතාම කාර්යබහුලයි. ඔබ ගෘහනියක් වුනත්, රැකියාවක් කරන කෙනෙක් උනත් ඔබේ කාර්ය බහුලත්වය එකමයි. උයන පිහින වැඩ, ලමයින්ගෙ වැඩ, එයාලව ටියුශන් අරන් යන්න, ගෙවල් අස් කරන්න, ඔබේ හෝ ඔබෙ සැමියාගෙ දෙමව්පියන්ගේ වැඩ. මෙ හැමෝගෙම වැඩ කරන ඔයාට ඇත්තටම ඔයා ගැන හිතන්න වෙලාවක් තියනවද?

Continue Reading Below

ඇයි දවසට විනාඩි 5ක් වත් ඔබ ඔබ වෙනුවන් වැය කල යුතු?

ගෙදරක ගෘහ මූලිකයා පිරිමියා කියලා කිවුවත් නිවසෙ වැඩ වලින් 90% ක්ම කරන්නෙ කාන්තාවන් වන අපි විසිනුයි. ඔබ ශක්තිමත් නම් තමයි ඔබේ පවුලත් ශක්තිමත් වෙන්නේ. ඒ නිසා වෙහෙසකර දවසෙ අනීවාර්යයෙන්ම පුලුවන් නම් පැය භාගයක් නැත්නම් අඩුම තරමෙ විනාඩි 15 ක් වත් ඔබ වෙනුවන් තියාගන්න. ගෙදර අයගෙන් වෙන්වෙලා ඔබ තනියම ඉන්නවා කියන එක ආත්මාර්ථකාමී කමක් නොවෙයි. ඔබ වෙනුවෙන් ඔබ මේ ගන්න පොඩි කාලය තුල ඔබේ මනස නිදහස් කරගන්න. තේ එකක් හදාගෙන තනියම ඒක රසවිදින්න.

මතක තියා ගන්න තමන්ට තමන් එක්ක තියන සම්බන්ධතාවය තමයි වැදගත්ම. මගෙ ජීවිතේ එක කාලයක් තිබුනා අනවශ්යය දේවල් මම ඔලුවට දාගෙන නිකන් ස්ට්රෙස් වුන. මොනදේ උනත් හස්බන්ඩ් වැරදියි. එයා මහන්සි වෙලා ඇවිත් සපත්තු දෙක වැරදි තැන ගලවුවොත් ඒක මහා ලොකු රන්ඩුවක් වෙනකල්ම යනවා. ඇද රෙද්දෙ රැල්ලක් ඇවිල්ලා තිබ්බොත් එකත් මට මහ වදයක්. පිගාන හෝදනකොට සින්ක් එක වටේට වතුර හැලිලා නම් පහුවෙනිදට ඩිවොස් වෙන්න තරම් වලියක්.

හැබැයි ඒ කලෙ මම දැන් වගෙ දවස ප්ලෑන් කරලා කරන කෙනෙක් නෙවෙයි. මට ජොබ් එකක් තිබුනෙත් නෑ. කීයට හරි නැගිටලා උයලා, කාලා, ටීවී එකයි, ෆෝන් එකයි එක්කම ගෙවපු ජීවිතයක් තිබුනෙ.

මම මම වෙනුවෙන් කාලය වැය කලේ නැහැ. පොත් පත් තිබුනත් ඒ එකක්වත් කියවන්න වත් හිතුනෙ නෑ. හැම වෙලේම මට මහා හිස් බවක් තමා දැනුනෙ. ඒත් මගෙ හස්බන්ඩ් හැම වීක් එන්ඩ් එකේම යාලුවොත් එක්ක රෑට ඩ්රින්ක් එකක් ගන්න යනවා. ඕකත් මට මාරම වදයක් උනා. එයා කොහොමද එහෙම යන්නෙ කියලා මම ඒකත් මහ ලොකු ප්රශ්නයක් කරගෙනයි හිටියෙ. පස්සෙ එයා වගේම මමත් සතියට දවසක් යාලුවොත් එක්ක එලියට යන්න පුරුදු උනා. ඒ නැතත් මගෙ යාලුවෙක්ගෙ ගෙදර මම යනවා. එයාල අපේ ගෙදර එනවා. සමහර දවස් මම ගෙදර තනියම ඉන්නවා. ඒ දවස් වලට මම ගෙදරම කොක්ටෙල් එකක් හදාගෙන මම කන්න කැමති කෑමකුත් හදාගෙන කැමති ෆිල්ම් එකක් බලනවා. නැත්තම් සින්දු අහනවා. නැත්තම් ගේ අස් කරනවා.

කාලයක් මෙහෙම කරනකොට මට තේරුනා මම කලින් වගෙ පුන්චි පුන්චි දේවල් වලට කෙන්ති ගන්නෙ නෑ කියලා. මට තිබුන හැමදේම නුරුස්සන ගතිය නිකන්ම අඩු වෙලා ගිහින්. මේ විදියට ඉදලා හිටලා හැම දේකින්ම පුන්චි නිදහසක් ගැනීමෙන් ඔයාට ලැබෙන වාසි තමයි…………

1. ඔයාගෙ ස්ට්රෙස් නැත්නම් මානසික පීඩනය අඩු වීම.

2. ඔබට වඩා පලදායි ලෙස දවසේ වැඩ කරගන්නට පුලුවන් වීම.

3. ඔයාගෙ චිත්ත ඒකාග්රතාවය වැඩි වීම.

4. ගෙදර අයත් එක්ක ඔයාගෙ සම්බන්දය ශක්තිමත් වීම.

උදෙන්ම නැගිටලා කෑම හදලා , ලමයින්ව ලෑස්ති කරලා , ඔයත් ලෑස්ති වෙලා කලබලෙන් දුවන්නෙ නැතුව සාමන්යෙන් ඔයා නැගිටින වෙලාවට වඩා විනඩි 10ක් කලින් නැගිටින්න. ඒ විනාඩි 10 ඔයා වෙනුවෙන් ගත කරන්න. සති අන්තයෙ පොඩ්ඩක් ඇවිදින්න යන්න. ගේ අස් කරලා නෑ කියලා එක මහ ලොකුවට හිතන්න එපා. විශේෂයෙන්ම බබාලා ඉන්න ගෙවල් හැම වෙලේම දැඩි පිරිසිදු කමකින් තියා ගන්න බෑ.

දවසෙ වැඩ හොද සැලසුමකට කරන්න. ලෝකෙ තියන තරම් සේරම වැඩ බදාගෙන බොරු ස්ට්රෙස් එකක් හදා ගන්න එපා. සතියට දවසක් වත් ගෙදර ඉදන් පේෂල් එකක් කරගන්න. සැලුන් එකට ගිහින් ,මාස කීපෙකට සැරයක් අලුත් හෙයා කට් එකක් කරන්න. ඔයාට ඔයා විශේෂ කෙනෙක් කියලා නිකන්ම දැනෙයි. දවසෙ වැඩ කරන ඕනෙම වෙලාවක් අතර තුර මහන්සියක් දැනෙනවා නම්, පුන්චි විනාඩි 5 ක් හරි බ්රේක් එකක් ගන්න. ඔෆිස් එකේ නම් සීට් එකෙන් නැගිටලා පොඩ්ඩක් වටයක් දාල එන්න.

මතක තියාගන්න ඔයා වටිනා කෙනෙක් කියන එක. ඔයා සතුටෙන් හිටියොත් තමයි අනික් අයත් සතුටෙන් ඉන්නෙ.

භාග්යා හල්ගොල්ල

භාග්යා හල්ගොල්ල මහත්මිය ඕමාන් දේශයේ අලෙවි ප්රවර්ධන අංශයේ රැකියාවක නිරත වන අතර ඇගේ විනෝදාංශය ලෙස කාන්තාවන් සඳහා විශේෂ ලිපි ලිවීම සිදු කරයි. ඇයට ස්තුතිය පල කරමු.

Share Now

Related Article