2016 ඇමරිකානු රූ රැජිණ ලෙස කිරුළු පැළඳි හමුදා නිලධාරිනියගේ කතාව

Jun 10, 2016

ඇමරිකා එක්සත් ජනපදයේ Miss USA 2016 තරඟය ජයග්‍රහණය කිරීමට 26 හැවිරිදි ඩෙෂෝනා බාබර් මේ මස 6 වෙනිදා සමත් වූවා.

Continue Reading Below

ඇය කොළොම්බියා දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තමයි තරඟයට ඉදිරිපත් වුණේ. එක්සත් ජනපදයේ තරඟය සඳහා ප්‍රාන්ත පනහෙන් සහ කොළොම්බියා දිස්ත්‍රික්කයෙන් තරඟකාරිය බැගින් ඉදිරිපත් වෙනවා.

තරඟයේ දෙවන ස්ථානය හවායි දූපත් හි චෙල්සි හාඩින් ද තෙවනි ස්ථානයෙ ජෝර්ජියා ප්‍රාන්තයේ එමානි ජොවාන් ඩේවිස් ද දිනාගතතා.

1952 සිට මෙම වසර දක්වා කොළොම්බියා දිස්ත්‍රික්කයෙන් Miss USA ජයග්‍රාහිකාවන් තිදෙනකු වාර්තා වී තිබෙන අතර ඩෙෂෝනාගේ විශේෂත්වය වූයේ ඇය Miss USA තරඟය ජයගත් පළමු හමුදා නිලධාරිණිය වීමයි.

එක්සත් ජනපද හමුදාවේ ස්වෙච්ඡා නිලධාරිණියක වන ඇය එරට වාණිජ දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ විශ්ලේෂකවරියක ලෙස සේවය කරනවා.

බාබර් පමණක් නොව ඇගේ පවුලේ මව, පියා, සහෝදරයා සහ සහෝදරිය ඇමරිකානු හමුදාව වෙනුවෙන් සේවය කර තිබෙනවා.

තරඟය අවස්ථාවේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඩෙෂෝනා පවසා සිටියේ රට වෙනුවෙන් යුධ බිමට ගිය අය පිළිබඳ දැනට වඩා අවධානය යොමු විය යුතු බවයි.

ඇය රූ රැජිණ ලෙස කිරුළු පැලඳි අවස්ථාව පහතින් නැරඹිය හැකියි.



ඇගේ ඡායාරූප කිහිපයක් පහතින්









Tags

Biography

Share Now

Related Article