වැඩිපුර සල්ලි ඉතුරු කරන්න ටිප්ස් 10 ක්

Oct 8, 2020

වැඩිපුර සල්ලි ඉතුරු කරගන්න හැමෝම කැමතියි. එහෙත් නිසි කළමනාකරණයකින් තොර වුවහොත් එය අසීරු කාර්යයකි . අද අපි කියන්න යන්නේ සල්ලි ඉතුරු කර ගන්න ඔබට අනුගමනය කළ හැකි සරල උපක්රම 10ක් පිළිබඳව යි.

Continue Reading Below

01) පිටතින් ආහාර ගැනීම

ඔබේ අහාර නිවසේදී සකසා ගන්නවා වෙනුවට ඔබත් නිතර හෝටලයකට ගොස් ආහාර ගැනීමට පුරුදු වූ කෙනෙක් ද? මෙම රෙස්ටුරන්ට් සහ හෝටල්වල ආහාරවල මිළ ඉතා අධික බව ඔබ අත්දැක ඇති. එනිසා අත්යවශ්ය, විශේෂ කාරණයක් හැරුණු කොට පිටතින් ආහාර ගැනීමෙන් වැළකී සිටින්න. මෙය ඔබේ මුදල් පසුම්බියට පමණක් නෙවෙයි ඔබේ සෞඛ්යයටත් ඉතාම හොඳ පුරුද්දක්

02) මුදල් වැය වන ඔන්ලයින් සේවාවන්ට සබ්ස්ක්රයිබ් කිරීම

Spotify, You tube වනි සේවාවන් සඳහා සබ්ස්ක්රයිබ් කළවිට ඔබට නොදැනීම ඔබෙන් මුදල් අය කිරීමක් සිදු වේ. වෙළඳ දැන්වීම් වලින් මිදීමට ඔබ මෙම සේවාවන්හි ප්රිමියම් සේවාව ලබා ගනී. එහෙත් එයින් ඔබේ මුදල් නිකරුනේ අපතේ යාමක් සිදු වේ. එනිසා මෙවැනි ඔන්ලයින් සේවා සඳහා සබ්ස්ක්රයිබ් කිරීමට පෙර දෙවරක් සිතන්න.

03) ලොතරැයි ටිකට් මිලදී ගැනීම

ඔබ නිතර ලොතරැයි ටිකට් මිළදී ගන්නා අයෙක් ද? ලොතරැයි මිළදී ගන්නා පිරිස අනුව එයින් දිනුමක් ලැබීමට ඇත්තේ ඉතාමත් අඩු සම්භාවිතාවකි. එමෙන් ම ලොතරැයි ගැනීමට පුරුදු වුවහොත් එය ඇබ්බැහි වීමක් බවට පත් විය හැකිය. එනිසා මුදල් නාස්ති වන මෙවැනි දේවල්වලින් වැළකී සිටින්න.

04) මිළ අධික සංචාර

සංචාරය කිරීමට කවුරුත් කැමති යි. එහෙත් තමන්ට දරාගත නොහැකි තරම් මුදල් වියදම් කරමින් තම සංචාරවල ඡායාරූප ෆේස්බුක් දැමීම අද විලාසිතාවක් බවට පත් වී ඇත. ඔබ ඇත්තෙන් ම සංචාරය කිරීමට ප්රිය කෙනෙකු නම් ඔබේ සංචාරයන් ඔබේ වියදමට ගැළපෙන ලෙස සකස් කර ගන්න. ඔබ නවතින හෝටල්, ඔබේ ආහාර පාන, ඔබේ ප්රවාහන මාධ්යයන් මගින් ඔබට ඔබේ වියදම අවම කරගත හැකි යි. මෙයින් ඔබේ මුදල් ඉතිරි කර ගත හැකි යි.

05) වට්ටම්,සේල් මගහරින්නේ නැතිද?

විශේෂ වට්ටම් හෝ සේල් තිබුණහොත් ඔබ අනිවාර්යයෙන් ම එයින් කුමන හෝ දෙයක් මිළදී ගන්නවාද? මෙවැනි තැන්වලින් බඩු ගැනීම ඔබට වාසිදායක වුවත් ඇතැම් විට මිළ අඩු නිසා අත්යවශ්ය යැයි සිතා ඔබට අනවශ්ය දේවල් පවා මිළදී ගත හැකියි. එනිසා මෙවැනි තැන්වලින් බඩු ගන්නා විට ඇත්තට ම ඔබට එය අවශ්යදැයි නැවත සිතා බලන්න.

06) ජිම් එකේ ලියාපදිංචි වීම

ජිම් යාම අද විලාසිතාවක් වී ඇත. ඇතැමුන් ව්යායාම නොකරත් ජිම් එකක සාමාජිකභාවය ලබා ගනී. ජිම් යාම වෙනුවට ඔබට නිවසේ සිට ව්යායාම කළ හැකි නම් ඔබේ මුදල් ඉතිරි වේ. එහෙත් ඔබට ජිම් යෑම අත්යවශ්ය නම් ඔබ ගෙවන මුදලට සරිලන පරිදි ව්යායාම කර ඒ මුදලට වටිනාකමක් දෙන්න.

07) අනවශ්ය දේවල් මිළදී ගැනීම

ඔබ දකින දකින දේ මිළදී ගන්නවාද? සුපිරි වෙළඳසැල්, වෙළඳ සංකීර්ණ ආදි සියලු ම බඩු බාණ්ඩ එක ම ස්ථානයේ ඇති විට තමාට අනවශ්ය දේ පවා මිළදි ගැනීමට ඔබ පෙළඹේ. මෙයින් ඔබේ මුදල් නාස්ති වී යයි. එනිසා ෂොපින් යන විට ඔබට අවශ්ය මොනවාදැයි ලැයිස්තුවක් සකසාගෙන එයට අනුව අබාණ්ඩ මිළදී ගන්න.

08) මුදල් කවුන්ටරය අසළ ඇති භාණ්ඩ මිළදී ගැනීම

මුදල් ගෙවීමට වාරය පැමිණෙන තෙක් සිටින විට ඔබ නිරායාසයෙන් ම කවුන්ටරය අසළ තබා ඇති භාණ්ඩ මිළදී ගැනීමට පෙළඹේ. එහෙත් ඒවා ඔබට අනවශ්ය භාණ්ඩ විය හැකි යි. එනිසා මේ පුරුද්ද අත්හැර ගතහොත් ඔබට ඔබේ මුදල් නාස්තිය අවම කර ගත හැකි යි.

09) නැවත භාවිතා කළ නොහැකි දේවල් මිළදී ගැනීම

ප්ලාස්ටික් කෝප්ප, කඩදාසි පිඟන් වැනි එක් වරක් පමණක් භාවිතා කළ හැකි දේවල් අපගේ එදිනෙදා ජීවිතයට ගැළපෙන්නේ නැහැ. එය ඔබේ මුදල් නාස්තියක් පමණයි. උත්සව අවස්ථා සඳහා පමණක් මේවා සුදුසු වේ. එනිසා ඔබත් මෙවැනි දේවලට හුරු වූ අයෙක් නම් ඒ පිළිබඳ නැවත සිතා බලන්න.

10) අලුත් තාක්ෂණයට වහල් වීම

බොහෝ දෙනා අලුත් ම මාදිලියේ ජංගම දුර්කතනයක් හෝ වෙනත් උපාංගයක් වෙළඳපලට පැමිණි විගස එය මිළදී ගැනීමට පෙළඹේ. එහෙත් ඔබට එහි දැඩි අවශ්යතාවයක් නොවිය හැකියි. මෙලෙස අනවශ්ය ලෙස අලුත් තාක්ෂණික උපාංග මිළදී ගැනීම ඔබේ මුදල් කා දැමීමකි.

11) දකින දකින පොත මිළදී ගන්නවාද?

පොත් කියවීම ඉතා ම හොඳ පුරුද්දකි. එහෙත් එනිසා ඔබට මාසික වියදම වැඩි විය හැකි යි. මේ සඳහා විසඳුමක් ලෙස පුස්තකාල පරිහරණයට යොමු විය හැකියි. එයින් ඔබේ මුදල් ඉතිරි කර ගනිමින් කියවීම දියුණු කර ගත හැකියි. එමෙන් ම E-book භාවිත කිරීමත් මෙයට හොඳ විසඳුමක්.

Tags

Share Now

Related Article