ඉංග්රීසි ලේසියෙන් කතා කරන්න ටිප්ස් 6 ක්

Jul 21, 2020

ඉංග්රීසි එහෙමත් නැත්තම් දෙවන බස කියන්නේ තරුණ වුර්තිකයන් බහුතරේකගේ ගැටළුවක්. සමහරුන්ට ඉංග්රීසි හොදට පුලුවන් උනත්, කතා කරන්න කොන්ෆිඩන්ස් නෑ. තවත් සමහරුන්ට කතා කරන්න ආසයි, ඒත් හරියට කරන්නෙ කොහොමද කියලා හිතාගන්න බෑ. මේ ටිප්ස් ටික follow කරොත් ඔයාටත් අමාරුවේ වෙන එක නැහැ ඉංග්රීසි කතාව හදාගන්න.

Continue Reading Below

1. වැරදි කරන්න බය වෙන්න එපා

වැරදි වැරදි කතා කරන්න හරි ලියන්න හරි බය වෙන්න එපා. එහෙම වැරදි වැරදි හරි කතා කරනකොට එකෙන් ඔයාලගෙ කොන්ෆිඩෙන්ස් එක ඇති වෙනව. වැරදි නොකර භාෂාවක් හදාගන්න බැහැ. ඔයාගේ මවුබස ඉංග්රීසි නෙවේ. ඒ නිසා බය නැතුව වැරදි කරන්න.

2. අමුතු වුනත් ලේසි භාෂාවක්

English කියන්නෙ අමුතු නමුත් පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන් භාෂාවක් බව මතක තියාගන්න. සමහරවෙලාවල් තියනවා ඉන්ග්රීසි grammer නිකන් මොන විකාරයක්ද කියලා හිතෙන. උදාරනයක (read) රීඩ් කියලා වචන දෙකක් තියනවා., අකුරු එකමයි හැබැයි කතා කරන්නෙ දෙවිදියකට, රීඩ් සහ රෙඩ් කියලා

3. නිතරම පුහුණු වෙන්න

දවසට පැයක් හරි පැය දෙකක් හරි ඉංග්රීසි ඉගෙන ගත්තා කියලා කවදාවත් ඔයාට ඉංග්රීසි කතා කරන්න පුලුවන් වෙන්නෙ නෑ. පුලුවන් තරම් practice කරන්න ඕන. කන්නාඩිය ඉස්සරහට ගිහින් තමන් එක්කම හරි කතා කරලා තියන බය නැති කරගන ඕන.

අනික පුලුවන් තරම් ඉන්ග්රීසි පොත පත, පත්තර, websites බලන්න, ඒවා කියවනකොට ඩික්ශනරි එක හරි ඇප් එකක් හරි ලග තියාගෙන ඔයා දන්නේ නැති වචනයක් තියනවා නම් තේරුම බලන්න.

චිත්රපටි බලනකොට උපසිරැසි නැතුව බලලා කතාව තේරුම් ගන්න උත්සහ කරන්න. ඒ වගේම ඉංග්රීසියෙන් හිතන්න. ඔයාට මොකක් හරි දෙයක් ලියන්න හරි කියන්න හරි ඕන නම් ඒක ඉන්ග්රීසි වලින්ම හිතන්න. දවසකට අලුතෙන් වචන 5ක් වත් ඉගෙන ගෙන ඒක උච්චාරනය කරන හැටි හොදට පුරුදු වෙන්න.

4. Remember the answer is in the question.

මතක තියාගන්න උත්තරේ ප්රශ්නය තුළම තියන්වා කියල. කවුරු හරි කතා කරනකොට පරීස්සමෙන් අහන් ඉන්න. අහන දේට උත්තරේ ගොඩක් වෙලාවට ඒ ප්රශ්නෙම තියනවා.

Does he…..? Yes, he does.

Can she….? Yes, she can.

Is it….? Yes, it is.

5. Learn and study phrases.

හොදට English පුලුවන් කියන්නේ ඔබේ සිතුවිලි ඔබට හොදින්ම English භාෂාවෙන් කියන හෝ ලියන්න පුලුවන් කියන එක. ඔබ එක එක වචන ගානෙ ඉගෙන ගන්නවට වඩා වාක්ය කාණ්ඩයක්ම ඉගෙන ගන්න එක තමයි වඩා සාර්තකම ක්රමය වෙන්නේ. ඔයා වචන 1000ක් දැනගෙන හිටියත් ඔයාට එක සම්පූර්ණ වාක්යක් කියන්න බැරි නම් වැඩක් නෑ.

English ඇතුලෙ phrases ගොඩාක් තියන්වා. එක එක ඒවා විවිධ අවස්තාවන් වල තමයි යොදන්නෙ. ඉතීන් ඔබ මේ හොදින් ඉගන ගත්තානම් ඔබට ඉක්මනින්ම හොද ආත්ම විශ්වාසයකින් English කතා කරන්න පුලුවන්.

6. Learn from everyone

හැම කෙනාගෙන්ම ඉගෙන ගන්න. මෙතනදි, රූපවහනි වැඩසටහනක් වෙන්න පුලුවන්. පත්තරයක් වෙන්න පුලුවන්. පොතක් නැත්නම් ඔබේ යහලුවෙක්, ඔබේ දුව පුතාගෙන් වෙන්න පුලුවන් නොදන්න දෙයක් අහන්න ලජ්ජා වෙන්න එපා. එහෙමත් නැත්තම් අද කාලෙ ඕන තරම් තියන ටූල්ස් පාවිච්චි කරන්න.

පුලුවන නම් ඔයාලා කතා කරන English රෙකෝර්ඩ් කරන්න. ඊට පස්සෙ ඔයා ඒක අහලා බලන්න. එතකොට තෙරුම් ගන්න පුලුවන් ඔයා අතින් වැඩිදියුණු වෙන්න ඕනේ මොනවද කියල.

භාග්යා හල්ගොල්ල

භාග්යා හල්ගොල්ල මහත්මිය ඕමාන් දේශයේ අලෙවි ප්රවර්ධන අංශයේ රැකියාවක නිරත වන අතර ඇගේ විනෝදාංශය ලෙස කාන්තාවන් සඳහා විශේෂ ලිපි ලිවීම සිදු කරයි. ඇයට ස්තුතිය පල කරමු.

Share Now

Related Article