ඔබගේ ෆේස් බුක් ගිණුම හැක් වීමෙන් ආරක්ෂා කර ගන්නේ කෙසේද?

Nov 14, 2019

පහුගිය දවස් වල අපිට අහන්න ලැබුණා ගොඩක් අයගේ ෆේස් බුක් ගිණුම් හැක් වීම ගැන. මේ නිසා ඔවුන් මුහුණ දුන්න කරදර වගේම අපහසුතා ගොඩයි. ඇතැම් පාර්ශව විවිධ අරමුණු නිසා ඔබගේ ෆේස් බුක් ගිණුමට ඇතුල් වෙලා එහි අයිතිය ඔවුන් විසින් පවරා ගන්නවා. ඔබේ පුද්ගලික සම්බන්ධතා , ගිණුම් අංක , චැට් හිස්ට්රි වගේ දේවල් සොරාගෙන ඔබේ පුද්ගලික ජීවිතේ අපායක් කරන්න ඇතැම් උදවිය සමත් වෙනවා. ඔබ පල කරනවා වගේ අසැබි දේවල් පළකරනවා. ඔබ යවන විදිහට ඔබේ හිතවතුන්ට පණිවිඩ යවනවා.

Continue Reading Below

ඔබේ ගිණුම හැකර්ලා ගෙන් ආරක්ෂා කර ගැනීම ඔබේ වගකීමක්. එය ඔබේ ආරක්ෂාව වගේම ඔබේ ලඟින් සිටින අයගේත් ආරක්ෂාවට හේතු වෙනවා. ඒ ගැන ඔබව දැණුමත් කරන්න Goodhousekeeping.lk වෙබ් අඩවිය මගින් අපි තීරණය කළා.

01) මිතුරන් එවන ලින්ක් හොයන්නෙ බලන්නෙ නැතුව ක්ලික් කරන්න එපා…. (ඊට වඩා ටෙක්නිකලි “ඇයි ඒ?” කියලා විස්තර කරන්න ගියොත් තේරෙන්නෙ නැති නිසා මෙහෙම සරලව කියනවා)

වෙනදාට අමුතු තොරතුරක් හෝ ඔබ නිරතුරුව කථා බහ කරන මාතෘකාවකට අදාළ “නොවන” දෙයක් හෝ ප්රයිවට් මැසේජ් වශයෙන් නො-එවන ඔබේ සමීපතම හිත මිතුරෙකුගෙන්, හිටි අඩියේම ලින්ක් එකක් සමග අමුතු මැසේජ් එකක් ආවොත්, ඒක විශ්වාස කරලා ක්ලික් කරන්න එපා…. ඔබේ මිතුරා දැනටම යම් ප්රහාරයකට හසුවී තිබෙන අතර, ඔබත් එයටම ගොදුරු වෙන්න පුලුවන්….

02) ඔබට විශ්වාස නැති එක්ස්ටෙන්ෂන්ස්, ඇඩ්-ඔන්ස් ඔබගේ බ්රව්සරයට සම්බන්ධ කරගන්න යන්න එපා…

03) ඔබේ ඊමේල් එකවුන්ට් එකට එන ඔබට කිසිදු සබඳතාවක් නොමැති සැක කටයුතු ඊමේල් ඕපන් කරන්නවත් එපා.කෙළින්ම මකලා දාන්න.

04) ඔබ භාවිතා කරන බ්රව්සරය ප්රසිද්ධියේ හෙළි කිරීමෙන් හැකිතාක් දුරට වළකින්න…. බ්රව්සර් එකට වඩාත් සුරක්ෂිතයි කියලා හිතෙන අඩවි වලට ඇක්සස් ගන්න යූසර් නේම්, පාස්වර්ඩ්ස් ඇරෙන්න ඔබේ සියලු යූසර් නේම්, පාස්වර්ඩ්ස් සේව් කරලා තියන්නත් එපා….

05) ෆේස්බුක් ආදී සෝෂල් මීඩියා එකවුන්ට් වලට ලොග් වෙන්න භාවිතා කරන පාස්වර්ඩ්ස්, ඒවට දීපු ඊමේල් එකෙත් පාස්වර්ඩ්ස් හැටියට තියන්න එපා. දෙකට දෙකක් භාවිතා කරන්න..

06) ෆේස්බුක් එකේ “ටූ ෆැක්ටර් ඔතෙන්ටිකේෂන්” / ඩුවල් ෆැක්ටර් ඔතෙන්ටිකේෂන් කියන ක්රමවේදය සෙටින්ග්ස් වලට ගිහින් >>> එතනින් සෙකියුරිටි ඔප්ෂන් එක අරගෙන, ඒකෙන් “යූස් ටූ ෆැක්ටර් ඔතෙන්ටිකේෂන්” කියන එකේ “එඩිට්” ඔප්ෂන් එක ගහලා, ඒකෙන් එනේබල් කරගන්න…. එතනට ඔබේ ෆෝන් නම්බර් එක දෙන්න… එතකොට ඔයාගෙ එකවුන්ට් එක මින් පෙර ඔබ ලොග් නොවුණු, හඳුනා නොගත් බ්රව්සරයකින් හෝ ලොකේෂන් එකකින් ලොග් වෙනවා නම් හෝ, ඔබ එක තැනකින් ලොග් වී සිටියදී තව තැනකින් ඒ වෙලාවෙම ලොග් වෙන්න හදනවා නම් හෝ ඔබ ලොග් අවුට් වී ආයෙත් ලොග් වෙන්න හදනවා නම්, ඔබේ ෆෝන් එකට ෆේස්බුක් එකෙන් පාස් කෝඩ් එකක් එවනවා…. ඒක ගහලා මිසක් ඔබට ලොග් වෙන්න බෑ….ෆෝන් එක ඔබ සතුව තිබෙන තාක් කල් ඔබ සුරක්ෂිතයි….

07) හදිස්සියෙවත් මොකක් හරි වෙලා ඔබට එකවුන්ට් එකට ඇක්සස් ගන්න බැරිනම්, ඔබේ අනන්යතාවය verify කරගන්න උදව් ඉල්ලන්න පුලුවන් යාලුවන් කිහිප දෙනෙක්ව appoint කරලා තියන්න….ඒකත් settings වලින් කරන්න පුලුවන්….

මෙම ලිපිය ලබාදීම පිළිබඳව දමිත් කේතක මහතාට ස්තුතිය පළකර සිටිනවා.

Share Now

Related Article