ඔබෙ පලමු හමුවීම (First Impression ) මතක හිටින එකක් කරමු.

Jul 14, 2020

රැකියා සම්මුඛ පරීක්ෂණයක් වුවත්, ඔබෙ ව්යාපාරික හමුවීමක් වුවත්, ඔබෙ පුද්ගලික හමුවීමක් වුවත් ඔබට ඔබේ First Ipression එක ඇති කරන්න ලැබෙන්නෙ එක අවස්තාවක් පමනයි. පලමු හමුවීම ඉතා වැදගත් වන්නෙ ඔබ ගැන එක තත්පරයකින් අනෙක් පුද්ගලයා විනිශ්චයකට එලබෙන නිසයි. එම හැගීම ඇතිවූ පසු නැවත එය වෙනස් කිරීමත් ඉතා අසීරුයි. අද අපි කතා කරමු කෙනෙකුට මතක හිටින විදියෙ First Impression එකක් ඇති කරන්නෙ කොහොමද කියලා.

Continue Reading Below

1. Be on time/ වෙලාවට කලින් වැඩ කරන්න

ඔහු හෝ ඇය ඔබ මුනගැසීමට දුන් වෙලාවට කලින් ඔබ අදාල ස්තානයට යන්න. ඔබේ ලැප්ටොප් එක, බෑග් එක පිලිවෙලාට තියගන්න, ඔයාගෙ බිස්නස් කාර්ඩ්ස්, නෝට් බුක් එක වගෙ දේවල් ලගින් තියාගන්න. පරක්කු වෙලා කලබලේ ගිහින් හැමදේම මේසෙ උඩ හලාගෙන කලබලෙන් හති දදා කතා කරනවට වඩා කලින් ගිහින් පොඩ්ඩක් සැහැල්ලු වෙන්න. ඒ වගේම ඔබට ඒ පුද්ගලයාගෙන් අහන්න තියන දෙවල් වෙනම පුන්චි පොතක හෝ ඔයගෙ පරිගනකයෙ හෝ ලියාගෙන යන්න.

ඔහුට හෝ ඇයට දීමට යමක් තියනවා නම් ඒකත් මතක ඇතුව ලෑස්ති කරලා තියාගන්න. උදාහරනයකට ඔයාගෙ බිස්නස් කාර්ඩ්ස් එහෙම තියනවද බලන්න.

2. නිවැරදිව ඔබව හදුන්වා දෙන්න

මෙය ඔහු හෝ ඇය සමග ඔබේ පලමු හමුවීම නම්, මතක තියාගන්න එම පුද්ගලයා ඔබ ගැන දන්නෙ නෑ. පලමු තත්පර 10 තුල ඔබව හඳුන්වා දෙන්න . සාමාන්යයෙන් ඔයාට ඔයාගෙ නමත් එක්ක සරලව දෙයක් කියන්න පුලුවන්. උදාහරනයක් විදියට “I’m Bhagya, Glad to meet you” වගෙ පුන්චි දෙයක්.

මතක තියාගන්න ඔබෙ පෙනුමත් ඉතා වැදගත්. මෙකන් අදහස් කරන්නෙ ඔයා මොඩල් කෙනෙක් වගෙ ඇදලා යන්න ඕන කියන එක නෙවෙ. ( ඔයා මොඩ්ලින්ග් ඉන්ටර්විව් එකකට යනවා නම් එහෙම ඇන්දට කමක් නෑ) වයාපාරික හමුවීමක් නම් ඔයාට පුලුවන් ඒ විදියට ගැලපෙන්න ලස්සනට ඇදලා, පුන්චි මේකප් එකක් දාලා යන්න. නැවුම් සුවදක් තියන විලවුන් වර්ගයක් පාවිච්චි කරන්නත් අමතක කරන්න එපා. හැබැයි අනෙක් කෙනාට අපහසු වෙන්න සෙන්ට් නාගෙන යන්නත් එපා. පලවෙනි වතාවට ඔයාගෙ බෝයි ෆෙන්ඩ් හම්බ වෙන්න යන්වා නම් ඒත් එහෙමයි. ලස්ස්න ඇදුමක්, ලස්සන පුංචි ආබරන වගෙ දෙවල් ඔයාට අදින්න පුලුවන්.

3. ඔබ ඔබම වෙන්න

තවත් කෙනෙක් වෙන්න උත්සහ කරන්න එපා. ඔබ ඔබම වෙන්න බොරු ආරූඩයක් අරගන්න එකෙන් ඔබ අපහසු තාවයකට පත් වීමක් විතරයි වෙන්නෙ. ඒ වගෙම ඔබ ඔබම වීමෙන් දෙපාර්ශවය අතර හොද විශ්වාශයකුත් ගොඩ නැගෙනවා.

4. ඔබෙ හිනාව අමතක කරන්න එපා

ඔබෙ හිනාව තරම් කෙනෙකුට මතක හිටින වෙනත් දෙයක් නෑ. උනුසම් හිනාවක් සමග ඔබෙ හදුන්වා දීම කරන්ම.

5. විවුර්තව විශ්වාසයෙන් කතා කරන්න

ඔබ ඕනම කෙනෙක් පලමු වතාවට හමුවෙනවා නම් විශ්වාසයෙන් යුතුව කතා කිරීම ඉතාම වැදගත්. ඒ වගේම තමා ඔබේ රැකියාවට හෝ වයාපාරයට අදාල කෙනෙක් ව පලමු වතාවට හමු වෙනවා නම් එතනදීත් ඔබ බොහොම විශ්වාසයෙන් රිජුව ඔබේ අදහස් ප්රකාශ කිරීම හරිම වැදගත්.

6. ආචාරශීලීව හා අවදානයෙන් සිටින්න

ඔබ ඔබෙ පූර්න අවදානය මෙ පුද්ගලයාට දෙන්න. ඒ වගෙම වචන හසුරුවන විට ඉතාම ආචාරශීලී වෙන්න. හොද ආචාරදරම, සහ හොදින් ඇහුම්කන් දීම ඔහුට හෝ ඇයට ඔබ ගැන හොද ෆස්ට් ඉම්ප්රෙශන් එකක් අනිවාර්යෙන්ම ඇති කරාවි.

පෘතග්ජන මිනිස්සු විදියට අපි හැමෝම වගෙ පලමු හමුවීමෙන් තවත් පුද්ගලයෙක් ගැන විනිශ්චයයකට එනවා. අපි හැමෝම කැමති ඒ විනිශ්චය හොද එකක් වෙනවා නම්. එහෙම නම් අයෙත් දවසක අපි කෙනෙක්ව හමු වෙන්න යනකොට මෙ කාරනා පොඩ්ඩක් මතක තියා ගමු නෙද?

භාග්යා හල්ගොල්ල

භාග්යා හල්ගොල්ල මහත්මිය ඕමාන් දේශයේ අලෙවි ප්රවර්ධන අංශයේ රැකියාවක නිරත වන අතර ඇගේ විනෝදාංශය ලෙස කාන්තාවන් සඳහා විශේෂ ලිපි ලිවීම සිදු කරයි. ඇයට ස්තුතිය පල කරමු.

Share Now

Related Article