බලාපොරොත්තුවක් හොයාගෙන යමු.

Sep 23, 2017

ඔබ ජිවිතේ බින්දුවටම වැටෙයි. කවදාවත් නැගිටගන්න බෑ කියල හිතෙන තරමටම සමහර අවස්තාවලදී ඔබ ජිවිතයෙන් පරාද වේවි. ජිවිතේ බලාපොරොත්තු සුන්වුනාම නැවත බලාපොරොත්තු ගොඩනගා ගන්න. මෙන්න එහෙම වෙලාවක ගොඩ එන්න පුළුවන් ක්‍රම 09ක්

Continue Reading Below

01) අත්හරින්න. හිත හදාගන්න
  • මේ ලෝකේ ගොඩක් දේවල් තියෙන්නේ අපේ පාලනයෙන් පරිබාහිරවයි. සමහර වෙලාවට ඔබේ බලාපොරොත්තු සුන්කරන දේ තුල ඇත්තටම බලාපොරොත්තුවක් නැතුව ඇති. මේ වගේ වෙලාවක ඔබ තේරුම් ගන්න ඕනේ මේ තත්ත්වය වෙනස් කරන්න ඔබට කරන්න පුළුවන් කිසිම දෙයක් නැති බව. එහෙම හිත හදාගෙන ඒ අවස්ථාවට මුහුණ දෙන එක තමයි කරන්න පුළුවන් හොඳම දේ.

02) වෙනසක් ඇතුලේ වෙනසක්
  • සමහෙර වෙලාවට පුංචි පුංචි වෙනස් කිරීම් තමයි අපේ ජිවිත වල ලොකු පෙරලියක් කරන්නේ. ඔබේ නිවසේ ගෘහභාණ්ඩ අළුත් පිළිවෙලකට හදන්න, අළුත් යාලුවෙක් හදාගන්න, වැඩ කරන්න අළුත් ක්‍රමයක් හොයාගන්න අළුත් කෑම වට්ටෝරුවක් අත්හදා බලන්න. සමහරවිට මේ වෙනස් කිරීම් ඔබේ ප්‍රශ්නයට විසඳුම් නොවෙන්න පුළුවන්. ඒ වුනාට මේ දේවල් ඔබට අළුත් බලාපොරොත්තුවක් නම් සොයාදේවි

03) ව්‍යායාම
  • ඔබ විශ්වාස කරත් නැතත් ඔබේ හිතේ ක්‍රියාකාරිත්වයට ඉබේ කායික තත්වය සෘජුවම බලපානවා. ව්‍යායාම වලට පුළුවන් ඔබේ ප්‍රශ්න වලට ශක්තිමත්ව මුහුණ දෙන්න ඔබව සූදානම් කරන්න.

04) අනිත් අයට කරන උදව් වලින් අළුත් බලාපොරොත්තුවක්
  • අනිත් අයට උදව් කිරීම ආකාර දෙකකින් වැදගත් වෙනවා. එකක් එය ඔබව ඔබේ ඔය බලාපොරොත්තු විරහිත භාවයෙන් මුදවා ගන්නවා අනිත් කාරණය තමයි අවශ්‍ය මුලිකම දේවල්වත් නැතුව මිනිස්සු ජිවත් වෙන හැටි දැක්කම ඔබ ගැන ඔබට ලැබෙන තෘප්තිමත් භාවය. ඔබ ඔවුන්ට වඩා වාසනාවන්තයි කියන හැගීම ඔබට නව බලාපොරොත්තුවක් ඇතිකරගන්න උපකාරී වෙයි.

05) පරෝපකාරය
  • බලාපොරොත්තු සුන්වුනු වෙලාවක කොහෙහරි ඉඳගෙන ඔබේ ජිවිතේ ඔබට ලැබුණු හොඳ දේවල් ගැන ආවර්ජනය කරන්න. එය ඔබව ඒ අවස්ථාවේ අමන්දානන්දයට පත් කරාවි වගේම අළුත් බලාපොරොත්තු ජීවිතේට ගොඩනගා ගන්නත් ඔබට උදව් වෙයි.

06) තමන්ගේ අය ළඟ බලාපොරොත්තු
  • සමහර අවස්ථාවල අනිත් අය මත යැපෙන්නත් වෙනවා අපිට. එකට කමක් නෑ. ඔබේ ප්‍රශ්න ගැන ඔබේ යාලුවෝ ඔබේ පවුලේ ඇය සමඟ කතාබහ කරන්න. සමහර විට ඔවුන් ළග ඔබට වඩා හොඳ විසඳුමක් ඔබේ ප්‍රශ්න වලට ඇති.

07) සතුට
  • සමහර වෙලාවට ඔබව පසුබස්වන දේවල් වලින් තරමක් ඈත්වෙන්න. ඔබේ ජීවිතය සතුටක් ලං කරවන දේවල් ඔබම සොයාගන්න.

08) යාඥඥාවෙන් අළුත් බලාපොරොත්තුවක්
  • ආගම කියන්නේ සමහර වෙලාවට අපිට හමුවෙන හොඳම බලාපොරොත්තුව. ඔබට යමක් ළඟ ඔබ සොයන සැනසීම ලැබෙනවා නම් ඒ විශ්වාසය ඔබට අළුත් බලාපොරොත්තුවක් හොයාගන්න උදව් වෙයි.

09) කතාවක් ඇතුලේ බලාපොරොත්තුවක්
  • ඔබව අභිප්‍රේරණය කරන කතන්දර වලට පුළුවන් ඔබව බලාපොරොත්තු සුන් බවෙන් මුදවාගන්න. ඉතාමත් අසීරු කාලවලදීත් ජීවිතේ හැලහැප්පීම් වලට සාර්ථකව මුහුණ දීලා ජිවිතේ දිනුව මිනිස්සුන්ගේ කතා ඔබේ ජීවිතය අසීරු කාලවලදී ගොඩනගා ගන්නට හයියක් වෙනවා නිසැකයි.

Share Now

Related Article