ඔබේ වැටුප වැඩි කරගන්න රහස් 5 ක්

Mar 12, 2020

අද කාලේ ගොඩ දෙනෙක් නගන මැසිවිල්ලක් තමයි පඩිය මදි කියන එක. අපි හැමෝම ආසයි අපේ වැටුප වැඩි වෙනවා නම්. එහෙනම් නිකන්ම කෙඳිරි ගගා ඉන්නේ නැතුව මේ රහස් ක්රම අනුගමනය කරලා අපේ ආදායම වැඩි කර ගනිමු.

Continue Reading Below

1) ඔබේ කාර්යභාරය හොඳින් තේරුම් ගන්න

ඔබේ තනතුරේ කාර්යභාරය හොඳින් තේරුම් ගන්න. ආයතනය ඔබෙන් අපේක්ෂා කරන දෙය නොපිරිහෙලා ඉටු කරන්න. ඔබගේ කාර්යභාරය ඔබ අතින් ඉටු වෙනවද කියල තහවුරු කරගන්න නම් ඔබේ කලමානකාරීත්වය වෙතට ගිහින් සාකච්චා කරන්න.

“ තව මොනවද මගෙන් වෙන්න ඕනේ ?” කියන දේ සැකහැර දැනගන්න. ආයතනයට ඔබව නැතුව බැරි කෙනෙක් වෙද්දී , ඔබේ තනතුර ලෙහෙසියෙන් වෙන කෙනෙක්ට පුරවන්න බැරි වෙද්දී ඔබේ වැටුප වැඩි වෙනවා.

2) ඉදිරියට සූදානම් වෙන්න

හිතන්න ඔබ ඉන්න industry එකේ අලුත්ම Trends මොනවද? මොන වගේ හැකියාවන් අනාගතයේදී වැදගත් වෙනවද? ඒ ගැන කියවන්න . අධ්යනය කරන්න. අනාගතය එන්න පෙර ඔබ සූදානම් වෙන්න. අදාළ හැකියාව වැඩි කරගන්න උපාධියක් හෝ වෙනත් පාටමාලාවක් පටන් ගන්න.

නැත්නම් ඔබේ ඊළඟ උසස් වීමට යන්න නම් අවශ්ය කරන දැනුම, උගත්කම්, හැකියා වර්ධනය කර ගන්න. එතකොට උසස් වීම එද්දී ඔබ ලැහැස්තියි.

3) අමතර වැඩ හොඳයි

ඔබේ රැකියාව හොඳින් කරලා කාලය ඉතුරු වෙද්දී ආයතනයේ වෙනත් අංශ ගැනත් අධ්යනය කරන්න. ඔබේ වගකීම් වලින් එහාට ගිහින් ආයතනයේ දියුණුව වෙනුවෙන් දායක වෙන්න. ලැබෙන වැටුපට වඩා වැඩ කරන කෙනා අනිවාර්යයෙන්ම ඉහල කළමනාකාරීත්වයේ ඇගයුමට ලක් වෙනවා.

4) හැමෝගෙම හිත දිනා ගන්න

ඔබ ආයතනයේ ඉන්න වඩාත්ම කාර්යක්ෂම සේවකයා වුනත් වැඩක් නැහැ හැමෝම ඔබට අකමැති නම්. එවිට ඔබ කොතරම් මහන්සි වෙලා වැඩ කළත් ඉහලට යාම ගැන බලාපොරොත්තු තබාගන්න බැහැ. ඒ නිසා හැම විටම සරලව , අවංකව ජීවත් වෙන්න. අනික් සේවකයන් සමග ගැටුම් ඇතිකර ගැනීමෙන් වැළකෙන්න.

වැඩ කරන ආයතනය තුල පුද්ගලික සම්බන්ධකම් තබා ගැනීමට වඩා හොඳම දේ තමයි වුර්තීයමය සුහදත්වය හැමෝ සමගම ඇති කර ගැනීම.

5) ඉල්ලන්නාට ලැබේ

මේ සේරම කරලා තිබෙද්දිත් ඉහල කළමනාකාරීත්වය ඔබේ වටිනාකමට සරිලන ලෙස ගෙවන්නේ නැහැ කියල හිතන්න. එහෙනම් පළමුව අලුත් රැකියාවක් සොයන්න උත්සහ දරන්න. ඔබේ වටිනාකම වටහා ගන්නා ආයතනයක් සමග සම්බන්ධ වෙන්න. මෙම ආයතනය සමග දිගටම ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඉහළ කළමනාකාරීත්වයට ඔබට ගෙවිය යුතු සාධාරණ මුදල ගැන දැනගන්න සලස්වන්න. මේ අයුරින් වැටුප් වැඩි කරගැනීමට හොඳම ක්රමය තමයි වඩා හොඳ වැටුපක් ගෙවන ආයතනයක් සමග සම්බන්ධ වීම.

Share Now

Related Article