ගැහැණු අපේ ජීවිතේ වෙනස් කරන හොඳ පුරුදු මොනවාද?

Aug 11, 2020

අපේ ජීවිතේ ගොඩක් පුරුදු තියනවා. අපි හිතනවා ඒවා අපිට නැති කරගන්න අමාරුයි කියලා. ඒත් නැත්තම් අපිට ඒ පුරුදු අත ඇරගන්න ඔන උනත් අයියූ අද බෑ හෙට හෙට කිය ඉන්නවා. කාලයක් තිබුනා මගෙ ජීවිතේ ඔහේ ගෙවපු. මට හරියට ජොබ් එකක් තිබුනෙ නෑ. දවසෙන් බාගයක් මම නිදි. ගෙවල් අස්කරන්නෙ බාගෙට. කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ කම්මමැලි. ඒත් දැන් මට උදේ නැගිටපු වෙලේ ඉදන් අරමුනක් තියනවා. දවසෙ කරන්න ඔන වැඩ ගැන හොද ප්ලෑන් එකක් තියනවා. මගෙ ජීවිතේ වෙනස් කරපු පුරුදු කිහිපයක් මම ඔයාලත් එක්ක බෙද ගන්න හිතුවා.

Continue Reading Below

Have a morning ritual- ඔබේ උදේ කාලය ඵලදායි එකක් කරගන්න

සමහරවිට උදේම දුවන්න යන්න පුලුවන්. නැත්නම් පොඩ්ඩක් භාවනා කරන්න පුලුවන්. එහෙමත් නැත්තම් ගේ ඇතුලෙම පොඩි පොඩි ව්යායාම ටිකක් කරන්න පුලුවන්. කාලයක් මම මගෙ යාලුවෙක් එක්ක පාන්දර 4ට දුවන්න ගියා. ඒ ගිහින් එනකොට අපි දෙන්නම හරිම ප්රබෝධයෙන් . ඒත් දැන් වැඩට යන නිසා දුවන්න යන්න බෑ. දැන් මම නැගිටලා කරන්නෙ නැගිටපු ගමන් පිරිත් දාන එක. ඊලගට මගෙ දවසෙ ටු- ඩූ ලිස්ට් එක හදනවා. ඊලගට උදේට කාලා, නාලා, අදින්න ගන්නවා. කලබලේම නැගිටලා, නිදිමර ගාතෙම ගිහින් නාලා, ඇඳගෙන දුවනවාට වඩා මෙක හරිම සැහැල්ලුයි. ඔයාලත් ඔයාලට ප්රායෝගික විදියට ඔයාලගෙ දවසේ ආරම්භය හදා ගන්න. ඒකෙන් මුළු දවසම ප්රබෝධමත් වෙනවා.

Read, Read, Read, – හොදින් කියවන්න

කියවීම මිනිසා සම්පූර්න කරයි කියනවා. ඔයාලට පුලුවන් තරම් කියවන්න. කියවන්න බැරි නම් අද කාලෙ ඔන තරම් ඇප්ස් තියනවා ඔඩියො බුක්ස් සමග. ඔයාට තියන්නෙ කැමතිම පොත තෝරගෙන ඒක ප්ලේ කරන එක විතරයි. වටිනාකමක් තියන, තමන්ගෙ ජීවිතේට හොඳ දේවල් එකතු කරන පොත් කියවන්න. කියවන්න වෙලාව නෑ කියන අයට මම කියන්නේ ඔයලා ෆෙස්බුක් එකේ ඕපාදූප හොයන වෙලේ මොකක් හරි කියවන්න. ගොඩක් ගෙදර ඉන්න කන්තාවන් දවල්ට නිදියන්වා නැත්නම් TV බලනවා. ඒ වෙලාව පොතක් කියවන්න පාවිච්චි කරන්න.

Appreciate more – අගය කරන්න පුරුදු වෙන්න

වරක් ප්රන්ශ ජාතික නවකතා කරුවෙක් මෙහෙම කියනවා. “අපි හැමවෙලේම රෝසමල් වල කටු තියනවා කියලා පැමිනිලි කරනවා, ඒත් ඇයි අපිට බැරි කටු වල ලස්සන රෝස මල් තියනවා කියලා හිතන්න. අපි මේ දුවන්නෙ රෙස් එකක්. ලොකු ගෙයක්, ලොකු වාහනයක්, ලොකු ෆෝන් එකක්, අපි මේ රේස් එක දුවද්දී අපිට අපිවම අමතක වෙනවා. අපි වටේ තියන පුන්චි පුන්චි දේවල් අගය කරන්න අපිට අමතක වෙනවා.

මෙ පුරුද්ද ඇති කරගන්න ඔයාලට Gratitude Journal එකක් පාවිච්චි කරන්න පුලුවන්, එහෙමත් නැත්තම් ඔබට මේක එදීනෙදා ජීවිතෙ පුරුද්දක් විදියට කරන්න පුලුවන්. ඔබේ සැමියා, දුව, පුතා ඔබට අද ගේ අස් කරන්න උදව් කලා නම් ඔවුන්ට ස්තූති කරන්න පුරුදු වෙන්න. අද ඔයා නිසා මගෙ වැඩේ ලේසි උනා කියන්න. ඔබට කරදරයක් වෙලාවක ඔබේ යාලුවෙක් ඔබට කතා කළොත්, ඔබේ හිත හදපු එකට ස්තූති වන්ත වෙන්න. මේ ජීවිතේට ස්තුති වන්ත වෙන්න ඔබට ජීවත් වෙන්න තවත් එක දවසක් දුන්නට. ඔබේ රැකියාවට ස්තූති වන්ත වෙන්න.

Surround yourself with positive people- ධනාත්මක යහලුවන් ඇසුරු කරන්න.

ඔබේ කාලය ඔබව උනන්දු කරවන සහ ඔබට ශක්තියක් වෙන අය සමග ගත කරන්න. යහලුවන් තෝරා ගන්න කොට ඔබට ගැලපෙන අය පමනක් තෝරා ගන්න. ඔබේ මිතුරු හවුල කුඩා එකක් උනත් ඔබේ මිතුරු හවුලේ ඉන්නෙ විශ්වාසවන්ත, ඔබව අගය කරන අය පමනක්ම නම් ඒකට කමක් නැහැ.. හොද ඉලක්කයක් තියන, උනදුවක් තියන අය ඔබේ ජීවිතයට ලන් කරගන්න. උත්තර තිබුනත් ප්රශ්න විතරක්ම තියන අයව ඈත් කරන්න. බොරු සෝබන කාරයන්ව ඈත් කරන්න. ඔබේ ජීවිතය සමබර කරන්න පුලුවන් යහලුවන් තොර ගන්න.

Be a good listener – හොදින් ඇහුම්කන් දෙන්නෙක් වෙන්න.

අපෙ එදිනෙදා ජීවිතෙ ගඟක් වගෙ ලස්සනට ගලා ගෙන යන්නෙ නෑ. තමන්ගෙ ස්වාමියා, බිරිද, යහලුවො, නැන්දම්ම, අම්මා, තාත්තා එක්ක උනත් අපිට ප්රශ්න ඇති වෙන වෙලාවල් තියනවා. ඕනම කෙනෙක් එක්ක කතා කරද්දි මුලින්ම හොදින් ඇහුම් කන් දෙන්න පුරුදු වෙන්න. අනික් කෙනාට කියන්න තියන දේ කියන්න දෙන්න. එයින් ඔබේ සම්බන්දය තවත් ශක්තිමත් එකක් වෙයි.

Go for a social media detox – සාමාජ ජාල වලින් ඈත් වෙලා ඉන්න.

පුලුවන් නම් එක දවසක් හරි මේ සාමාජ ජාල වලින් ඈත් වෙලා ඉන්න. එහෙම බැරි නම් දවසට පැයක් හරි මේ දේ කරන්න උත්සහ කරන්න. ඒ කාලය පලදායි යමක් වෙනුවෙන් පාවිච්චි කරන්න.

Invest on Self-care- ඔබ ගැන උනන්දු වෙන්න.

ඔබව සතුටට පත් කරන මොකක් හරි එක දෙයක් දවසට කරන්න. හොඳ සින්දුවක් අහන්න. ටී වී සීරීස් එකක් බලන්න. රස කෑමක් හදන්න. මොකක්ම හරි ඔබ කැමතිම දෙයක් කරන්න.

ඔබව සතුටට පත් කරන මොකක් හරි එක දෙයක් දවසට කරන්න. හොඳ සින්දුවක් අහන්න. ටී වී සීරීස් එකක් බලන්න. රස කෑමක් හදන්න. මොකක්ම හරි ඔබ කැමතිම දෙයක් කරන්න.

Constantly educating yourself – නිතරම ඔබේ ජීවිතයට දැනුම එකතු කරගන්න

ඔබේ ජීවිතයට දැනුම එකතු කර ගැනීමෙන් ඔබේ දැනුම විතරක් නෙවේ ඔබේ ආත්ම විශ්වාසයත් වැඩි වෙනවා. ඔබ කැමති ඕනම විෂයයක් ගැන ඉගෙන ගන්න. ෆ්රි ඇප්ස් තියන්වා ඔබට අලුත් භාෂාවක් ඉගෙන ගන්න පුලුවන්. කේක් හදන්න වෙන්න පුලුවන්. මැහුමක් ගෙතුමක් කරන්න වෙන්න පුලුවන්. ඔනම දෙයක් ඔබට පුලුවන් පොඩ් කාස්ට් එකක් අහන්න. ෆ්රි ඔන්ල්යින් කෝස් එකකට ඇතුල් වෙන්න. ඔනම දෙයක් ගෝල් එකක් හදා ගන්න. මම මාසෙට එක පොතක් කියවනවා. මාස 4කට සැරයක් ඔන්ලයින් කෝස් එකක් කරනවා. එතකොට අවුරුද්දට ඔබ පොත් 12ක් කියවලා කෝස් තුනක් කරලා.

මෙ හැම පුරුද්දක්ම අපිට ලේසියෙන්ම කරන්න පුලුවන්. ඔබට මේ පුරුදු ඇතිකරගෙන ඒවා ඔබේ ජීවිතයේ ක්රියාත්මක කරන්න පුලුවන් සිස්ටම් එකක් හදාගන්න. අපිට තියන ඒවා වෙනස් කරන්න ඕන නම් අපි වැඩ කරන විදිය වෙනස් කරන්න වෙනවා. බලන්න මේ පුන්චි දේවල් වලින් එකක් හරි ඔබේ ජීවිතයට අරගෙන ලොකු වෙනසක් ඔබේ ජීවිතයේ සිදු වෙවි.

භාග්යා හල්ගොල්ල

භාග්යා හල්ගොල්ල මහත්මිය ඕමාන් දේශයේ අලෙවි ප්රවර්ධන අංශයේ රැකියාවක නිරත වන අතර ඇගේ විනෝදාංශය ලෙස කාන්තාවන් සඳහා විශේෂ ලිපි ලිවීම සිදු කරයි. ඇයට ස්තුතිය පල කරමු.

Share Now

Related Article