ඔබට ඉංග්රීසි කතා කරන්න බැරි සමාජ භීතිකාව නිසාද ?

Dec 12, 2019

වර්තමානයේ තරගකාරී ලොව සමඟ ගනුදෙනු කිරීමේදී ඉංග්රීසි කතා කිරීමේ හැකියාව තිබීම ගොඩක් වැදගත් වෙනවා. මොන තරම් ඉගෙන ගත්තත්, මොන තරම් ඉංග්රීසි පන්ති වලට සහභාගී වුනත් සමහර පුද්ගලයන්ට ඉංග්රීසි කතා කර ගැනීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. ඇත්තටම මෙයට හේතුව ඔවුන්ගේ නොහැකියාවද? නැති නම් වෙනත් හේතුවක්ද? මේ ගැන හොයලා බලද්දී අපිට හමු වුනා ඉංග්රීසි භාෂාව කතා කිරීමේ නොහැකියාව සහ සමාජ භීතිකාව අතර ප්රභල සම්බන්ධයක් ඇති බව. ඉතින් අද අපි Goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ කතා කරන්නේ මේ පිළිබඳවයි.

Continue Reading Below

සමාජ භීතිකාව යනු කුමක්ද ?

සමාජ භීතිකාවෙන් පෙලෙන අයෙකුගේ ප්රධානතම ලක්ෂණය වන්නේ සමාජයට බිය වීමයි. තමාගේ අතින් වරදක් සිදු වේවිද, තමාට යමක් වරදීවිද යන බියෙන් පෙලෙන මොවුන් අන් අය තමාට සිනාසේවි යැයි සැක කරනවා. සමාජයේ විවේචන, අපහාස උපහාස වලට මුහුණ දීමට දැඩි බියකින් පෙලෙන මේ පුද්ගලයන් නිතරම සමාජය මඟ හැර සිටීමට උත්සාහ කරනවා.

ඒ වගේම සමාජයේ අවධානය නොලැබීම වෙනුවෙන් ඔවුන් විවිධ අවස්තාවන් මඟ හරිනවා.

    උදා :

  • මිනිසුන් ගැවසෙන ස්ථාන මඟ හැර සිටීම.
  • පිරිසක් ඉදිරියේ තම අදහස් හෙළි නොකර සිටීම.
  • පිරිසක් ඉදිරියේ ආහාර නොගැනීම.
  • පිරිසක් ඉදිරියේ දුරකථනය භාවිතා නොකර සිටීම.
  • පොදු වැසිකිලි භාවිතා නොකර සිටීම.
  • මිතුරන් ඇසුරු කිරීමෙන් වැලකි සිටීම. මෙවැනි අය බොහෝ විට ඇති කර ගන්නේ මිතුදම් එකක් හෝ දෙකක් පමණි. මිතුරන් සමඟ කතා බහ කිරීමේදී වුවද නිදහස්ව අදහස් දැක්වීමෙන් වැලකි සිටි. මොවුන් බොහෝ විට සිදු කරන්නේ අන් අය කතා කරන දේවල් වලට සවන් දීගෙන සිටීම පමණි.
  • යම් ඉදිරිපත් කිරීමක් කිරිමට සිදු වූ විට මඟ හරි. සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී වීමෙන් වැලකි සිටි. පාරිභෝගිකයන් සමඟ ගැටෙන්නට සිදු වන රැකියාවක් ලද හොත් මහත් අපහසුතාවයට පත් වේ.

මෙවැනි පුද්ගලයන් ස්වාභාවිකවම නිහඬ පුද්ගලයන් වේ. ඔවුන් සමාජ භීතිකාවකින් පෙලෙන බව පිටස්තරයන්ට අවබෝධ වන්නේ නැත. බොහෝ විට ඔවුන් පිලිගන්නේද නැත. ඇතැම් විට මෙවැනි පුද්ගලයන් සෙසු අය සමඟ කතා නොකර, සිනා නොවී සිටීම නිසා සෙසු අය ඔවුන් අහංකාර පුද්ගලයන් ලෙස වරදවා වටහා ගනී. ඉතින් සමාජ භීතිකාවෙන් පෙලෙන අයෙකු ඉංග්රීසි භාෂාවෙන් කතා කිරීමට මැලි වීම පුදුමයට කරුණක් නොවන බව ඔබට වැටහෙනවා ඇත.

සමාජයේ බොහෝ දෙනෙකුට ඇති ගැටලුව වන්නේ ඉංග්රීසි භාෂාව කතා කිරීමට ඇති නොහැකියාව නොවේ. තමන් ඉංග්රීසි කතා කරන්නට ගොස් වැරදුනහොත් තමාට සමාජයෙන් අවමාන විඳීමට සිදු වේද යන බියය.

සමාජ භීතිකාව ඇති වීමට බලපාන හේතු

මොලයේ ස්නායු පද්ධතියේ ඇති ගැටළුවක් මෙයට බලපෑ හැක.

  • මොලයේ ස්නායු පද්ධතියේ ඇති ගැටළුවක් මෙයට බලපෑ හැක.
  • පරම්පරාවෙන් පැවත ඒම.
  • කුඩා කාලයේදී ගුරුවරුන්, දෙමව්පියන් හෝ මිතුරන් වෙතින් අසාධාරණ ලෙස සමච්චලයට ලක් වී තිබීම.
  • සමාජය තුල වෙනත් පුද්ගලයන් සමච්චලයට ලක් වන ආකාරය නිතර දැකීම.
මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට කල යුතු දේවල්

01) මනෝ උපදේශකයෙකු හමු වීම

ඔබ තුල ඉහත ලක්ෂණ තිබෙනවා යැයි ඔබට හැඟෙනවා නම්, ඔබ මුලින්ම කල යුත්තේ මනෝ උපදේශකයෙකු හමු වීමයි. සමාජ භීතිකාව ඔබට සහ ඔබේ දියුණුවට ඇති කරන්නේ විශාල බාධාවක්. ඉංග්රීසි කතා කිරීමේ හැකියාව තිබියදීත්, ඔබ පසුබට වන්නේ සමාජ භීතිකාව නිසා නම් එය සුව කර ගැනීමට ඔබ වහා පියවර ගත යුතුයි. එය ඔබේ අනාගත අභිවෘද්ධියට හේතු වනු ඇත.

02) හොඳ මිතුරන් පිරිසක් ඇති කර ගැනීම

ඔබ වගේම ඉංග්රීසි කතා කිරීමට උනන්දු වන මිතුරන් පිරිසක් එකතු කර ගන්න. ඔබ සියල්ලන්ටම ඇත්තේ එකම උවමනාව නිසා, ඔබට වැරදුනු පමණින් අන් අය ඔබව සමච්චලයට ලක් නොකරන බව ඔබට අවබෝධ වේවි. ඉංග්රීසි කතා කිරීමේ සමිතියක් පිහිටුවා ගන්න. ඔබට අවශ්ය නම් මෙය අන්තර්ජාලය ඔස්සේ වුවද කල හැකියි. සමාජ ජාලා හරහා වුවද ඉංග්රීසි කතා කිරීමේ වැඩසටහන් පැවැත්විය හැකියි.

Share Now

Related Article