බිලිඳු සම සුරකින Baby Cheramy සබන් SLS ප්‍රමිති සහතිකයෙන් පිදුම් ලැබූ එකම ළදරු සබන් වර්ගය බව ඔබ දැන සිටියාද ?

Jun 23, 2020

කුඩා දරුවෙක් වෙනුවෙන් ඕනෑම නිෂ්පාදනයක් මිලට ගැනීමේදී අපි එහි ප්‍රමිතිය ගැන දෙපාරක් හිතනවා. Baby Cheramy ළදරු සබන් කියන්නේ වසර 57 ක් පුරා ශ්‍රී ලාංකික මවු වරුන්ගේ විශ්වාසය දිනා ගත් අපේම රටේ නිපදවන නිෂ්පාදනයක්. ඉතින් ඒ විශ්වාසය යලිත් තහවුරු කරමින් Baby Cheramy සබන් SLS 547 ප්‍රමිති සහතිකයෙන් පිදුම් ලැබුවා.

Continue Reading Below

ශ්‍රී ලංකාවේ ළදරු සබන් අතරින් මෙම ප්‍රමිති සහතිකය හිමිකරගත් එකම නිෂ්පාදනය ලෙස Baby Cheramy සැලකෙනවා.

මෙම SLS සහතිකයේ විශේෂත්වය කුමක්ද?

ජනප්‍රිය ලෙස “SLS ලාංඡන ක්‍රමය ලෙස හැඳින්වෙන නිෂ්පාදිත සහතිකකරණ ක්‍රමය යනු නිෂ්පාදිතයක තත්ත්වය පිලිබඳ තෙවන පාර්ශව සහතික කිරීමකි.

කිසියම් භාණ්ඩයක SLS සලකුණ පවතින විට ඉන් අදහස් වන්නේ එම භාණ්ඩයේ තත්ත්වය එයට අදාළ ප්‍රමිතියට අනුකූලව නිෂ්පාදනය කර ඇති බවට ස්වාධීන ආයතනයක් වන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් තහවුරු කර ඇති බවයි.

සහතිකය ලබා ගැනීමෙන් පසුවද , අඛණ්ඩ අධීක්ෂණ ක්‍රියාවලියක් පවත්වාගෙන යන්නේ භාණ්ඩයේ ප්‍රමිතිය පවත්වා ගැනීම සහතික කිරීම වෙනුවෙනි. ඒ සඳහා වාර්ෂිකව නිෂ්පාදනාගාරය විගණනයට ලක් කිරීම, රසායනික පරීක්ෂාවන් සිදු කිරීම , අහඹු ලෙස වෙළඳපොලෙන් ලබාගන්නා නිෂ්පාදන නියැදි පරික්ෂාවක් මගින් නිෂ්පාදනවල ගුණාත්මක බාවය තහවුරු කිරීම සිදු කරනු ලබයි.

Baby Cheramy ශ්‍රී ලංකාවේ SLS සහතිකය හිමි එකම ළදරු සබන් නිශ්පාදනය වන්නේ ඇයි?

• ළදරු සමට උපරිම ආරක්ෂාවක්

සායනික පර්යේෂණ මගින් තහවුරු කර ඇති ආකාරයට Baby Cheramy සබන් ළදරු සමට උපරිම ආරක්ෂාවක් ලබාදේ. Baby Cheramy සබන් වල ඇති ඉහළ TFM අගය (78% Total Fatty Matter) නිසා බිළින්දාගේ සම හොඳින් පිරිසිඳු වන අතර තෙතමනය රැක දේ.

• ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිපදවූ මෘදු සුවඳකින් සමන්විත වීම

සුවඳ විලවුන් නිෂ්පාදන කර්මාන්තය වෙනුවෙන් පවතින අන්තර්ජාතික නියෝජිත ආයතනය වන The International Fragrance Association (IFRA) මගින් ලබාදී ඇති මගපෙන්වීම් වලට අනුව නිපදවන ලද බිලිඳු සමට හිතකර ඉතාම මෘදු සුවඳක් Baby Cheramy සබන් වල අන්තර්ගත වෙනවා.

• හොඳම දේ දරුවන්ට දෙන ප්‍රතිපත්තිය

Baby Cheramy සබන් SLS 547 ප්‍රමිති සහතිකයෙන් පිදුම් ලැබීමට හේතු වුනේ අපේම රටේ සාඩම්බර නිපැයුමක් වන මෙහි නිෂ්පාදන ක්‍රියාවලියේ ඇති ගුණාත්මක බව නිසාමයි. Baby cheramy සබන් නිපදවීමට ලබා ගන්න අමුද්‍රව්‍යය ලබාගන්නේ ලෝකයේ ඉහලම පෙලේ නිෂ්පාදකයන් වෙතිනුයි. දැඩි තත්ත්ව පරීක්ෂා යටතේ මෙම අමුද්‍රව්‍ය මිලදී ගැනීම් සිදු කරනවා.

Baby Cheramy සබන් නිෂ්පාදනය කරන්නේ ISO 9001:2015 යටතේ තහවුරු කරවන ලද නිෂ්පාදන පරිශ්‍රයකයි. ( GMP complying with SLS 1316)

සියලුම Baby Cheramy නිෂ්පාදන ආරක්ෂිතව ඇසුරුම් කර ලේබල් කරනු ලබන්නේ SLS අනුමත ප්‍රමිතීන් යටතේයි.

Baby Cheramy ළදරු සබන් 1980 අංක 27 දරණ විලවුන්, වෛද්ය උපකරණ සහ ඖෂධ පනත මෙන්ම 2003 අංක 9 දරණ පාරිභෝගික අධිකාරී පනත යටතේ සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත.

ආරක්ෂාවේ ආදරය දෙන Baby Cheramy සබන්

මවුවරුනි දරුවට ඇති අසීමිත ආදරය නිසාම දරුවාගේ ආරක්ෂාව ගැන කරදර වෙන ඔබට මේ පුවත ලොකුම සහනයක් වේවි. අපි දරුවන් වෙනුවෙන් මිලට ගන්න ඕනේ වඩාත් ආරක්‍ෂිත ප්‍රමිතියෙන් ඉහළම නිෂ්පාදන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.

ඉතින් SLS සහතිකය සමගින් 57 වසරක් පුරා ශ්‍රී ලාංකීය මවුවරුන්ගේ විශ්වාසය දිනූ Baby Cheramy සබන් තවදුරටත් එහි සුරක්ෂිත බව තහවුරු කරන්නේ ඒ නිසයි.

Share Now

Related Article