චූටි පැටවුන්ගේ චූටි දත් රැකගන්නේ කොහොමද?

May 25, 2020

අපි දරුවන් මේ ලෝකෙට ගෙනත් යහපත් පුරවැසියෙක් ලෙස සමාජගත කරන ගමනේදී ඔවුන්ගේ කායික සහ මානසික නිරෝගීකම වගේම යහපැවැත්ම අරමුණු කරගන්නවා. නිසි අධ්‍යාපනයක් ලබාදීම , හොඳ ආහාර ලබාදීම , මානසික සෞඛ්‍යය සහ සතුට රැඳෙන විදිහට ක්‍රියාකාරකම් කරනවා වුනත් සමහර මවුවරු අතින් දරුවාගේ දන්ත සෞඛ්‍යය කියන වැදගත් මාතෘකාව ගිලිහිලා යනවා. ඉතින් අද අපි Goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා කතා කරමු දරුවාගේ දන්ත සෞඛ්‍යය වැදගත් වෙන්නේ ඇයි කියල වගේම දන්ත සෞඛ්‍යය රැකගන්න මවුවරු ලෙස අපේ අතින් විය යුතු දේවල් මොනවද කියල.

Continue Reading Below

දරුවන්ට බහුලව ඇතිවෙන මුඛ සෞඛ්‍යය ගැටළු මොනවාද ?

දත් හොඳින් පවිත්‍ර කර ආරක්ෂා කර ගැනීමෙන් දත් වල මැලියම් ඇතිවීම වලක්වා ගන්න පුළුවන්. දත් වටේ බැදිලා තියන සුදු පාට බැක්ටීරියා අඩංගු පටලය මැලියම් ලෙස හඳුන්වනවා. කුඩා දරුවන්ගේ මුවේ පවතින බැක්ටීරියා ඔවුන් ආහාරයට ගන්නා සීනි සමග ප්‍රතික්‍රියා කර නිපදවන අම්ල මගින් දතේ ආරක්ෂාවට තිබෙන මතුපිට ආවරණය වන එනමල් තට්ටුව සිදුරු කරවනවා. එමගින් දත් දිරායාමට ලක් වෙනවා.

මැලියම් මගින් දරුවාගේ වීදුරුමස පවා ආසාධනයට ලක් කරනවා. ඒ මගින් ඇතිකරන රතුවුණ , ඉදිමුන , වේදනාකාරී වීදුරුමස් දරුවාට ලොකු අපහසුවක් දෙනවා. ඒ අපහසුව දරුවන්ගේ ආහාර ගැනීමට සහ ක්‍රියාකාරකම් කිරීමට බාධා එල්ල කරනවා.

දරුවාගේ දන්ත සෞඛ්‍යය වැදගත්වෙන්නේ ඇයි?

දරුවෙක් කියන්නේ අනාගතයේ ලෝකය දිනන නායකයෙක්. ඕනෙම කෙනෙක්ගේ දන්ත සෞඛ්‍යය හොඳින් තිබෙනවා නම් එයින් තිබෙන ප්‍රයෝජන රාශියක් තිබෙනවා. ආහාර ලබාගෙන අපේ ශරීරය නිසි ලෙස පෝෂණය කරන්න දත් අපිට උපකාර කරනවා. මුඛ සහ දන්ත රෝග වලින් පෙලෙන ඇතැම් දරුවෝ වේදනාව නිසා ආහාර ගැනීම පවා ප්‍රතික්ෂේප කරනවා. එවිට එය ඔවුන්ගේ බරට වගේම කායික හා මානසික වර්ධනයට ඍජුව බලපානවා.

පුංචි වයසේ දත් දිරායාම මගින් දරුවන්ගේ පෙර පාසල් ගමන මගහැරීමෙන් මූලික අධ්‍යාපනයට ඇතැම් විට හානි වෙනවා. සමහර දරුවෝ දිනපතා පෙරපාසල් හෝ පාසල් නොයන්නේ දත් කැක්කුම නිසා කියල පැමිණිලි නිතරම ලැබෙනවා.

දත් නිසා කථනය පැහැදීලි කරන්න උපකාර කරනවා. නිරෝගී දත් සහ මුඛ සෞඛ්‍යය පැවතීමෙන් දරුවාහේ කථනයට ලොකු පිටුබලයක් ලැබෙනවා. ඒ වගේම මුඛ දුර්ගන්ධය වගේ තත්වයන් ඇතිවීම දරුවාගේ පෞර්ෂයට, මිතුරන් ඇතිකරගෙන සමාජ ගත වීමට පවා හානියක්.

දත් දිරා යාම නිසා දත් ගැලවීම වගේ තත්වයනට මුහුණ දෙද්දී මුහුණේ හැඩය , පෙනුම , කම්මුල් වල අලංකාරය නැති වෙනවා. ඉතින් යහපත් දන්ත සෞඛ්‍යය පවත්වාගැනීම දරුවාගේ පෙනුමටත් උපකාර කරනවා.

කුඩා කල සිටම දරුවාගේ මුඛ සෞඛ්‍යය රැකගන්නේ කොහොමද ?

කුඩා දරුවන්ගේ දත් දිරා යාමට සහ මැලියම් බැඳීමට හේතු කීපයක් තිබෙනවා. ඔවුන් නිතරම පැණිරස ආහාරයට ගැනීම, දත් හොඳින් පැමිණ තිබියදී බඩගිනි නොදැනුනත් රාත්‍රිය පුරා පුරුද්දට මවු කිරි බීම සහ නිසි ලෙස මුව පිරිසිඳු කිරීම් ගැන අවධානයක් නොදීම වැනි කාරනා මූලික වෙනවා. එම නිසා නිසි ලෙස දත් පිරිසිඳු කිරීම වගේම පැණිරස නිතර ආහාරයට ගැනීම වලක්වා ගැනීමත් එකසේ වැදගත් වෙනවා. කිරි බීම අත්‍යවශ්‍ය නැති හොඳින් ආහාර ගන්නා වයසේදී රාත්‍රිය පුරා මවු කිරි බොන්න දීම දරුවාගේ මුඛ සෞක්‍යයට වගේම අම්මගේ නිරෝගී බවටත් විශාල බලපෑමක් එල්ල කරනවා.

දත් නිසි ලෙස පිරිසිඳු කරන ක්‍රමය :

• වෛද්‍ය වරුන්ගේ මතය කුඩා දරුවන්ගේ මුල්ම දත මතු වීමේ සිටම නිසි ලෙස පිරිසිඳු කිරීම ආරම්භ කළ යුතු බවයි. ( දත් මතුවන කාලය දරුවාගෙන් දරුවාට වෙනස්. සාමාන්‍යයෙන් මාස 4 පමණ සිට කිරි දත් මතුවීම පටන් ගන්නවා) මුලින්ම නිකන් රෙදි කඩක් ඔබේ ඇඟිල්ලේ දවටලා වතුරෙන් දරුවාගේ පුංචි දත් ඉස්සරහ වගේම ඇතුල් පැත්ත පිරිසිඳු කරගැනීම ප්‍රමාණවත්.

• මාස 12 න් පසු දරුවාගේ දත් සුමුදු කෙඳි සහිත දත් බුරුසුවකින් දිනකට දෙවරක් පිරිසිඳු කරගැනීම වැදගත් වෙනවා.

• මාස 18 දී පමණ ෆ්ලෝරයිඩ් සහිත ළදරුවන් වෙනුවෙන් පිළියෙළ වුන දන්තාලේපයක් භාවිතා කරන්න පටන් ගැනීම සුදුසුයි. නමුත් බුරුසුවට එකතු කළ යුත්තේ කුඩා කඩල ඇටයක් වගේ පුංචි දත් බෙහෙත් ප්‍රමාණයක් පමණයි.

• දරුවාගේ දත් විනාඩි දෙකක් තුනක් අතර කාලයක් හොඳින් මැදීම කළ යුතුයි. දත් මැදීමෙන් පසු කෙල ගැසීම සහ හොඳින් කට සෝදා ගැනීමට දරුවා හුරු කළ යුතුයි. ( මෙය අවුරුද්දක් වයස කුඩා දරුවෙක්ට පැහැදිලි කරන්න තිබෙන හොඳම ක්‍රමය ඔබ දත් මැදීම දරුවා ඉදිරියේ කිරීමෙන් ක්‍රියාවෙන් පෙන්වා දීමයි)

• දත් පමණක් නොව දිව පිරිසිඳු කිරීමත් අත්‍යවශ්‍යයි.

• සුමුදු කෙඳි සහිත දත් බුරුසුවක් තෝරා ගන්නවා වගේම එම බුරුසුව හැම මාස තුනකටම සැරයක් වත් මාරු කිරීම නිවැරදි සහ ඵලදායී දත් මැදීමක් සඳහා ගොඩක් වැදගත්.

දරුවන්ට දත් මදින්න වෙනම දන්තාලේපයක් අවශ්‍යය වෙන්නේ ඇයි?

දරුවන්ගේ දන්ත සෞඛ්‍යය රැක ගැනීම වැඩිහිටි අපගේ මුඛ සෞඛ්‍යය රැක ගැනීමට වඩා සංකීර්ණ ක්‍රියාදාමයක් නිසයි ඒ වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කළ යුත්තේ. දරුවන්ටම විශේෂ දන්තාලේපයක් භාවිතා කිරීමත් නිවැරදි මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීමේදී වැදගත් වෙනවා.

කුඩා දරුවෙක් ඉන්න මවක් නම් ඔබ දන්නවා දරුවාගේ දත් පිරිසිඳු කිරීම කොතරම් අසීරුද කියල. ඔවුන්ට එහි වැදගත්කම නොතේරෙන නිසා කොහෙත්ම එයට අනුකූලයතාවයක් පෙන්වන්නේ නැහැ. දරුවට ආකර්ශනීය වන රසයකින් දන්තාලේපය තිබෙනවා නම් දරුවෝ දත් මදින්න ප්‍රිය කරනවා.

ෆ්ලෝරයිඩ්” දත් සුරකින්න අත්‍යවශ්‍ය සංඝටකයක්. කුඩා කල සිටම දරුවාට දත්වල ශක්තියට සහ දිරායාම මැඩපැවැත්වීමට නම් ෆ්ලෝරයිඩ් සංඝටකය අඩංගු දන්තාලේපයක් ලබාදීම ගොඩක් වැදගත් වෙනවා. එවගේම දරුවන්ගෙ දත් වෙනුවෙන්ම සාදා ඇති මෘදු සංයොගයක් ඇති සීනි රහිත දන්තාලේපයක් තෝරා ගැනීමත් වඩාත් වැදගත්.

ක්ලෝගාඩ් චුටි කියන්නෙ දරුවන්ට ඉතාම ප්‍රිය crazy Strawberry සහ Magic Mango රස දෙකෙන්ම වෙළඳපොලට එන ළමයින්ගේ දත් වෙනුවෙන්ම සකස් කර ඇති පලමු ශ්‍රී ලාංකිය දන්තාලේපයයි. ක්ලෝගාඩ් චුටි එක්ක දත් මැදිම දරුවන්ට තව දුරටත් වෙහෙසකාරි අත්දැකීමක් නොවේ.

ෆ්ලෝරයිඩ් අඩංගු දරුවන්ගෙ දත් සහ විදුරුමස් වලට යෝග්‍ය වන මෘදු සංයොගයකින් සකස් කර ඇති ක්ලෝගාඩ් චුටි වල සීනි අඩංගු නොවන අතර පුංචි දත් සවිමත් කරයි. එබැවින් ක්ලෝගාඩ් චුටි දන්තාලේපය ඔබේ දරුවාටත් භාවිත කර දරුවාගෙ මුඛ සෞඛ්‍යය කුඩා කල සිටම රැක ගන්න.

Share Now

Related Article