ඔබේ දරුවාගේ කායික මානසික වර්ධනයට ඔබ තෝරාගන්නා ඩයපර් පෑන්ට් වර්ගය බලපෑමක් කරන බව දැන සිටියාද?

Sep 20, 2019

පළවෙනි අවුරුදු 5 කියන්නේ දරුවෙක්ගේ මොළයේ වර්ධනයට සෘජුව දායක වෙන කාලයක්. මේ කාලයේදී පොඩ්ඩා සුවෙන්, සනීපෙන්, පහසුවෙන් ඉන්නවා වගේම දුවන, පනින කායික ක්‍රියාකාරකම් අත්හදා බලන එකත් ගොඩක් වැදගත්. ඒ ක්‍රියාකාරකම් එක්ක දරුවාගේ චාලකමය හැකියා (Motor Skills) වර්ධනය වෙනවා. බුද්ධිමත් දරුවෙක් ලබන්න නම් එයා කායිකව සුව පහසුවෙන් ඉන්න ඕනේ. ඒ නිසාම බාධාවක් නැතුව එයාලට සෙල්ලම් කරන්න, දඟලන්න ඉඩ හදල දෙන්න ඕනේ. ඔබ තෝරා ගන්නා ඩයපර් පෑන්ට් වර්ගයත් දරුවාට සැහැල්ලුවෙන් කරදරයක් නැතුව කායික ක්‍රියාකාරකම් වල යෙදෙන්න හොඳ සහයෝගයක් දෙනවා. ඒ නිසා හොඳ ඩයපර් පෑන්ට් එකක ලක්ෂණ ගැන අපි දැනුවත් වෙමු.

Continue Reading Below

babydiper

දරුවා සාමාන්‍යයෙන් මාස පහක් වගේ වෙද්දී ඩයපර් එකක් අන්දවන එක අම්මට ලොකුම කරදරයක් වෙනවා. ඒ නිසා ඒ වෙද්දී ඩයපර් පෑන්ට් එකට මාරු වෙන එක ගොඩක් පහසුයි. අනික මේ වයස වෙද්දී අලවන ඩයපරය ගලවන්නත් පොඩ්ඩෝ දක්ෂයි. දරුවාට පහසුවක් වෙන්න අන්දවන ඩයපර් පෑන්ට් එකක තියෙන්න ඕනේ ලක්ෂණ මොනවද කියල දැනුවත් වුනොත් ඔබට හොඳම එක තෝරා ගන්න පහසුවක් වෙනවා. අමතක කරන්න එපා වැරදි ඩයපර් පෑන්ට් එක දරුවාට අපහසුවක් දෙනවා විතරක් නෙවේ බබාගේ කායික ක්‍රියාකාරකම් සීමා වෙලා හැකියා වර්ධනයටත් බලපානවා.

පුංචි පැටියාට උපරිම සුවපහසුව දෙන ඩයපර් පෑන්ට් වර්ගය ලෙස බේබි ෂෙරමි ඩයපර් පෑන්ට් එක හඳුන්වන්නේ දරුවාගේ අපහසුතා මගහරවන ගුණාංග වලින් යුතු නිසාමයි.

1) තුනී බවෙන් වැඩි ඩයපර් පෑන්ට් එකක්

වෙළඳපොලේ තිබෙන බොහෝ නිෂ්පාදන මහතින් වැඩියි. මේවාට දියර පිරෙද්දී තවත් විශාල වෙලා එල්ලෙන්න පටන් ගන්නවා. එතකොට දරුවාගේ ක්‍රියාකාරකම් වලට බාධා පැමිණෙනවා. නමුත් තුනී බවින් වැඩි නිසාත් ඒ වගේම වැඩි උරාගනීමක් සහිත බව නිසාත් බේබි ෂෙරමි ඩයපර් පෑන්ට් එක වෙළඳපොලේ අනෙකුත් නිෂ්පාදන වලට වඩා වැඩි පහසුවක් දරුවාට ලබා දෙනවා.

2) කාන්දුවීම් වලට ඉඩක් නැත

බේබි ෂෙරමි ඩයපර් පෑන්ට් මතුපිට වියළි බව රඳවා ගන්නා අතර එහි ඇති විශේෂ උරාගැනීමේ හැකියාව නිසාම කාන්දු වීම් වලට ලක් නොවේ. කාන්දු වීම පහසුවෙන් සිදුවන ඩයපර් පෑන්ට් ඇන්දවීමෙන් ක්‍රියාකාරී වෙන වයසේ දරුවෝ අනතුරු වලට පවා ලක් විය හැකි ඉඩක් තිබෙනවා. තෙත් බවේ ප්‍රමාණය හඟවන wetness indicator එක ඇති නිසා නියම වෙලාවට ඩයපර් පෑන්ට් එක මාරු කරන්න අම්මට ඉඩක් ලැබෙනවා.

3) අසාත්මිකතා ඇති නොවන සුවපහසු කපු මතුපිටක්

විදේශවලින් ගෙන්වන ඩයපර් පෑන්ට් වර්ග එම රටවල දේශගුණයට ගැළපෙන්න හදලා තියන නිසා ඇතැම් විට අපේ දරුවන්ට අසාත්මිකතා විය හැකියි. නමුත් 100% ක් අපේම රටේ නිෂ්පාදනයක් වන බේබි ෂෙරමි ඩයපර් පෑන්ට් මුල සිටම අපේ රටේ උෂ්ණ දේශගුණයට ගැළපෙන්න හදල තිබෙන නිසා අසාත්මිකතා හට ගන්නේ නැහැ. එය කපු වැනි සුවපහසු මතුපිටක් සමග වාතාශ්‍රය හොඳින් ගමන් කළ හැකි අයුරින් නිපදවා තිබෙනවා.

ඔබේ දරුවාට බේබි ෂෙරමි ඩයපර් පෑන්ට් භාවිතා කිරීම මගින් බබාගේ සුව නින්දත් රැකෙනවා. දෛනික ක්‍රියාකාරකමුත් වර්ධනය වෙනවා. දරුවාගේ බුද්ධි වර්ධනයට එයින් ලැබෙන පිටුබලය ගොඩක් විශාලයි.

Share Now

Related Article