සිරුරේ රෝම ඉවත් කිරීමට ආරක්ෂාකාරීම ක්‍රමවේදය ගැන ඔබ දැණුවත්ද?

Jul 31, 2020

සිරුරේ පවතින අනවශ්‍යය රෝම වනිතා ඔබේ සුන්දරත්වයට බාධාවක් වෙනවා. සිරුරේ අධිකව රෝම පැවතීම පුරුෂයෙක්ට සුන්දර වුනත් කාන්තාවන්ට ගෙනෙන්නේ අවලස්සනක් පමණයි. මේ නිසා බොහෝ කාන්තාවන් අද වෙද්දී පෙළඹිලා ඉන්නේ අනවශ්‍යය රෝම ඉවත් කිරීමටයි. නමුත් වැක්ස් සහ වෙනත් රසායන ද්‍රව්‍ය මගින් රෝම ඉවත් කිරීමේ දී ඇතිවෙන සෞක්‍යය ගැටළු සහ රූපලාවන්‍යාගාර වලට වැයවන අධික වියදම නිසා බොහෝ දෙනෙක් මේ වෙද්දී නිවසේදීම රෝම ඉවත් කරගන්න වඩා පලදායී ක්‍රම ගැන හොයමින් ඉන්නවා. ඉතින් Goodhousekeeping.lk පාඨක ඔබට මේ ලිපිය මහත් අස්වැසිල්ලක් වේවි.

Continue Reading Below

දැන් පවතින කොවිඩ් -19 වෛරස ආසාධන තත්වය එක්ක සැලුන් එකකට යාමත් තරමක් අනතුරුදායකයි. තුවා සහ අනෙකුත් රූපලාවන්‍ය සත්කාර උපකරණ හැමෝටම පොදුවේ භාවිතා කරන නිසා වෛරස පැතිරීම ඉක්මන් වෙන්න ඉඩක් තිබෙනවා. බොහොමයක් රූපලාවන්‍යාගාර මගින් හිසකෙස් කැපීම වගේ සේවාවන් කීපයක් පමණයි ලබා දෙන්නේ. ඉතින් සිරුරේ තිබෙන අනවශ්‍ය රෝම ඉවත් කරලා ලස්සන ඉන්න හෙට ඉඳන් ගොඩක් පහසුයි.

රේසරය පිරිමින්ට විතරක් හදපු උපකරණයක්ද ?

වැක්ස් කිරීම වගේ වේදනාකාරී, මිල අධික , වෙලාව ගතවන, රසායන ද්‍රව්‍ය නිසා සමට බලපෑම් ඇතිවිය හැකි ක්‍රමවේද අනුගමනය කරන්න ලංකාවේ බොහෝ කාන්තාවන් පෙළඹෙන්නේ මිත්‍යා විශ්වාස නිසයි. පළවෙනිම මිත්‍යා විශ්වාසය තමයි රේසරයක් පාවිච්චි කරන්නේ පිරිමින් විතරයි කියන එක. වෙළඳපොලේ කාන්තාවන් වෙනුවෙන් විශේෂයෙන්ම නිපදවපු රේසර් පවා තිබෙනවා. Bic Twin Lady රේසරය ඒ වගේ කාන්තාවන් වෙනුවෙන් විශේෂයෙන්ම නිපදවපු රේසරයක්.

රේසරයක් මගින් රෝම ඉවත් කිරීමෙන් රෝම වැඩිපුර වැවෙන බව සමාජයේ තිබෙන මිත්‍යාවක්. මෙහි කිසිම විද්‍යාත්මක සත්‍යතාවයක් නැහැ. සෑම දින තුනකට වරක්ම රේසරය භාවිතයෙන් රෝම ඉවත් කිරීම මගින් සමේ සුසිනිදු බව රැකෙනවා.

ආරක්ෂිතම ක්‍රමය රේසරය බව ඔබ දැන සිටියාද?

ඔබේ සම තමා ඔබේ සිරුරේ තිබෙන විශාලම අවයවය වෙන්නේ. එයින් ඔබේ සිරුර බාහිර දෙයින් ආරක්ෂා කරනවා. ඉතින් ඒ සමට රසායන ද්‍රව්‍ය යෙදීම ඇතැම් කාන්තාවන්ට අහිතකරයි. එයින් අසාත්මිකතා හටගන්නවා. ඒ වගේම වැක්ස් මගින් ඇදීමට ලක් වීමේදී සමේ රෝම කූප විවුර්ත වෙනවා. සම ඇදිලා ගිහින් ඉක්මනින් රැලි වැටිලා වයසක පෙනුමක් එනවා. එයින් සම තුළට නොයෙක් විෂබීජ ගමන් කිරීම නිසා සම ආසාධනයට ලක් විය හැකියි. ඒ වගේම මේ ක්‍රම අනුගමනය කරන විට දැඩි වේදනාවක් දැනෙනවා වගේම වියදමකුත් යනවා.

නොයෙක් රසායන ද්‍රව්‍ය වෙතට ඔබේ සම නිරාවරණය කිරීම කොහෙත්ම සුදුසු නැහැ. ඇතැම් නිෂ්පාදන වල තහනම් රසායන ද්‍රව්‍ය පවා අඩංගු වෙනවා.

රේසරය ආරක්ෂිතයි, වේදනාවෙන් තොරයි, වියදම අඩුයි ……

රෝම ඉවත් කිරීමට ලොව පුරා ජනප්‍රියම ක්‍රමය රේසරය මගින් ඉවත් කිරීමයි. රේසරය මගින් අනවශ්‍ය රෝම ඉවත් කිරීම ඉතා අඩු මිලක් වැය වන, ඉතාම ආරක්‍ෂිත, වේදනාව අඩුම ක්‍රමවේදයක් වන නමුත් ලාංකික කාන්තාවන් රේසරය මගින් රෝම ඉවත් කිරීමට මැලි වෙන්නේ නොයෙක් මිත්‍යා විශ්වාස නිසා වගේම රේසරයෙන් රෝම ඉවත් කිරීමේ නිසි ක්‍රමය ගැන දැණුමත් නැති නිසයි. අද අපි එකින් එක ඒ ගැන කතා කරමු. හෙට සිට ඔබේ සිරුරේ රෝම තව දුරටත් ඔබට ගැටළුවක් නොවේවි.

රේසරය භාවිතාවෙන් රෝම ඉවත් කරන නියම ක්‍රමය මේකයි ….

• රෝම ඉවත් කරනා ප්‍රදේශය මද උණුසුම් වතුරින් තෙත් කරන්න. උණුසුම් ජලය භාවිතා කිරීමේදී රෝම ඉවත් කිරීමේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු වන අතර ශරීරයේ මැරුණ සම, කුණු , දූවිලි වැනි බාහිරතා පහසුවෙන් ඉවත් වේ.

• වෙළඳපොලේ රෝම ඉවත් කිරීමට භාවිතා කරන Shaving Foam හෝ සබන් පෙන ආලේප කිරීමෙන් පසුව අලුත්ම රේසරයක් අරගෙන සැහැල්ලු ලෙස රෝම ඉවත් කරන්න. බොහෝ දෙනෙක් අපහසුවට ලක් වෙන්නේ සබන් කෙලින්ම සමේ ගැල්වීම නිසා සහ පරන රේසරයක් භාවිතාවෙන් රෝම බා ගැනීමට උත්සහ දරන නිසයි. එම නිසා හැම විටම කාන්තාවන් වෙනුවෙන් විශේෂයෙන් නිපදවා ඇති Bic Twin Lady වගේ රේසරයක් භාවිතා කරමින් Shaving Foam හෝ සබන් පෙන යොදා රෝම ඉවත් කර ගන්න. Shaving Foam එකක් භාවිතයෙන් ලැබෙන වාසි ගැන වෙනම ලිපියකින් ඉදිරියේදී පල කරමු.

• සාමන්‍යයෙන් මේ ක්‍රමය කකුල් , අත් , කිසිල්ල සහ බිකිනි ලයින් ( Bikini Line) එක වෙනුවෙන් භාවිතා කිරීම නිර්දේශ කරනවා.

• ඔබට සිනිදු සමක් පවත්වා ගැනීමට නම් සෑම දින තුනකට වරක්ම ස්නානය අතරතුර රෝම රේසරයක් මගින් ඉවත් කළ යුතුයි.

රේසර් කිරීමෙන් පසු සමේ සුමුදු බව රැකගන්න නම් හොඳට ස්ක්රබ් කරන්න …..

රේසර් කිරීමෙන් පසු ඔබේ ස්නානය අතරතුරම සම හොඳින් ස්ක්රබ් කිරීමෙන් ඉතා සුසුනිදු බවක් සමට ලැබෙන අතර රෝම කූප තද වීම , මතුපිටට ඉපිලීම වැනි අතුරු ආබාධ මගහැර ගත හැකිය.

ගෙදරම හදාගන්න කදිම ස්ක්රබ් එකක් …..

වෙළඳ පොලෙන් හොඳ බොඩි ස්ක්රබ් එකක් මිලදී ගැනීම පහසු වුනත් වඩා හොඳ ප්‍රතිපල ලැබීමට ගෙදරම ස්ක්රබ් එකක් හදාගන්න ඔබට පුලුවන්. වැයවෙන්නේ සුළු මුදලක්. හොඳ සීනි හැඳි 2 ක් , කෝපි කුඩු හැන්දක් පොල් තෙල් හැන්දක දියකර හොඳින් සිරුරේ විනාඩි කීපයක් ඇතිල්ලීමෙන් මැරුණ සම ඉවත් වී සම සුසිනිදු වේ. රේසර් කිරීමෙන් රෝම ඉවත් නොකළද සතියකට වරක් මෙම ස්ක්රබ් එක මගින් ඔබේ සිරුරම ස්ක්රබ් කිරීමෙන් වැලමිට, බෙල්ල , තට්ටම් වැනි ස්ථාන වල එකතු වී ඇති සම ඉවත් වී මුළු සිරුරටම හොඳ පැහැපත් බවක් එකතු වේ.

වෙනත් ක්‍රම වලට වඩා රේසරය හැම අතින්ම වාසි දායකයි…………..

දිනපතා වුනත් රේසරයක් මගින් රෝම ඉවත් කිරීම සමට හානිකර නැහැ. එය පැය ගණන් වෙලාව වැය නොවන ක්‍රමයක් නිසා ඔබට පහසුයි. රේසරයක් මගින් මුළු සිරුරේම රෝම ඉවත් කරන්න යන්නේ විනාඩි 10 ක් වගේ කාලයක් . රසායන ද්‍රව්‍ය සම මතට නොවැටෙන නිසා ඔබේ සෞඛ්‍යයට වඩා හිතකරයි. සමට වෙන හානි ඉතාම අඩුයි. වැය වන මිල ඉතාම අඩුයි වගේම වේදනාවක් ඇත්තෙම නැහැ. සිරුරේ ඕනෑම ස්ථානයකට සුදුසුයි.

සුන්දර ලාලිත්‍යවත් නාරි දේහයක් පවත්වාගැනීම තව දුරටත් හීනයක් නෙවේ. ඔබත් අදම Bic Twin Lady කාන්තා රේසරයක් මගින් සමේ රෝම ඉවත් කරන ක්‍රමය අත්හදා බලන්න.

Tags

Bic Lady

Share Now

Related Article