ගෘහණියන්ට ආදායමක් ලබන්න පුළුවන් ක්රම 8 ක්

Sep 24, 2020

කොතරම් උගත්කමක් තිබ්බත් සමහර කාන්තාවන් රැකියා වලට සමු දීල ගෙදර නතරවෙන්නේ දරුවන්ගේ සහ පවුලේ යුතුකම් ඉටු කිරීම වෙනුවෙන්. හැබැයි නිදහස් පුරවැසියෙක් ලෙස ඔබට නිවසේ සිටම ඔබේ වියදම් වෙනුවෙන් ආදායමක් උපයා ගන්න පුළුවන් නම් ඒක ලොකු ශක්තියක් නේද? ඉතින් අපි අද කතා කරමු ගෙදර ඉඳල ආදායමක් ගන්න කරන්න පුළුවන් දේවල් කීපයක් ගැන.

Continue Reading Below

1. Online Selling

ඔබට හොඳ සහ ඉල්ලුම් කළ හැකි නිෂ්පාදන එකතුවක් තිබේ නම් නිෂ්පාදන අන්තර්ජාලය හරහා විකිණීම ඉතා ලාභදායී ව්යාපාරයකි. EBay , ඇමසන් වගෙ ඊ කොමස් ස්යිට්ස් වලින් ඔයාට ඔයාගෙ බඩු විකුන්න පුලුවන්. එහෙමත් නැත්තම් ඔයාට ඩ්රොප්ශොපින්ග් ක්රමය උත්සහ කරලා බලන්න පුලුවන්. ඩ්රොප්ශොපින්ග් කියන්නෙ ඒකෙන් ඔයාට කරන්න තියන්නෙ ඔයාට එන ඇනවුම් කෙලින්ම නිශ්පාදකයට යොමු කරන එකයි.

2. Tuition Classes

මේකත් පහසුවෙන්ම ගෙදර ඉදන්ම කරන්න පුලුවන් දෙයක්. ඔයාගෙ දැනුම මට්ටම සහ ඔයා උගන්වන්න දක්ශ විශය මොකද්ද කියලා දැනගෙන ඔයාට පුලුවන් මේක කරන්න.

3. Content Writing

ලිපි ලිවීම කියන්නේ හොද ආදායමක් ලබන්න පුලුවන් දෙයක්. පුද්ගලික වෙබ් ස්යිට්ස් වලට, මැගසින්ස් වලට හරවත් අන්තර්ගතයක් ඇති ලිපි ලියලා ගෙදර ඉදන්ම ඔයාට හොද ආදායමක් ලබා ගන්න පුලුවන්.

4. Data Entry

ඩේටා එන්ට්රි ගැන ගොඩාක් තොරතුරු ඔයාලාට පොඩි ගූගල් සර්ච් එකක් කරොත් දැනගන්න පුලුවන්. සරලව කිවුවොත් මෙතනින් වෙන්නෙ විශාල ආයතන වල, ෆොර්ම්ස් වගෙ දේවල් ෆිල් කරන එක. එම ආයතනයෙ පොඩි පොඩි ඇඩ්මින් ජොබ්ස් ඔන්ලයින් කරන එක. නිකන්ම ගෙදර ඉන්නවාට වඩා ආදායමක් ලබන්න මේකත් හොද ක්රමයක්. විශේෂයෙන්ම ඒ ලෙවල්ස් එහෙම ඉවර වෙලා ගෙදර ඉන්න නන්ගිලාට මෙක හොද වැඩක්.

5. Match Making

මෙක ඉතින් තෙරෙන සින්හලෙන් කුවොත් මගුල් කපු කම්. ඒත් දැන් ඉස්සර වගෙ කපුවො ගෙවල් ගානෙ ගිහින් මගුල් හොයන්නෙ නෑනෙ. මේකත් ඔයාලට ඔන්ලයින් කරන්න පුලුවන් හොද බිස්නස් එකක්. හැබැයි ඉතින් කන්ඩිශන්ස් වල මෙන්ශන් කරන්න “ No After service” කියලා.

6. Food Service

ඔයාලා හැමෝම ඉතින් දන්නවනෙ මේක බොහොම හොදට ආදායම් ලබන්න පුලුවන් දෙයක් කියලා. හැබැයි මෙහෙම බිස්නස් එකක් කරනව නම් මතක තියාගන්න ආහාර වල ගුනාත්මක බව සහ රසය දිගටම ප්වත්වාගෙන යන්න. ඒ වගේම හැම තැනම විකුන්න නැති කෑම එකක් හදලා දෙන්න පුලුවන් නම් ඔයාට ඉක්මනින්ම ඔයාගෙ කස්ටමර් බේස් එක හදාගන්න පුලුවන්.

7. Homemade Products

මෙ දවස් වල ඔන්ලයින් රිසර්ච් කරනකොට මට තේරුන දෙයක් තමා මිනිස්සු ගොඩාක් ස්වභාවික නිශ්පාදන වලට කැමති කියලා. විශේෂයෙන්ම රූපලාවන්යය නිශ්පාදන උනත් ඔර්ගනික් සහ ආයුර්වේද නිශ්පාදන භාවිතයට වැඩි ඉල්ලුමක් තියනවා. ඉතින් ඔයාලට පුලුවන් මේ වගෙ පුන්චි බිස්නස් එකක් පටන් ගන්න.

උදා: මේ ළඟදි මම ලන්කාවෙ බ්රෑන්ඩ් එකකින් එයාලගෙ ඔරෙන්ජ් පීල් පේෂල් පැක් එකක් ගෙදරට ඩිලිවර් කරගත්තා. එකෙ මිල 1,800ක් ඩිලවරි ගාස්තුවත් එක්ක. ඒත් ඒකෙ තිබුනෙ දොඩම් පොතු වේලලා ඒක හොදට කුඩුකරලා ලස්සන කවරයක දවටලා. ඉතින් ඔයාලටත් පුලුවන් මෙන්න මේ වගෙ දේවල් හෝම් මේඩ් නිශ්පාදන වෙලද පොලට නිකුත් කරලා බලන්න.

8. Sewing and alternation

අපි හැමොටම හොද ටේලර් කෙනෙක්ගෙ අවශ්යතාවය තියනවනේ.. ඉතින් ඔයා මැහුම් වලට දක්ශ කෙනෙක් නම් ඔයාට පුලුවන් ගෙදරම මහන්න. නැත්තම් මැහුම් පන්ති පවත්වන්න. ඒ වගෙම බ්ලොගින් සහ යූ ටියුබ් කියන්නෙත් ආදයමක් ලබන්න පුලුවන් ක්රම දෙකක්. නමුත් මුල් කාලයෙ ඔයාට ගොඩක් මහන්සි වෙන්න වෙනවා ඔයාගෙ ෆෑන් බේස් එක හදාගන්න.

ඔයාලා දන්නවද ලොකයේ දක්ෂතම ව්යවසායකයන් කාන්තාවන් බව? ඔයාගෙ නිර්මාණශීලී බව, උනන්දුව, කැපවීම තියනවා නම් ඔයාට කරන්න බැරි දෙයක් නෑ. ගෙදර ඉදන් අනේ මටත් සල්ලි ටිකක් තිබුණා නම් කියල හිත හිත ඉන්නෙ නැතුව මේ වගෙ පුන්චි බිස්නස් එකක් පටන් ගමු නේද?

Share Now

Related Article