කාගෙන්වත් යැපෙන්නේ නැති ශක්තිමත් කාන්තාවන් සතු ලක්ෂණ 8ක්

Jul 27, 2016

බොහෝ විට සමාජය කාන්තාවක් දිහා බලන්නේ සාපේක්ෂව දුර්වල අයෙකු විදිහටයි. ඔය නිසාම ගොඩක් කාන්තාවනුත් හිතාගෙන ඉන්නේ ඇත්තටම තමන් දුර්වලයි කියලා. අතීතයේ නම් වයස අවුරුදු 20 පිරෙන්න කලින් විවාහයක් කරගෙන ඉන් පස්සේ ලැබෙන දරුවෝ රැක බලාගෙන නිවසට වෙලා ඉන්න හැකියාව තිබුණත් වර්තමානයේ වෙනස් වෙලා තියෙන ලෝකය වගේම ජීවන රටා එක්ක කාන්තාවකට එහෙම ගෙදරට වෙලා ඉන්න පුළුවන් තත්වයක් නැහැ. ඒ නිසා තමන් දුර්වලයි කියල හිතන්නේ නැතුව ශක්තිමත්ව නැගී සිටින්න කාන්තාවන්ට පුළුවන් වෙන්න ඕන.

තමන්ගේ අවශ්‍යතා සපුරාගන්න කාගෙන්වත් යැපෙන්නේ නැතුව තමන්ම කීයක් හරි උපයාගෙන, පවුලට සවියක් වෙන්න කාන්තාවකට පුළුවන් නම් ඒක කොච්චර වටිනා දෙයක්ද? බලන්න ඒ වගේ ශක්තිමත් කාන්තාවෝ සතු පහත ලක්ෂණ ඔබටත් තියෙනවද කියලා.

Continue Reading Below

ඇය තමන් කවුද කියල හොඳින්ම දන්නවා

ශක්තිමත් කාන්තාවක් තමන්ට පුළුවන් දේවල් මොනවද, තමන්ට බැරි දේවල් මොනවද කියල හොඳටම දන්නවා. තමන්ගේ ශක්තීන්, දුර්වලතා හරියටම දන්න නිසා යන්නන් වාලේ නොයා තමන්ටම කියල ගමනක් හදාගන්න එයා දක්ෂයි.


ඇය හැමදාම අළුත් දෙයක් ඉගෙන ගන්නවා

ශක්තිමත් කාන්තාවක් කිසිම දවසක ඉගෙන ගන්න එක කරදරයක් කියල හිතන්නේ නෑ. දිනපතාම මොනවහරි ඉගෙන ගන්න ලැබෙන එක තමන්ට ලැබුණ ලොකු අවස්ථාවක් විදිහට එයා සලකනවා. ඒ ඉගෙන ගන්න දේවල් තමන්ගේ ජීවිතේට apply කරගන්නේ කොහොමද කියලත් එයා හොඳින්ම දන්නවා.


ඇය කාගෙන්වත් යැපෙන්න කැමති නැහැ

තමන්ට පුළුවන් විදිහට අනුන්ට යමක් දෙනවා මිසක් තමන්ගේ අවශ්‍යතා හැම එකක්ම, විශේෂයෙන්ම මුදල් අවශ්‍යතා සපුරාගන්න අනුන් මත යැපෙන්න ඇය පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒ වෙනුවට තමන්ට තියෙන විදිහට තමන්ගේ අවශ්‍යතා සපුරාගන්නයි ඇය කැමති.


ඇයට ජීවිතය ගැන ඉලක්කයන් තිබෙනවා

තමන්ට ලැබිලා තියෙන ජීවිතයෙන් හරියටම අවශ්‍ය මොනවද කියල ඇය දන්නවා. ඒ ඉලක්ක සපුරා ගන්න තමන් කරන්න ඕන මොනවද කියල සැලසුමකුත් ඇයට තියෙනවා.


ඇය ශක්තිමත් මිතුරු සම්බන්ධතා ගොඩ නගා ගන්නවා

ශක්තිමත් කාන්තාවකට මිතුරු මිතුරියන් විශාල ප්‍රමාණයක් නොසිටින්නට පුළුවන්. නමුත් ඉන්න මිතුරු මිතුරියක් කිහිප දෙනා එක්ක ඇයට තියෙන්නේ හරිම ලෙංගතු වගේම ශක්තිමත් බැඳීමක්.


ඇය හැකි සෑම විටම අනුන්ට උපකාර කරනවා

උපකාර අවශ්‍ය අයට හැකි අයුරින් උපකාරයක් කරන්න ශක්තිමත් කාන්තාවන් හැම වෙලේම සැදී පැහැදී ඉන්නවා. උපකාර කියන්නේ මුදල් පමණක් නෙවෙයි මානසික සහනය, ඇහුම්කන් දීම වගේ දේවල්ද මේකට අයත්.


ඇයට විශේෂිත වූ සිහින තිබෙනවා

අනාගතය ගැන සිහින දකින්නට වගේම බය නැතිව ඒ සිහින සැබෑ කරගැනීමට කටයුතු කිරීම ශක්තිමත් කාන්තාවන් සතු තවත් විශේෂිතම වූ ලක්ෂණයක්


ඇය අනෙක් කාන්තාවන්ට ශක්තිමත් වීමටත් උපකාර කරනවා

ශක්තිමත් කාන්තාවන් කිසිම විටෙක නැගී සිටින්න හදන වෙනත් කාන්තාවක් ගැන ඉරිසියා වන්නේ නැහැ. ඔවුන් සමඟ තරහ ගන්නෙත් නැහැ. ඒ වෙනුවට තම අත්දැකීම් බෙදා හදා ගනිමින්, උපදෙස් දෙමින්, හැකි අයුරින් උපකාර කරමින් ඒ වගේ කාන්තාවන්ටත් දියුණු වෙන්න කියා දෙනවා.

Share Now

Related Article