කුඩා දරුවන්ගේ ඔබ සැළකිළිමත් විය යුතු අමුතු හැසිරීම් 08 ක්

Jun 22, 2020

පුංචි දරුවන් කියන්නේ ඉතාමත් සංවේදී පිරිසක්. විවිධ අවස්තාවන්වල ට ඔවුන් ප්රතිචාර දක්වන ආකාරය වැඩිහිටියන් ට වඩා බෙහෙවින් වෙනස්. මේ ලිපිය, ඔබ අවධානය යොමු කළ යුතු කුඩා දරුවන්ගේ හැසිරීම් කිහිපයක් ගැනයි.

Continue Reading Below

01) බිළිඳුන් කේන්තියෙන් පහර දීම සහ සැපීම

නිතර කේන්ති ගෙන වඩාගෙන සිටින පුද්ගලයාට පහරදීම සහ සැපීම බොහොමයක් බිළිඳුන් අතර දැකිය හැකි දෙයක්. මේ අවධිය දරුවාගේ මොළය සංවර්ධනය වන අවධිය යි. මේ අවධියේදී ඔවුන් තර්කානුකූලව සිතීමට පටන් ගන්නා අවධියයි.

සැපීම සහ පහර දීම කියන්නෙ දෙමාපිය ඔබේ වරදකින් සිදුවන දෙයක් නොවේ. ඔබ ආදරෙන් දරුවාව සිප ගන්නාවිට පවා දරුවා ඔබට පහරදිය හැකියි.

මෙහිදී ඔබ කළ යුත්තේ පහරදීම් සපා කෑම් සිදු කරනවිට ඒ වෙනුවට වෙනත් සිප ගැනීම, අත්පුඩි ගැසීම වැනි පුරුදු දරුවාට පුරුදු කර නිතර නිතර දරුවා සමග එම ක්රියාවන්වල නිරත වීමයි.

02) ඉතාම සුළු දේටත් අධිකව හැඬීම

ඉතාම පුන්චි දේවල් වලටත් අධිකව හැඬීම කුඩා දරුවන් තුළ දැකිය හැකි ලක්ෂණයකි. ඔබ ලබා දෙන කෝප්පය එපා කීම, ඔබ අන්දන ඇඳුම ට අකමැති වීම, වඩා නොගැනීම වැනි ඉතාම සුළු දේවල් වලට පවා අධිකව හැඬීමට ඔවුන් පෙළඹෙනවා. මෙය කලබල විය යුතු දෙයක් නොවේ. මෙම අවධියේදී ඔවුන්ගේ හැඟීම් සංකිර්ණ වන අතර ඔවුනට හැඟීම් පාලනය කර ගැනීමට අසීරු වීම මෙයට හේතුවයි.

මෙවන් අවස්ථාවල කලබල නොවී ඔවුනට සිය හැඟීම් පිට කිරීමට අවස්ථාව දෙන්න. ඒ අතරම හැඬීම නුසුදුසු බවත් ඔවුනට වටහා දෙන්න. ඔවුන් ක්රියා කරන ආකාරය වැරදි බව ඔවුනට වටහා දෙන්න.

වාහනයට නැගීම, සපත්තු දමා ගැනීම, පොත් බෑගය සකස් කිරීම ආදිය ප්රතික්ෂේප කිරීම.

ඔබේ දරුවා මෙවැනි යම් යම් දේ කිරීම ප්රතික්ෂෙප කරනවාද? සපත්තු, පොත් විසි කරනවාද? මෙයට හේතුව ඔවුන් අධික මහන්සියට පත් වීම විය හැකියි. මෙවන් අවස්තාවල ඔවුනට මද විවේකයක් ලබා දෙන්න.ඔවුන් සමග ටික වෙලාවක් නිදහසේ සතුටින් ගත කරන්න. එවිට නැවත ඔබේ දරුවා ඔබේ බසට අවනත වේවි.

03) දරුවා නිතර රණ්ඩු කිරීම, අධිකව දිවීම, පැනීම ආදියෙන් අවිවේකී වීම

දරුවා සන්සුන් නොවී නිරන්තරයෙන් දුව පනිමින්, කලහකාරී ලෙස හැසිරීමත් අවධානය යොමු කළ යුතු කරුණකි. මෙයට හේතුව දරුවාට නිසි පරිදි ක්රියාකාරී වීමට අවස්තාවක් නොමැති වීම විය හැකියි. එනිසා මෙවන් අවස්තාවල දරුවා සමග ක්රීඩා පිටියට හෝ උද්යානයට ගොස් ඔවුනට ක්රියාශීලී වීමට ඉඩ ලබා දෙන්න.

04) නිරන්තරයෙන් සෙල්ලම් බඩු කඩා බිඳ දැමීම

ඔබේ දරුවා නිතරම ඔවුන්ගේ සෙල්ලම්බඩු කඩා බිඳ දමනවාද? ඉතා කේන්තියෙන් ඒවා විසි කිරීම පොළ්වේ ගැසීම වැනි දේ සිදු කරනවාද? මෙයට හේතුව ඔවුන් ට නිවස තුළ ම රැඳී සිටීම එපා වීම විය හැකියි. ඒකාකාරීත්වයෙන් මිදීමට අවශ්ය වූ විට ඔවුන් මෙවැනි හැසිරීම් පෙන්වයි.

මෙවන් අවස්තාවල ඔවුන් ගේ දින චර්යාව වෙනස් කරන්න. ඔවුන් සමග එළිමහනට ගොස් සෙල්ලම් කරන්න. නැතිනම් ඔවුන් සමග චිත්ර අඳින්න.

මුලින්ම ඔබ ඔවුන් ඉදිරියේ චිත්රයක් අඳින්න. එවිට පසුව ඔවුන් ද ඔබට එක් වේවි. අලුත් ක්රියාකාරකම් ඔවුන් සමග අත්හදා බලන්න. එහෙත් ඔවුනට බලකිරීමෙන් ද වළකින්න

05) හැමදේම ප්රතික්ෂේප කිරීම

ඔබේ දරුවා ආහාර ගැනීම, දත් මැදීම, ඇඳුම් ඇඳීම ආදී සියල්ල ප්රතික්ෂේප කරනවාද? ඔවුන් කිසිවකට කීකරු වන්නේ නැත්ද? මෙයට හේතුව ඔවුනට එම අවස්තාව පාලනය කිරීමට අවශ්ය වීම විය හැකියි. නැතිනම් ඔවුනට අවශ්ය දේ කෙසේ හෝ ඉටු කරගැනීමේ අවශ්යතාවය විය හැකියි.

මෙවන් අවස්තාවල ඔවුනට විසඳුම් දෙකක් ලබා දී ඉන් එකකට ඔවුන්ව කැමති කරවා ගන්න. උදාහරණයක් ලෙස එම අවස්ථාවේ ම ඔවුන්ගේ කාමරය පිරිසිදු කිරීම හෝ එළියට ගොස් පැමිණි පසු එය සිදු කළ හැකි බව පවසන්න. එවිට ඔවුන් ඉන් එකකට එකඟ වේ.

06) නිතර නිතර සෑම දෙයක් පිළිබඳවම බොරු කීම

කුඩා දරුවන් ඇතැම් අවස්ථාවල බොරු කීම සාමන්ය දෙයක්. එහෙත් ඔවුන් නිතරම බොරු කියනවා නම් එයට හේතුව ඔවුන් යම් කිසිවකට හෝ කෙනෙකුට බියෙන් පසුවීම විය හැකියි.

මෙවන් අවස්ථාවල ඔවුනට බැණවැදීමෙන් වැළකී ඔවුන්ගෙන් සත්යය කුමක්දැයි අසාගන්න. එම අවස්ථාවේ ම ඔවුන් සත්යය පැවසීම අගය කරන්න. දිගින් දිගටම මෙය සිදු කිරීමෙන් ඔවුන් බොරු කීමෙන් වැළකී සිටී.

07) දරුවා නිතර අන් අයට පහර දෙනවාද

දරුවන් සංකීර්ණ හැඟීම් සහ කේන්තිය පාලනය කර ගැනීමට ක්රම ක්රමයෙන් හුරු වේ. එහෙත් අවුරුදු 5 ට පෙර ඔවුන්ගේ සන්නිවේදන දරා ගැනීමේ හැකියා හොඳින් සවර්ධනය වී නැත. වැඩිමල් දරුවන් මෙසේ හැසිරිමට හේතුව බිය හෝ කනස්සල්ල විය හැකියි. එමෙන් ම ඔබදරුවාට දඩුවම් දෙන ආකාරයද මෙයට හේතු විය හැකිය.

මෙවන් අවස්තාවලදී දරුවන් ට වැඩිපුර සමීප වන්න. ඔවුන් සමීපව ඇසුරු කරන කවුරුන් හෝ මෙසේ කලහකාරී ලෙස හැසිරෙන්නේදැයි සොයා බලන්න. ඔවුන්ගෙන් දරුවා ඈත් කරන්න.

මෙවැනි අත්දැකීම් ඔබටත් තිබෙනවා නම් ඔබේ දරුවා ගැන විමසිලිමත් වී ඔවුනට වඩා සමීප වන්න. එමෙන්ම බොහෝ අස්වාභාවික හැසිරීම් පෙන්වනවා නම් ළමා රෝග වෛද්ය වරයෙක් වෙත රැගෙන යන්න.

Share Now

Related Article