දරුවන් ගැන පිට මිනිස්සු අසන ප්රශ්නවලට උත්තර දෙන නිවැරදි ක්රමය මෙන්න

Oct 15, 2020

ඔබ ඔබේ ජීවිතය සම්බන්ධව කෙතරම් සෑහීමකට පත් වුවත් අනෙක් අය ඔබ පිළිබඳ අසන ප්රශ්න නිසා ඔබ බොහෝ අවස්ථාවල අපහසුතාවයට පත් වී ඇති. එලෙස බාහිර පුද්ගලයන් නිතර අසන ප්රශ්නයක් තමයි ඔබේ දරුවන් පිළිබඳ ප්රශ්න. ඔබ දැන්ම දරුවකු ගැන සිතන්නේ නැත්තේ ඇයි? ඔබට දරුවෙක් ඉන්නවා නම් තව දරුවකු ගැන හිතන්නේ නැත්තේ ඇයි? මේ වගේ විවිධාකාරයෙන් ඔවුන් ඔබෙන් ප්රශ්න කරනවා නිසැකයි. අද අපි කියන්න යන්නේ මේ වගේ ප්රශ්නවලින් අපහසුතාවයට පත් නොවී ඒවාට පිළිතුරු දෙන විධිය යි.

Continue Reading Below

01) සෘජු, අවංක පිළිතුරක් දෙන්න

ඇයි තව දරුවෙක් ගැන හිතන්නේ නැත්තේ?

එක දරුවෙක් හොඳට ම ඇති.

තමන්ගේ තීරණය කෙළින් ම අවංකව පැවසීමෙන් මේ ප්රශ්න අසන පුද්ගලයන් තවදුරටත් ප්රශ්න ඇසීම වළක්වා ගත හැකි යි. ඔබට තවත් දරුවකු අවශ්යද නැත්ද යන්න ඔබේ තීරණයක්. ඒ පිළිබඳ අනෙක් අයට කරුණු දැක්වීමේ අවශ්යතාවයක් නැහැ. ඒ ඔබේ මව වුවත් ඒ පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය සම්පූර්ණයෙන් ම ඔබ සතු යි. එනිසා මෙවන් අවස්ථාවල නැවත ඒ පිළිබඳ නොඅසා සිටින්නේ නම් වඩා හොඳ බව පැවසීමටත් අමතක කරන්න එපා.

02) ඔවුන්ගේ ප්රශ්න විහිළුවට ලක් කරන්න.

ඇය ආත්මාර්ථකාමී කෙනෙක් වේවි.

ඔව්, ඒත් ඇය අනිවාර්යයෙන් ඇයට ඕන දේ කරාවි.

සමහර වෙලාවට ඔබ ඔවුනට සෘජු පිළිතුරක් ලබා දුන්නත් ඔවුන් එයින් නවතින්නේ නැහැ. ඔවුන් ඔබේ දරුවා පිළිබඳ විවිධ නොගැළපෙන දේවල් කියාවි. එවැනි අවස්ථාවල ඔවුන් කියන දේවල් විහිළුවකට ගැනීමෙන් ඔවුන්ව නැවැත්විය හැකි යි.

03) විශ්වාසය දනවන ස්ථිර පිළිතුරක් ලබා දෙන්න

දරුවා තනිවෙලා සෙල්ලම් කරන්නවත් කවුරුත් නැහැනේ.

එයා දන්නවා කොහොමද තනියම ජීවත් වෙන්නේ කියලා

පවුලේ එක් දරුවකු පමණක් සිටි පමණින් ඒ දරුවා තනි වී ඇති බව කීම සාධාරණ නැත. ඇතැම් විට කොතරම් පිරිස් සිටියත් අපි තනි විය හැකියි. එනිසා ඔබට එක් දරුවකු පමණක් සිටීමෙන් ඔවුන් තනි වන බව කෙනෙකු පැවසුවහොත් ඔවුන් වැරදි බවත් ඔබේ දරුවා පිළිබඳ ඔබට විශ්වාස බවත් පැහැදිලිව පවසන්න.

04) විද්යානූකූල පිළිතුරක් ලබා දෙන්න

එයාට කිසි දෙයක් බෙදා හදා ගන්න පුරුදු නැහැ

එයා ඒවා පාසලේ යාළුවන්ගෙන් හුරු වේවි

ඇතැම් පුද්ගලයන් ඉතා සරල විසඳුම් ඇති ප්රශ්න සම්බන්ධව අසා ඔබව අපහසුතාවයට පත් කිරීමට උත්සහා දර යි. එවන් අවස්ථවල ඔවුන්ට ඒ පිළිබඳ පැහැදිලි කර දෙන්න. එමෙන් ම ඔබේ දරුවාට බොහෝ යාළුවන් ඇති කරගත හැකි බව පහදා දෙන්න. එක් දරුවකු පමණක් සිටින පවුල්වල දරුවන් සහ සහෝදර සහෝදරියන් සිටින පවුල්වල දරුවන් අතර සමාජශීලී බවෙහි කිසිදු වෙනසක් නොමති බව පර්යේෂණයන් ට අනුව හෙළි වී තිබෙනවා. එනිසා ඔබ ඒ පිළිබඳ කනගාටු විය යුතු නැහැ.

05) වර්තමානයේ ඔබ සතුටින් ජීවත් වන බව පහදා දෙන්න

හදිසියේවත් ඔබේ දරුවා මැරුණොත්?

ඉන්න කාලය අපි සතුටින් ඉන්නවනෙ

අපේ ජීවිතය කවදා කොතැනකදී අවසන් වේවිද කියලා අපි කවුරුවත් ම දන්නෙ නැහැ. එහෙත් එක් දරුවකු මිය යාවි යැයි ඇති වන බිය තවත් දරුවකු බිහි කිරීමට සුදුසුකමක් නොවේ. එනිසා අන් අයගේ කතා පිළිබඳ අනවශ්ය ලෙස සිතීමෙන් වළකින්න.

06) ඔබේ හැඟීම් ප්රකාශ කරන්න

ඔයා හරිම ආත්මාර්ථකාමී යි.

ඔයාගේ වචනවලින් මට ගොඩක් දුක හිතෙනවා

ඇතැමුන්ගේ කතා නිසා ඔබ දැඩි කෝපයටත් දුකටත් පත් විය හැකි යි. ඒත් ඔබ ඒ අවස්ථාවේ කෝපයෙන් එයට පිළිතුරු දුනහොත් එය විශාල ගැටුමක් දක්වා දුරදිග යා හැකියි. එනිසා මෙවන් අවස්තාවල ඔබේ හැඟීම් ඔවුනට පවසන්න. ඔවුන්ගේ වදන් නිසා ඔබ දුකටත් කනස්සල්ලටත් පත්වන බව පහදා දෙන්න. එහෙත් ඔබ කේන්තියට පත්ව ඇති බව පෙන්වීමෙන් වැළකිය යුතු යි.

07) ඔවුනට පිළිතුරු දීමෙන් වළකින්න.

ඔයා කවදාහරි අදහස වෙනස් කරාවි.

මන් ගැන හිතනවට බොහොම ස්තූති යි

ඇතැම් අවස්ථාවල පිළිතුරු දීමෙන් වැළකී සිටීමත් සුදුසු යි. අනෙක් පුද්ගලයන්ට ඔබේ පෞද්ගලික තීරණ පිළිබඳ පැහැදිලි කිරීමේ අවශ්යතාවයක් නැහැ. එනිසා ඔබට අවශ්ය නම් ඔවුනට පිළිතුරු නොදී සිටීමත් කළ හැකි යි.

08) ඔවුනට ඔවුනගේ අදහස් පැවසීමට ඉඩ දෙන්න

ඔයා නැති දවසක එයා අනාථයෙක් වේවි.

ඇයි ඔයා එහෙම හිතන්නේ?

ඇතැම් අවස්ථාවල මෙවැනි පුද්ගලයන් සමග වාද කිරීමෙන් ඵලක් නැහැ. එනිසා ඔවුනට අවශ්ය දේ පැවසීමට ඉඩ දෙන්න. යම් දිනෙක ඔබ නැති වුවත් ඔබේ දරුවා තනි නොවන බව ඔබ සිහි තබා ගන්න. අනෙක් අය කුමක් සිතුවත් ඔබට අවශ්ය දෙයට මුල් තැන දෙන්න.

09) ඔවුන්ගේ ප්රශ්නයට ප්රශ්නයකින් පිළිතුරු දෙන්න

ඔයාට දැන් පිරිමි දරුවෙක් ඕනි නැත්ද?

මන් දන්නෙ නැහැ. ඇයි ඔයාට පිරිමි දරුවෙක් ඕන වුනේ?

ඇතැම් අවස්ථාවල පිළිතුරු දීමට වඩා ඔවුන් ඇසූ දේ සම්බන්ධව ම ඔවුන්ගෙන් ම ප්රශ්න කිරීම වඩා සුදුසු යි. ඇතැමුන්ගේ මෙම ප්රශ්න නිසා ඔබ ඔබේ තීරණය වෙනස් කිරීමට පවා සිතිය හැකි යි. ඒත් අනෙක් අය නිසා ඔබේ තීරණය වෙනස් කිරීම නුසුදුසු යි. එනිසා ඔවුන්ගෙන් නැවත ඒ පිළිබඳ ප්රශ්න කිරීමෙන් ඇතැම්විට ඔබටත් යම් අදහසක් ගත හැකි වේවි.

Share Now

Related Article