සහකරුට හෝ සහකාරියට ඔබේ ආදරේ පෙන්වන පහසු ක්‍රම 5ක්

Dec 31, 2015

ආදරය කරන්නවත් වෙලාවක් නැහැ’ විවාහයට පසු බොහෝ දෙනෙක් නගන මැසිවිල්ල තමයි ඒ. එහෙම මැසිවිලි නගන අයට පහසුවෙන්ම ආදරය කරන්න පුළුවන් ක‍්‍රම කිහිපයක් පෙනවාදෙන්නයි මේ සූදානම

Continue Reading Below


01 අවදානයෙන් සිටින බව දැනෙන්න ඉඩහරින්න

දිනපතාම අපිට කරන්න තියෙන වැඩ රාජකාරි අතරේ තමන්ගේ සහකරු හෝ සහකාරියටත් ඉඩක් වෙන්වෙන්න ඕනේ. තමන් ඇය හෝ ඔහු පිළිබඳව අවදානයෙන් සිටිනවබ පෙන්වීම ඒතරම් අපහසු දෙයක් නෙමෙයි. ඉතාම පුංචි මැසේජ් එකකින් පවා මේ පණිවුඩය දෙන්න පුළුවන්. ඔහුගේ හෝ ඇගේ අවශ්‍යතා පිළිබඳව සඳහන් කරලා ඉතාම කෙටි පණිවුඩයක් යැවීම වුණත් හොඳටම ප‍්‍රමාණවත්. මේ පණිවුඩය යවන්නේ face book ‚mobile phone‚ viber වැනි ඕනෑම මාධ්‍යයකින් වෙන්න පුළුවන්. “මේ තරම් වැඩ තිබිලත් ඔහුට මාව අමතක නැහැ”. “ඇය මං ගැන කොයිතරම් වෙහෙසෙනවද?”මේ හැඟීමම දෙපාර්ශවයේම ආදරය දළුලා වැඩෙන්න හේතුවෙනවා. අපි නොසිතන මෙවැනි ඉතාම පුංචි දෙයකින් හදවතට ආදරණිය පණිවිඩයක් දෙන්න පුළුවන්. සමහරවිට එවැනි හැඟීමක් ලොකු ප‍්‍රසන්ට එකක් වගේ දෙයක් තෑගි කළත් ලබාදෙන්න බැරි වේවි.

02 එකම වෙලාවක නින්දට යන්න

වෙලාව ගතවෙනවා ඊ ගහක් වගේ වේගයෙන්. අත්‍යවශ්‍යම දේවල් හුවමාරු කරගන්නවා හැරෙන්න කතාකරන්නවත් ඉස්පාසුවක් නැහැ. ඒ තමයි අපේ ජීවන රටාවේ හැටි. වගකීම වැඩිවෙනවා. ඒත් කාලය වෙනදා ප‍්‍රමාණයමයි. අපිට අපිව මගහැරෙන්නේ මෙන්න මේ අතිශය කාර්යබහුල ජීවන රටාව නිසයි. ඒත් එහෙමයි කියලා සහකරු සහකාරිය අතර තියෙන බැඳීම් දුරස් වෙන්න බැහැ. ඒ දෙදෙනා අතර ඉතාම සුහද කතාබහකට වෙලාවක් හදාගන්නේ කොහොමද? ඒ සඳහා නිදන කාමරය වඩාත් සුදුසුයි. හැකි හැම වෙලාවකම දෙදෙනාම එකම වෙලාවක නින්දට යන්න. එවිට නිදාගන්න තෙක් සුළු වෙලාවක් දවසේ විස්තර වගේ තව බොහෝ දේවල් කතාකරන්න පුළුවන්. ඔබ ඒ වටිනා කාලය අන්තර්ජාලයට, මුහුණුපොතට , රූපවාහිනියට වෙන්කරලා තියෙනවා නම් ඒ සියල්ලෙන් මිදිලා සහයෝගයෙන් නින්දට යන්න. කාර්යබහුල ලෝකයෙන් මිදිලා තමන්ගේ ආදරණියම සහකරු හෝ් සහකාරිය සමග තමන්ගේම ලෝකෙකට යන්න.

03 ඔහුගේ හෝ ඇගේ සේවය අගයන්න

අගයකිරීම, පිළිගැනීම, ස්තූති කිරීම කියලා කියන්නෙත් ඉතාම පහසුවෙන් ආදරය ප‍්‍රකාශ කළ හැකි ක‍්‍රමයක්. මේක ඇගේ හෝ ඔහුගේ වගකීමක් කියලා හිතන්නේ නැතිව දෙදෙනා වෙනුවෙන්ම කරගන්නා උදව් උපකාර සම්බන්ධයෙන් අගයකර ගැනීමට නිහතමානී වෙන්න ඕනේ. අද කෑම හරිම රසයි. ඔයා හැමදාම මගේ ඇඳුම් අය(ර්)න් කරලා දෙනවා. ඔයා අද හරි ලස්සනයි. මේ වගේ ඉතාම කෙටි ප‍්‍රකාශයකින් නිරායාසවම ආදරය හුවමාරු වෙනවා.

04 සංකීර්ණ අවස්ථා වලදී ඇයව හෝ ඔහුව මගහරින්න එපා

අපිට ඇතැම් වෙලාවට ජීවිතයේ විවිධාකාර ප‍්‍රශ්න වලට මුහුණදෙන්න සිදුවනවා. විශේෂයෙන්ම නිවසින් පරිබාහිරව මෙලෙස මුණගැසෙන ගැටළුකාරී අවස්ථාවකදි ඔබ අනිවාර්යයෙන්ම ගතයුත්තේ තමන්ගේ සහකරු හෝ සහකාරියගේ පාර්ශවයයි. සමහරවිට ඇය වැරදිවෙන්න පුළුවන්. ඒත් ඔබ එවැනි අවස්ථාවක ඇයව විවේචනයට නොයා යුතුයි. ඇය වෙනුවෙන් පෙනීසිටිය යුතුයි. මේ සඳහාද එතරම් කාලයක් ගතවන්නේ නැහැ.

05 ඔබයි ඇගේ රසිකයා – ඇයයි ඔබේ රසිකාවිය

ඔබ කරන කියන දේ සම්බන්ධයෙන් වඩාත් සතුටට පත්වන පුද්ගලයා ඔබේ සහකරු හෝ සහකාරිය බව අමතක කරන්න ඒපා. නමුත් ඒ බව ඇයට හැෙ`ගන්න ඕනේ. ඇගේ නිර්මාණ අගයන්න. ඔහුගේ කථා පිළිබඳ සතුටුවෙන්න. පුංචි මැසේජ් එකක්, ෆේස් බුක් කමෙන්ට් එකක් වුණත් ප‍්‍රමාණවත්. ඒ දේවල් අගය කරන්න. එවිට අනායාසයෙන්ම ආදරය හුවමාරු කරගන්න වෙලාව හොයාගන්න පුළුවන්.

Share Now

Related Article