කාලය ගත කර ගැනීමට පමණක් ඔබව ඇසුරු කරන පිරිමියෙකු හඳුනා ගන්න ලක්ෂණ 10ක් – 3 කොටස

Aug 8, 2018

පිරිමියෙකුව තේරුම් ගන්න ගන්න එක සමහර වෙලාවට හරිම අපහසුයි. එක් තරුණ ගැහැණු ළමයෙක් අපට ඇයගේ අත්දැකීමක් ගැන කිව්වා. ඇයට ඔහුව මුණ ගැහිලා තියෙන්නේ විශ්වවිද්‍යාලයේදී. ඇය කියනවා ඔහු තමාව ආශ්‍රය කළේ, තමා සමඟ උදේ හවස කතා කළේ, හොයලා බැලුවේ ගොඩක් ආදරණියවයි කියලා. නමුත් ටික දවසක් ගිහින් ඔහු වෙනත් කෙනෙකු සමඟ සම්බන්ධයක් ඇති කරගෙන. ඔබ ගැන ආදරයක් නොමැති, කාලය ගෙවා ගන්න පමණක් ඔබව ඇසුරු කරන පිරිමියෙක්ව ගති ලක්ෂණ වලින් කලින්ම හඳුනා ගැනීමට පුළුවන් නම් කාන්තාවන්ට මේ වගේ සිත් රිදවීම් වලට මුහුණ දෙන්නට සිදු වෙන එකක් නැහැ. ඉතින් අද අපි තීරණය කළා goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.

Continue Reading Below

ඔහු ඔබව මුණ ගැහෙන්නට එන්නේ ඔහුට අවශ්‍ය වෙලාවටයි. ඔහු ඔබ සමඟ වැඩි කාලයක් ගත කරන්නෙත් නැහැ
  • ඔහු ඔබව මුණ ගැසෙන්නේ ඔහුගේ සියලු වැඩ කටයුතු අවසන් වූ පසුයි.
  • මේ වගේ අවස්තාවක ඔබ හිතන්නේ ඔහු ගොඩක් කාර්යබහුල අයෙකු බවත්, ඔහුට විවේකි අවස්ථාවල ඔහු අනිවාර්යයෙන්ම ඔබව මුණ ගැසීමට පැමිණෙන බවත්ය.
  • නමුත් මෙහිදී ඇත්තටම සිදු වෙන්නේ ඔහු ඔබ වෙත පැමිණෙන්නේ ඔහුට අවශ්‍ය වෙලාවට පමණක් වීමයි. ඔහු පෙන්වන තරම් ඔහු කාර්යබහුල නැහැ. මිනිසුන් ප්‍රමුඛතාවය දෙන්නේ ඔවුන්ට වැඩි වැදගත්කමක් තිබෙන දේවල් වලට පමණයි. ඔහු ඔහුට අවශ්‍ය වෙලාවට පමණක් ඔබව ඇසුරු කරන අතරතුර, ඔහුගේ සැබෑ පෙම්වතිය ඇසුරු කිරීමට ඉතිරි කාලය යොදවනවා විය නොහැකිද?
ඔහු ඔබව ඔහුගේ මිතුරන්ට සහ පවුලේ සාමාජිකයන්ට හඳුන්වා දීමට මැලි වෙනවා
  • ඔබ ඔහුගේ හිතවතුන්ව සහ පවුලේ අයව කොහොමටවත් අඳුරන්නේ නැහැ. එහෙම නැත්තම් ඔබ ඔවුන්ව දකින්නේ ඉඳලා හිටලා. ඔහු ඔවුන් ඉදිරියේ ඔබට කිසිදු වැදගත්කමක් ලබා දෙන්නේ නැහැ. ඔහු ඔබට ලඟා වෙමින්, වැදගත්කමක් ලබා දෙන්නේ ඔබ තනිව සිටින අවස්ථා වලදී පමණයි.
  • මේ වගේ වෙනකොට ඔබ හිතන්නේ ඔහුගේ සිතේ විශේෂ හැඟීමක් ඇති නිසා ඔහු ඔබ ගැන පිටත ලෝකයට අනාවරණය කිරීමට කල් ගන්නා බවයි.
  • තමාගේ මිතුරෙකුව පවුලේ අයට සහ අනෙක් මිතුරන්ට හඳුන්වා දීමේ වරද කුමක්ද? ඔහු එසේ පසුබට වන්නේ ඔහු තුල ඔබ ගැන ඇත්තේ සැබෑ මිතුරුකමක්වත්, සැබෑ ආදරයක්වත් නොවන නිසායි. ඔහු ඔබව ඔහුගේ හිතවතුන්ට හඳුන්වා නොදෙන්නේ ඔවුන් ඔබ දෙදෙනා පෙම්වතුන් යැයි වැටහීමක් ඇති කර ගත හැකි වීම ගැන බිය වන නිසයි. ඔහුගේ හිතවතුන් හෝ පවුලේ අය ඔබව ඔහුගේ පෙම්වතිය/ මනාලිය වීමට සිටින තැනැත්තිය ලෙස සිතනවාට ඔහු කැමති නැහැ. ඒ ඔහු තුල කිසිදිනක ඔබව පෙම්වතිය හෝ මනාලිය කර ගැනීමට අදහසක් නොමැති නිසයි.
ඔහු ඔබ සමඟ අනාගතය ගැන කතා කරන්නේ නැහැ. අනාගතය ගැන කතා කිරීමට
ඔබට ඉඩ දෙන්නෙත් නැහැ.
  • ඔබ ඔබ දෙදෙනාගේ අනාගතය ගැන යම් දෙයක් පැවසීමට උත්සාහ කලත්, ඔහු බෙහෙවින් කෝපයට පත් වෙනවා. එහෙම නැත්තම් මඟ අරිනවා. “මම දන්නේ නෑ” වගේ ලේසි උත්තරයක් දීලා කතාව මඟ හරිනවා.
  • මේ වගේ වෙලාවක ඔබ හිතන්නේ ඔහුට ඔහුගේ ජිවිතයේ පෞද්ගලික ප්‍රශ්න ඇති බවයි. ඔහුට මුදල් ප්‍රශ්න ඇති නිසා ඔහු ආදරයක් ඇරඹීමට හෝ විවාහයක් සිදු කර ගැනීමට සුදානම් නැති බවකුයි ඔබට හැඟෙන්නේ. ඔහුගේ ගැටළු විසඳාගෙන ඔහු ඔබ සමඟ ගෙවන අනාගතය ගැන සැලසුම් කිරීමට පටන් ගනීවි යැයි ඔබ අපේක්ෂා කරනවා.
  • නමුත් ඇත්තටම සිදු වී තිබෙන්නේ, ඔහු තුල ඔබ සමඟ අනාගතය ගත කිරීමට කිසිදු අදහසක් නොමැති වීමයි. ඔබ අනාගතය ගැන කතා කිරීමට උත්සාහ කරද්දී ඔහු ඔබව වළක්වන්නේ ඒ නිසායි. ඔබ සිතන පරිදි ඔහු ඔහුගේ ගැටළු විසඳාගෙන, ඔබ වෙත කිසි දිනක පැමිණෙන්නේ නැහැ. ඔහුට ඔබව අවශ්‍ය වන්නේ කෙටි කාලීනව, ඔහුගේ කාලය ගත කිරීම පිණිස පමණයි.

මෙම ලිපියෙ පළමු කොටස සදහා පිවිසෙන්න –
කාලය ගත කර ගැනීමට පමණක් ඔබව ඇසුරු කරන පිරිමියෙකු හඳුනා ගන්න ලක්ෂණ 10ක් – 1 කොටස
මෙම ලිපියෙ දෙවන කොටස සදහා පිවිසෙන්න –
කාලය ගත කර ගැනීමට පමණක් ඔබව ඇසුරු කරන පිරිමියෙකු හඳුනා ගන්න ලක්ෂණ 10ක් – 2 කොටස

Tags

Love Lover

Share Now

Related Article