සහකාරිය කියනු ඇතැයි පිරිමින් රහසින් බලාපොරොත්තු වෙන දේවල් 10ක්

Jul 14, 2016

පිරිමි කියන්නේ කොහොමත් තමන්ගේ හැඟීම් වැඩිය පිටතට පෙන්නන්න කැමති ජාතියක් නෙවෙයිනේ. ආඩම්බරකමකට හරි වෙන මොකක්හරි ගෑණු නොදන්නා හේතුවකට හරි මෙයාලා ඉන්නේ ලෝකේ පෙරළුනත් අනේ අපිට නම් ගාණක් නෑ වගේ පෙන්නගෙන. එත ඉතින් මෙයාලත් කැමතියි තමන් කරන වැඩ අගය කරනවට, තමන්ට ලැබෙන්න ඕන ගරුත්වය ලැබෙනවට.

හිත යටින් බලාපොරොත්තු වුණත් අර ආඩම්බරේට අඩුවක් වේවි කියල කටින් නම් කවදාවත් කියන්න යන්නේ නෑ. ඒ නිසා එයාලගේ සහකාරියෝ වෙන ඔයාලා දැන ගන්න ඕන වචනයෙන් නොකිව්වත් පිරිමි අහන්නට බලාපොරොත්තු වෙන්නේ මොනවද කියල. මේවා ඉතින් එක එක්කෙනාගේ චරිත ස්වභාවය අනුව වෙනස් වෙනවා. හැබැයි ඕනෑම කෙනෙක් අහන්න බලාපොරොත්තු වෙන පොදු දේවල් කීපෙකුත් තියෙනවා. මේ ලිපියෙන් අපි අද කතා කරන්න යන්නේ අන්න ඒ කාරණා මොනවද කියන එකයි

Continue Reading Below


01.”මම දැනගෙන හිටියේ නෑනේ ඔයා මේවටත් දක්ෂයි කියල.”

ඔහු සාමාන්‍යයෙන් නොකරන දෙයක් කළාම අනිවාර්යෙන්ම මෙහෙම කියන්න ඔයා හිතට ගන්න ඕන. එතකොට එයාට එයා ගැනම ආඩම්බරයක් ඇතිවෙනවා විතරක් නෙවෙයි තව සෑහෙන දේවල කරලා ඔයාව පුදුම කරවන්නත් එයාට ඕනෑකමක් ඇති වෙනවා.


02. “මට ඔයා ගැන ආඩම්බරයි”

නොපෙන්නුවාට පිරිමි මේ කතාව තමන්ගේ සහකාරියගේ කටින් අහගන්න හරිම කැමතියි.


03. “ඔයා ගෙදර ආවද? මම පාළුවෙන් හිටියේ”

ඔයා නිතරම එයා ගැන හිතන බවත්, එයා එක්ක කාලය ගත කරන්න කැමති බවත් එයාට දැනෙන්නේ ඔහොම කියනකොටයි. එයාලා කැමතියි තමන්ගේ සහකාරියට තමන්ව නිතරම ඕනෑය කියන හැඟීම හිතෙන් විඳින්න. එයාල ඒකෙන් ලොකු සතුටක් ලබනවා.


04. “මට ඔයාව විශ්වාසයි”

තමන්ගේ සහකාරිය තමන්ව අවිශ්වාස කරනවා දකින්න කිසිම පිරිමියෙක් කැමති වෙන්නේ නැහැනේ. ඉතින් ඔයාට ඇත්තටම එයා ගැන කිසිම අවිශ්වාසයක් නැතුව ඇති. ඒ වුණාට ඉතින් ඒක හිතේ තියාගෙන ඉන්න ඕන නැහැ. එයාට කියල දාන්න.


05. “ඔයා හරි තීරණ ගන්න බව මම දන්නවා”

මේකෙන් එයාට දැනෙන්නේ ඔයාලා දෙන්න ටීම් එකක් කියල. එයා ගන්න තීරණ ඔයා විශ්වාස කරනවා වගේම බැරිවෙලාවත් ඒවා වැරදුණොත් සහයෝගයට ඔයා ඉන්නවා කියන හැඟීම එයාට දැනෙන්නේ එතකොටයි.


06. “ඔයා ළඟ ඉන්නකොට මට හරි ආරක්ෂාවයි”

පිරිමි හැමතිස්සෙම බලන්නේ තමන්ගේ සහකාරියට ලබා දෙන්න පුළුවන් උපරිම ආරක්ෂාව ලබා දෙන්න. ඉතින් තමන් තමන්ගේ සහකාරියට අවශ්‍ය තරමට ආරක්ෂාව ලබා දෙනවා කියන එක දැනෙන්න නම් ඔයා එයාට ඒක කියන්න ඕන. එයා සතුටු වෙන්නේ එතකොටයි.


07. “මම වැරදියි, මට සමා වෙන්න”

ගෑණු කියන්නේ තමන්ගේ අතින් ඇත්තටම වැරද්දක් වුණාමත් ඒක පිළිගන්න එච්චරම කැමති නැති අයනේ. මොකක්හරි කියල තමන්ගේ සහකාරයටම ආපිට ඒ වැරැද්ද පටවන්න ගෑණු හරි දක්ෂයි. ඒ වුණාට ඉතින් ඔයා අතින් ඇත්තටම වැරද්දක් වුණාම ඒක පිලිඅරගෙන සොරි කියන්න පුළුවන් නම් ඒක හරිම අගෙයි.


08. “ඔයාව බැන්ද එක ගැන මට හරිම සතුටුයි”

සමහර අය ඉන්නවනේ මොනවා හරි පොඩි රණ්ඩුවක් වුණ ගමන් ‘අයියෝ මම මොකට තමුසෙව බැඳ ගත්තද දන්නේ නෑ’ කියල කියවන්න ගන්න. අන්න ඒ පුරුද්දනම් එච්චර නෙවෙයි කොහෙත්ම හොඳ නැහැ. ඒ වෙනුවට ඔයා එයාව බඳින්න ගත්ත තීරණය ගැන සතුටු වෙනවා කියල එයාට කියන්න පුළුවන්නෙ. පොඩි පොඩි වැරදීම් ගණන් ගන්නේ මොකටද?


09. “ඔයා හොඳ තාත්තා කෙනෙක්”

පිරිමි මේ වචන ටික තමන්ගේ බිරිඳගෙන් අහගන්නත් හරිම කැමතියි.


10. “මට ඔයාව වටිනවා”

කියල විතරක් මදි ඔයාට එයාව වටිනවා කියන දේ එයාට දැනෙන්න අරින්නත් ඕන.

Share Now

Related Article