ඔබේ සැමියා සහ ඔබ අතර දැඩි විශ්වාසයක් පවතින බව පෙන්වන ලක්ෂණ 8 ක්

Feb 26, 2020

අඹු සැමියන් අතර පවතින සම්බන්ධයේදී ප්රධාන වන කාරණා 3 ක් තිබෙනවා. ඒ තමා යහපත් සන්නිවේදනය, එකිනෙකා කෙරෙහි ඇති ගෞරවය සහ අන්යොන්ය විශ්වාසය යන කාරනා තුන. එතනින් විශ්වාසය තමා විවාහයක් රකින ශක්තිමත්ම බැඳීම වෙන්නේ. ඔබ හෝ සහකරු අතින් අතීතයේ වැරදි වෙලා ඇති . නමුත් විශ්වාසය සහ බලාපොරොත්තු ඇතිකරගැනීම තමයි හොඳම දේ. මොකද ඒ දෙක නැතිනම් විවාහයකට ඉදිරි ගමනක් නැහැ. අපි Goodhousekeeping.lk වෙබ් අඩවිය පතන්නේ ඔබ හැමෝටම විවාහය නමැති උතුම් බැඳීම ශක්තිමත් කරගන්න ලැබේවි කියලයි.

Continue Reading Below

ඔබ දෙදෙනා අතර දැඩි විශ්වාසයක් පවතින බව හඟවන ලක්ෂණ එකින් එක කතා කරමු.

  • 1) ඔබ ඔබම වෙන්න බය නැහැ

    මනෝ විද්යාඥයන්ට අනුව සම්බන්ධතා වර්ග දෙකක් තිබෙනවා. පළමුවැන්න මනඃකල්පිත සම්බන්ධකම් වන අතර දෙවෙනි වර්ගය ස්වභාවික සම්බන්ධකම් වෙනවා. මනඃකල්පිත සම්බන්ධකම් වලදී එකිනෙකා සමාජ ආචාරධර්ම පාවිච්චි කරනවා. නමුත් ස්වභාවික සම්බන්ධයකදී අඹු සැමි දෙදෙනා එකිනෙකා කෙරෙහි සැබෑ ස්වරූපය පෙන්වන්න බය නැති වෙනවා.

    ඔබ අකැමති දෙයක් අකමැතියි කියන්න මැලි වෙන්නේ නැහැ වගේම අනික් කෙනා එය මහා ලොකු දෙයක් ලෙස ගන්නෙත් නැහැ. විනීත ආචාරධර්ම පසෙක තියල ඔබට ඕනේ දෙයක් කරන්න ස්වභාවික සම්බන්ධයක් තිබෙන දෙදෙනෙක් මැලි වෙන්නේ නැහැ. ඒ වගේම ශරීරයේ පෙනුම ගැන වුනත් ඔවුන් අතරේ ලැජ්ජාවක් නැහැ. උදාහරණයකට විශාල වුන උදරය හෝ අවලස්සන යමක් ඇතිනම් හඟවා ගැනීමේ අවශ්යතාවයක් නැහැ. ඔබ දෙදෙනා එකිනෙකාට 100% ක් විවෘතයි.

  • 2) එකිනෙකාගේ දවසේ විස්තර හැම එකම බෙදා ගන්නවා

    දැඩි විශ්වාසයෙන් ඉන්න යුවලක් සාමාන්යයෙන් දවසේ විස්තර එකිනෙකා සමග බෙදාගන්න නොයිවසිල්ලෙන් ඉන්නේ. වෙහෙසකර දවසකට පස්සේ එකිනෙකා ගේ සතුට සහ දුක ගැන සංවේදී වීම විශ්වාසයේ ප්‍රධානම ලක්ෂණයක්.

    ඔබ දෙදෙනා එකිනෙකාගේ ජීවිත ගැන උනන්දුවක් ඇතිකර ගැනීමෙන් දැඩි මිත්රත්වයක් වර්ධනය වෙනවා. සාමන්ය අඹු සැමි යුවලක් සහ දැඩිව එකිනෙකා විශ්වාස කරන යුවලක් වෙනස් වෙන්නේ මෙන්න මේ මිත්රත්වය නිසාමයි.

  • 3) අතීතය ගැන බෙදාගන්න දෙපාරක් හිතන්න ඕනේ නැහැ

    ඔබේ සැමියා ඔබ එක්ක ඔහුගේ අතීතයේ සිදුවීම් බෙදාගන්නවා නම්, ඔබටත් අතීතය බෙදා ගැනීමට බාධාවක් නැති නම් ඔබ දෙදෙනා එකිනෙකා තදින් විශ්වාස කරන බව කිව හැකියි. ඔබ විසින් පවසන කරුණු අරගෙන නැවත ඔබට දමාගහන්නේ නැහැ කියන විශ්වාසය ඇති වුනාම තමයි සාමන්යයෙන් අපි හැමෝම අතීතය බෙදාගන්න තරම් ආරක්ෂිත බවක් ඇති කර ගන්නේ.

    පරණ සම්බන්ධකම්, දෙමාපියන්ගේ වැරදි වගේ දේවල් බෙදාගන්න නම් අනිවා ඔබ දෙදෙනා අතරේ ලොකු විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. ඒ වගේම ඔබේ සැමියා තව කෙනෙක් සමග සංසන්දනය කිරීම තුලින් ඔහුගේ හිත රිදේවි. එම නිසා මිත්රත්වය වගේම වර්තමාන තත්වය ගැනත් කල්පනාවෙන් හැම දේම බෙදා ගන්න ඕනේ.

  • 4) ඔබ දෙදෙනාගේ ගිණුම් පොදු වීම හෝ එකිනෙකාගේ ATM Card / Credit Card ගැන දැණුමත් වීම

    ඔබට දැනටමත් තිබෙන්නේ Joint account නැත්නම් හවුල් බැංකු ගිණුම් නම් , එකිනෙකාගේ ATM Card වල පින් අංක දන්නවා නම් ඔබ දෙදෙනා අතර දැඩි විශ්වාසයක් ඇති බව කියන්න පුළුවන්. එහි අර්ථය ඔබ දෙදෙනා පවුලක් වශයෙන් පොදුවේ කටයුතු කිරීම සහ අමාරු අවස්ථා වලදී එකට සිටගන්නවා කියන එකයි.

  • 5) ඔබ දෙදෙනා එකිනෙකා පාලනය කරන්නේ නැහැ

    එකිනෙකාට නිදහසේ ගමන් බිමන් යන්න, හැසිරෙන්න ඉඩ දෙනවා නම් අහි අර්ථය ඔබ දෙදෙනා එකිනෙකා විශ්වාස කරන බව සහ සම්බන්ධය දෙදෙනාටම පහසු බවයි. ඔබ වරදේ නොබැඳෙන බව ඔහුට හොඳටම විශ්වාස නිසා තමයි ඔහු ඔබේ දුරකථන පරීක්ෂා නොකරන්නේ. ඔබේ නිදහස සීමා නොකර ඔබට කැමති ලෙස හැසිරෙන්න දෙන සහකරුවා අනිවාර්යයෙන්ම ඔබව විශ්වාස කරනවා.

  • 6) ඔබට පහසුවෙන් ෆෝන් එක ටැබ් එක ඇරලා දාල නිදහසේ ඉන්න පුළුවන්

    සාමාන්යයෙන් සමහර යුවලවල් රණ්ඩු ඇතිකරගන්න ප්රධානම හේතුවක් වෙන්නේ ජංගම දුරකථනය තුල ඇති ෆේස් බුක් සහ ඉන්ස්ටග්රෑම් ගිණුම් තමයි. ඒවා බයක් නැතුව සහකරු ඉදිරියේ ඇරලා දාලා යන්න පුළුවන් නම් වගේම අනික් කෙනා ඒවා බලන එකට විරුද්ධ නැතිනම් එහි අර්ථය ඔබ දෙදෙනා එකිනෙකාව හොඳින් විශ්වාස කරන බවයි.

  • 7) ඔබ දෙදෙනා වැරදි නම් පිළිගන්න සහ සමාව ඉල්ලන්න තරම් ශක්තිමත්ද ?

    එකිනෙකා අතින් සිදුවන වැරදි තේරුම් ගන්න, පිළිගන්න සහ සමාව ඉල්ලන්න තරම් දිරියක් දෙදෙනක් අතරේ තිබෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ දෙදෙනා අතරේ ලොකු විශ්වාසයක් තිබෙනවා. තමා අතින් සිදුවන වැරදි අවංකව පිළිගෙන අවංක සමාවක් ඉල්ලන්න තරමට සම්බන්ධය මෝරලා නම් ගැටුම් ඇතිවීම ගොඩක් දුරට අවම වෙනවා.

Share Now

Related Article