අනියම් සම්බන්ධකම් පවත්වන පිරිමි විවාහය හොඳින් ගත කරන්න හේතු 6 ක්

Feb 17, 2020

බොහෝ වෙලාවට අනියම් සම්බන්ධකම් එකක් හෝ වැඩි ගණනක් පවත්වන පිරිමි ඉතා හොඳින් විවාහ ජීවිත ගත කරනවා අපි දැකල තිබෙනවා. ඔවුන්ගේ මේ දෙබිඩි ජීවිත ඇතැම් විට හෙළි වෙන්නේ ඔවුන්ගේ මරනයෙනුත් පසුවයි. ඇතැම් වෙලාවල මේ දේවල් හසු වුනාම භාර්යාවෝ කියනවා ඔවුන් ගෙදරදී ඉතාම හොඳ ස්වාමිපුරුෂයන් වෙලා සිටිය බව. ඒ වගේම අනියම් සම්බන්ධකම් පවත්වන බොහෝ පිරිමි දික්කසාද වෙන්න කැමති නැහැ. මේ හැසිරීමට හේතු මොනවද කියල මනෝ විද්යාඥයන් පවසන්නේ මෙන්න මේ කරුණුයි.

Continue Reading Below

කරුණ කුමක් වුවත් අනියම් සම්බන්ධකම් මගින් සිදු වෙන්නේ විනාසයක් මිස යහපතක් නොවේ. එම නිසා පවුල් සංස්ථාවේ ගැටළුවක් තිබුනත් අනියම් සම්බන්ධකම් වෙතට නොයා විසඳා ගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ.

  • 1) ඔහුගේ නිවස තුල පවතින සුවදායක පරිසරය

    ඇතැමුන් අනියම් සම්බන්ධකම් පවත්වන්නේ ගෙදර පරිසරයේ ඇති ගැටළුවක් හෝ කටුකත්වයක් නිසා නෙවෙයි. ඔවුන්ට ජීවිතේ වෙනසක් අවශ්ය නිසා. ඔවුන්ට ඔවුන්ගේ විවාහක නිවස කියන්නේ සුවපහසු ස්ථානයක්. තම බිරිඳ නැතිව මේ වගේ සැප දායක ජීවිතයක් ඔහුට නොලැබෙන බව ඔහු දන්නවා.

  • 2) ඔහු වෙනසක් සෙවුවා විතරයි

    අනියම් සම්බන්ධයක් පවත්වන ලද එක්තරා මහත්මයෙක් ප්රකාශ කළේ ඔහු බිරිඳට ඉතාම ආදරේ බවයි. ගෙදර ජීවත් වෙද්දී නොනවතින වැඩ නිසා ඔහුට ඇවැසි මානසික තෘප්තිය නොලැබෙන බව ඔහු කීවා. ඔහු උත්සහ කරේ කෙටි කාලීනව තමන්ගේ මනස සතුටින් පුරවා ගන්නටයි. ඇතැම් පිරිමින් පහසුවෙන් මෙවැනි අපරික්ෂාකාරී ක්රියා වලට යොමු වෙනවා. නමුත් ඔහුගේ සැබෑ ආදරය හිමි වෙන්නේ බිරිඳ වෙතටයි.

  • 3) ගැටලුවකට පිළිතුරක් නොවන බව පසක් වීම

    ලිංගික බෙලහීනතාවයට පත් වුන එක්තරා සැමියෙක් බිරිඳගෙන් පරිබාහිර අනියම් සම්බන්ධයක් පැවැත්වුවා. ඔහු සිතුවේ එසේ කිරීමෙන් ඔහුට ඇති ගැටලුවට පිලියමක් ලැබෙන බවයි. මේ විදිහට කායිකව වගේම මානසිකව තමන් තුල පවතින ගැටළු වලට විසඳුම් ලෙස ඇතැම් පිරිමි සම්බන්ධකම් පටන් ගන්නවා. ඔවුන්ගේ විවාහය ඔවුනට ගැටළුවක් නොවේ. මූල්ය ගැටළු, රැකියාවේ ප්රශ්න වගේ දේවල් වලින් ඇතිවෙන මානසික ව්යාකූල බව සමනය කරගන්න පවා ඇතැම් පිරිමින් උත්සහ දරන්නේ වෙනත් සම්බන්ධතා මගිනුයි. මෙහිදීත් ඔවුනට බිරිඳගෙන් වෙන් වෙන්න අවැසි වෙන්නේ නැහැ.

  • 4) සමාජයෙන් එල්ල වන පීඩනය දරා ගන්නට නොහැකි වීම

    අනියම් සම්බන්ධකම් පවත්වන ඇතැම් උදවිය විවාහයෙන් වෙන් වෙන්නේ නැහැ ඔවුන්ට සමාජයෙන් එල්ලවන අපවාදයට බයෙන්. ඒ වගේම පවුලෙන් එල්ල වන පීඩනය නිසා ඔහු දිගටම විවාහයේ රැදී සිටින්නට උත්සහ දරනවා. දික්කසාද වීම අප වැනි සමාජයක සැලකෙන්නේ දරුණු අපරාධයක් ලෙසයි. ඉතින් ඇතැමුන් බිරිඳට වංචා කරමින්ම විවාහයේ රැඳෙන්න තීරණය කරනවා.

  • 5) දරුවන් සහ වෙනත් මූල්ය ගැටළු

    බොහෝ අනියම් සම්බන්ධකම් පවත්වන පිරිමි අකමැත්තෙන් වුනත් විවාහයේ රැඳිලා ඉන්නේ දරුවෝ නිසා. දරුවන්ට සිදු වෙන හානිය ගැන සිතල ඔවුන් විවාහයේ දිගටම රැඳෙනවා. නමුත් මේ අනියම් සම්බන්ධකම් හෙළි වෙද්දී දරුවෝ ඊට වඩා අපහසුකම් වලට මුහුණ දෙන බව ඔවුනට වැටහෙන්නේ නැහැ.

    බිරිඳ සමග ගත හවුල් නිවාස නය, දේපොළ හිමිකම් වගේ කාරනා මත සමහරු විවාහයේ රැඳෙමින් අනියම් සම්බන්ධතා පවත්වනවා.

  • 6) බිරිඳගේ වටිනාකම අවසානයේ තේරුම් ගැනීම

    බොහෝ වැරදි වැඩ කරන උදවිය තේරුම් ගන්නවා බිරිඳ තමා කෙරෙහි දක්වන ආදරය සහ එම ආදරය වෙනකෙනෙක්ගෙන් ලැබිය නොහැකි බව. එම නිසා ඔවුන් කෙසේ හෝ විවාහයේ රැඳෙන්න හිතනවා. ඒ වගේම බිරිඳට ඇති ආදරය මෙයින් තව තවත් වැඩි වෙනවා. බිරිඳගේ යහපත් පැත්ත දකිද්දී ඇතැම් ස්වාමි වරු වරදින් සදහටම මිදෙනවා.

Share Now

Related Article