පුතාලා ඉන්න දෙමව්පියන් අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණක්

Jul 1, 2016

කාන්තාවන්ට වගේම ගැහැණු දරුවන්ට වන ලිංගික අතවර පිලිබඳ නිරන්තරයෙන් වාර්තා වුවත් පිරිමි දරුවන් සම්බන්දව එවන් දේ වාර්තා වන්නේ ඉතාම අඩුවෙන්.

එහෙත් එයින් කියැවෙන්නේ නැහැ පිරිමි දරුවන් ලිංගික අතවරවලට ලක් නොවෙනවාය කියා. ඇත්ත තත්වය නම් පිරිමි දරුවනුත් විශාල වශයෙන් ලිංගික අතවරවලට ලක් වෙනවා. ඉතින් අප සිතුවා මේ ලිපියෙන් ඒ පිළිබඳව කතා කරන්න.

Continue Reading Below

පිරිමි දරුවන් අතිශය බහුතරයක් ඔවුන් ලිංගික අතවරයන්ට මුහුණ පෑ බව ප්‍රකාශ කරන්නට පෙළඹෙන්නේ නැහැ. ඒ වෙනුවට අපයෝජනය වීමෙන් ඔවුන්ට සිදු වූ මානසික පීඩනය පිට කිරීමට ඔවුන් තවත් අයට හිරිහැර කිරීමට පෙළඹෙන බව වෛද්‍යවරුන් පවසනවා.

වැඩිමහල් කාන්තාවන් අතින් මෙන්ම වැඩිමහල් පිරිමින් අතින්ද පිරිමි දරුවන් අපයෝජනයට ලක්වනවා. සමහරු සිතා සිටිනවා පිරිමි දරුවන් බලහත්කාරයෙන් පොළඹවා ගැනීමට නොහැකියි කියා. ඔවුන්ගේ තර්කය වන්නේ එසේ වීමට නම් ශිෂ්නයේ උද්දීපනයක් සිදු විය යුතු වුවත් පිරිමි දරුවාගේ සිතේ අකමැත්තක් ඇති විට එවැන්නක්සිදු විය නොහැකි බවයි. නමුත් එය සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්. මන්ද ශාරීරික ප්‍රතික්‍රියාවන් මානසික බලපෑමෙන් තොරව වුවද සිදු විය හැකි නිසා.

Care සංවිධානය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ බොහොමයක් පිරිමි දරුවන් අපයෝජනයට පත් වන්නේ තම පවුලේ අය අතින්මයි. මෙය ගැහැණු දරුවන්ද මුහුණ දෙන තත්වයක්. ඊට අමතරව පවුලෙන් පරිබාහිර පාසල්, ටියුෂන් පන්ති, ළමා සුරැකුම් මධ්‍යස්ථාන, තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන, ළමා නිවාස, ආගමික ස්ථාන සහ සම වයසේ අය අතින්ද පිරිමි දරුවන් අපයෝජනයට පත් වෙනවා.

එම සංවිධානය පවසන ආකාරයට මෙම අපයෝජනයන්ට කැමැත්තෙන් තොරව කලවා, තට්ටම්, වෘෂණ කෝෂ ඇල්ලීම, බලහත්කාරයෙන් තවත් කෙනෙකුගේ රහස් ප‍්‍රදේශ ස්පර්ශ කරවා ගැනීම වැනි විවිධ ක්‍රියාවන් ඇතුලත් වෙනවා. ඊට අමතරව අකමැත්තෙන් නිරුවත් ඡායාරූපැ බැලීමට පොළඹවා ගැනීමද මෙයට ඇතුලත්.

ඉහත කී සමීක්ෂණයට අනුව කොළඹ, හම්බන්තොට, නුවරඑළිය සහ මඩකළපුව යන දිස්ත‍්‍රික්ක හතරෙන් ලිංගික අපචාරයට වැඩි පුර ලක් වූ පිරිමි දරුවන් සිටින්නේ කොළඹ දිස්ත‍්‍රික්කයයි. නුවරඑළියේ සෑම තුන් දෙනෙකුගෙන් එක් අයකු මෙම තත්වයට මුහුණ දී තිබෙන බව Care ආයතනය පවසනවා. හම්බන්තොට හා මඩකලපුවේ මෙම අනුපාතය පිරිමි පස්දෙනෙකුට එක් අයෙක් ලෙසයි දැක්වෙන්නේ.

මෙම පිරිමි අය අපචාරයන්ට ලක් ව ඇත්තේ පවුලේ සාමාජිකයන් ඇතුළු ළමයා හොදින් දන්නා හඳුනන පුද්ගලයින් වන පවුලේ මිත‍්‍රයින් හා වයස් ගත පිරිමින්ගෙන් වීම කණගාටුවට කරුණක්. අද කාලයේ පිටස්තර පිරිමියෙකුටවත් පිරිමි දරුවෙකු ඕනෑවට වඩා ආශ‍්‍රය කිරිමට ඉඩ හැරිම අවදානම් බව තමයි මෙයින් පෙනී යන්නේ.

Share Now

Related Article