සාර්ථක විවාහයක රහස මාසෙකට දවස් 5 ක් වෙන් වී සිටීම විය හැකිද ?

Nov 27, 2019

අද කාලේ ගොඩක් දෙනෙක්ට දැනගන්න ඕනේ දෙයක් තමයි දිගුකල් පවතින සතුටුදායක විවාහයකට හේතුව මොකද්ද කියන කරනවා. මේ සම්බන්ධව අලුතින්ම කළ සමීක්ෂණයක් මගින් අලුත්ම කරුණක් හෙළි වෙලා තිබෙනවා.

Continue Reading Below

( වෙන් වී සිටින කාලය තුල යුවලක් එකිනෙකා කෙරෙහි වඩාත් ආශක්ත වේ )

නව පරීක්ෂණයක් මගින් හෙළි වෙලා තියනවා එක දිගට දවස් 5 ක් සහ රාත්රීන් 5 ක් වෙන් වෙලා සිටින අඹු සැමියන් වඩා සතුටුදායක විවාහ ජීවිතයක් ගෙවන බව.

මේ පරීක්ෂණය මගින් හෙළි වෙලා තිබෙනවා රාජකාරිමය හේතු මත මේ විදිහට ඈතට වෙන යුවල අතර සතුට වැඩියි කියල.

දෙදෙනෙක් අකිනේකාගෙන් වෙන් වෙලා ඉද්දි එකිනෙකාගේ අගය වැඩියෙන් දැනෙන්න ගන්නවා. ඒ වගේම එකිනෙකා නැති පාලුව තදින්ම දැනෙනවා. ඉන් පස්සේ නැවත හමු වුනාම වඩා සතුටින් ඉන්න ඒක හේතුවක් වෙනවා. හැබයි දීර්ඝ කාලයක් වෙන් වී සිටීම නම් කොහෙත්ම යුවලක් අතර ඇති සමගිය වැඩි වෙන්න හේතු වෙන්නේ නැහැ. එයින් දෙදෙනක් වඩා දුරස්ථ වෙනවා.

මේ සමීක්ෂනයට 2,000 කට වැඩි පිරිසක් සහභාගී වුන අතර මෙය පැවැත්තුවේ Traveloge මගිනුයි. තම සහකරුගෙන් දින පහක් පමණ ඉවත් වෙලා රාජකාරි කරන උදවිය දහ දෙනෙක් අතරින් හතර දෙනෙක් කීවේ ඔවුන්ගේ යුග දිවිය ඉතා සතුටින් ගෙවෙන බවයි. නමුත් සැමදා එකට සිටින යුවලවල් අතරින් 10 ට දෙදෙනෙක් පමණයි පවසා තිබුනේ ඔවුන් ඉතා සතුටින් බව. දවස් 5 ක් පමණ වෙන් වෙලා ඉන්න අඹු සැමියන් කීවේ කෙටිකාලීනව වෙන් වීම නිසා ඔවුනට තනි වෙන්න වෙලාවක් ලැබෙන එක ගොඩක් වටිනවා කියලයි. තමන්ට හුදෙකලා වීමට ඉඩක් ලැබීම පුද්ගලයෙක්ගේ මානසික නිරෝගී කමට ගොඩක් වැදගත්. වුර්තීය කටයුතු වලට වෙන් වෙද්දී අලුත් මිතුරන් හමු වීම, හෝටල වල රසවත් ආහාර පාන , පුංචි පුංචි දේවල් වලට රණ්ඩු සරුවල් නොවීම වගේ වාසිත් ලැබෙනවා.

ගොඩක් දරුවෝ ඉන්න දෙමාපියෝ කීවේ ටික කාලෙකට දරුවන් බලාගැනීමෙන් විවේක වීම නිසාත් ලොකු සහනයක් හිතට දැනෙනවා කියලයි. 21% පමණ පැවසුවේ ඔවුන්ගේ සහකරුවන් / සහකාරියන් පවා මේ වුර්තීය කටයුතු වලට වෙන් වීම වාසියක් ලෙස දකින බවයි. උදාහරණයකට සැමියා ගෙදර නැති වෙද්දී බිරිඳට වගකීම් වලින් සහනයක් ලැබීම, ගෙදර තමන්ට තනිව භාවිතා කළ හැකි වීම වගේ හේතු මත තමයි ඔවුන් මේ බව සඳහන් කළේ.

තමන්ට තමන් වෙනුවෙන් වැඩි වෙලාවක් ලැබීම, ගේ දොර වගකීම් වලින් කෙටි කලකට නිදහස් වීම වගේ දේවල් ඇත්තටම පවුලේ සතුට වැඩි කරනවා. සහකරුවන් දෙදෙනාට එකිනෙකා නැති පාළුව දැනෙද්දී ආදරය වඩා ශක්තිමත් වෙනවා.

ඔබේ විවාහ ජීවිතේ ඒකාකාරී වෙද්දී ඔන්න දැන් හොඳ විසඳුමක් තිබෙනවා. දවස් 5 ක් වගේ කාලයකට දෙදෙනා ටිකක් වෙන් වෙලා විවේකයක් ගන්න. එතකොට අර මගහැරුණ ආදරය නැවත පන ගසා ඒවි.

Share Now

Related Article