ඔබේ දුරකථනයත් විවාහයට හානි කරනවාද?

Jun 10, 2020

ස්මාර්ට් දුරකතන කියන්නෙ අද ඔබේ ජීවිතයට නැතිවම බැරි දෙයක්. මේවා නිසා අද බොහෝ කාර්යයන් ඉතාමත් පහසු වී තිබෙනවා. එහෙත් ස්මාර්ට් දුරකතන නිසා විවිධ ගැටළු ඇති වූ අවස්තා ද ඉතාම සුලභ යි. ඔබේ සම්බන්ධතාවයන් පළුදු වීමටහේතුවන වැරදි දුරකතන භාවිත පුරුදු ගැනයි අද අපි ඉදිරිපත් කරන්නේ.

Continue Reading Below

01. ඔබේ දුරකතනය ඔබේ සහකරුවාට/කාරියට නොපෙන්වීම

ඔබ ඔබේ ආදරණීයයා සමග සිටින විට ඔබ ඔබේ දුරකතනය දෙස බලාගෙන සිටිනවා නම් එය අනෙක් පුද්ගලයා කනස්සල්ලට පත් කිරීමට හේතුවක්. විශේෂයෙන්ම ඔබ ඔබේ දුරකතනයේ නරඹන දෙය ඔහුට හෝ ඇයට නොපෙන්වන්නේ නම් එහිදී විශ්වාසය පළුදු වීමට ඇති ඉඩ ද වැඩි වේ.

එනිසා මෙවන් අවස්තාවක ඔබ නරඹන දෙය අනෙක් පුද්ගලයා සමග ද බෙදා ගන්න. දෙදෙනා ම එක් වී සිනහ වෙන්න. එවිට කිසිදු ගැටළුවක් ඇති නොවේවි.

02. සෑම තැනකට ම යන විට දුරකතනය රැගෙන යාම

මෙය අපි හැමෝම අතින් සිදුවන වරදක්. අප කාමරයෙන් එළියට යන විට පවා අවශ්යතාවයක් නැතත් දුරකතනය රැගෙන යාමට පෙළඹෙනවා. අපට නොදැනුවත්ව ම පොඩි වෙලාවකටවත් දුරකතනය තනි නොකිරීමට අපි වග බලා ගන්නවා.

මෙය ඔබේ ආදරණීයයන්ට විවිධාකාරයෙන් බලපෑ හැකියි. ඔබ යමක් සඟවන බව සිතා ඔවුන් ඊර්ෂ්යාවක් ඇති කර ගනී. එවිට ඔවුන් ඔබව සැක කරයි.

ඒ වගේම ඔබ නිතරම දුරකතනය ඔබ අසළ තබා ගැනීමෙන් ඔබ දුරකතනයට ප්රතිචාර දක්වන ප්රමාණය වැඩි වේ. එවිට ඔබට ඔබේ ආදරණීයයන් මගහැරී යයි. මෙනිසා ඔබට ඔවුන් සමග ගත කිරීමට තිබෙන කාලය අවම වේ.

03. දුරකතනය සිය සහකරු තරමට ළං කර ගැනීම

නිරන්තරයෙන් දුරකතනයේ ඇලී සිටීම නිසා ඔබ අන් අය සමග කතා බස් කරනවිට පවා එයට නිසි අවධානය නොදෙයි. මෙය ඉංග්රීසියෙන් (Phubbing) ලෙස හඳුන්වයි. දෙදෙනා ම දුරකතනයට ඇබ්බැහි වී සිටියහොත් ඔබේ සබඳතාවය කුමක්දැයි නොදන්නා තරමට ම ඔබ සබෑ ලෝකයෙන් දුරස් වෙයි. මෙය ඔබේ ආදර සබදතා පමණක් නොව අනෙකුත් සබඳතා ද පළුදු වීමට හේතු වේ.

04. නොටිෆිකේෂන් (Notification) පිරික්සීමට ඇති අධික කුතුහලය

දුරකතනය අතේ තිබෙනවිට නිතරම එහි ක්රියාකාරී වීම නිතැතින් ම සිදුවන දෙයක්. එය තොරතුරු සාගරයක් වැනියි. එනිසා කෙටි පණිවිඩයක්, නොටිෆිකේෂන් එකක් ලද විගස එය කුමක්දැයි බැලීමට අප උත්සුක වනවා. ඔබ ආදරණීයයන් සමග සිටින විට මෙසේ කිරීමෙන් ඔබ ඔවුන්ට ලබා දෙන වටිනාකම අඩු වන බව ඔවුනට හැඟෙනවා. ඔවුන් වෙනුවෙන් ඔබ කාලය වැය නොකරන බව ඔවුනට දැනෙනවා. මෙය ඔබේ සබඳතා බිඳ වැටීමට හේතු වනවා.

05. රාජකාරී නොවන වෙලාවෙත් දුරකතනයෙන් රාජකාරී කටයුතු කිරීම.

අපගේ ජීවිතවල තිබෙන කාර්යබහුලත්වය නිසා ඇතැම්විට කාර්යාලයේ ඊ මේල් පණිවිඩයකට, දුරකතන ඇමතුමකට නිවසේදී පිළිතුරු යැවීමට අප පෙළඹෙනවා. එහෙත් මේ නිසා ඔබට නිවසේදී ඔබේ ආදරණීයයන් සමග ගත කිරීමට තිබෙන වෙලාව මගහැරෙනවා. මෙසේ සිදු කිරීම ඔබට පහසුවක් සහ සාමාන්ය දෙයක් වුවත් එය ඔබේ ආදරණීයයන් දුකට පත් වීමට හේතුවක්. එනිසා නිවසේදී රාජකාරී කටයුතු කිරීමට පෙර ඔබ සමග කාලය ගත කිරීමට ආසාවෙන් ඔබේ ආදරණීයයන් මග බලා සිටින බව සිහිපත් කරගන්න.

06. ආහාර ගන්නා අතර දුරකතනය භාවිතා කිරීම

අපගේ කාර්යබහුල ජීවන රටාව නිසා ආහාර ගන්නා අතරතුරත් දුරකතනයෙන් කුමක් හෝ වැඩක් කිරීමට අප පුරුදු වී සිටිනවා. එහෙත් ඔබ හා සිටින අනෙක් පුද්ගලයාට මෙය කරදරයක් විය හැකියි. විශේෂයෙන් ම රාත්රී ආහර ගන්නා විට මෙසේ කිරීම කොහෙත් ම සුදුසු නැහැ. මන්ද රාත්රී ආහාර වෙලාව කියන්නේ කාර්යබහුල දිනයකින් පසු පවුලේ සියලු දෙනා ට එක්ව ගත කළ හැකි වෙලාවක්. මේ වෙලාවෙදිත් ඔබ දුරකතනය භාවිතා කරනවා නම් එය ඔබේ ආදරණීයයන්ට කරන අසාධාරණයක්. එනිසා කෑම මේසයට යන විට දුරකතනය ඉවත් කිරීමට මතක තබා ගන්න.

07. ආදරය ප්රකාශ කිරීමට ඉමෝජි (Emojis) භාවිතා කිරීම

ස්මාර්ට් දුරකතන පැමිණීමෙන් පසු සංවේදි අදහස්, ආදරය ප්රකාශ කිරීමට ඉමෝජි භාවිතා කිරීමට අප පුරුදුව සිටිනවා. මුලින් මෙය ඉතා පහසුවක් වුණා. එහෙත් වර්තමානයේ මනෝ විද්යාඥයින් පවසන්නේ පුද්ගලයා සිය ආදරණීයයන්ට වඩා දුරකතනය සමග සබඳතා ගොඩනගා ගැනීමට මෙය හේතු වන බවයි. එහිදී සැබෑ පුද්ගල සබඳතා නිර්මණය නොවේ. එනිසා නිතර ඉමොජි භාවිතය සුදුසු නැහැ.

Share Now

Related Article