ඔබේ හොඳම මිතුරියත් ගැබිණියක්ද?

Oct 12, 2016

ඔබේ හොඳම මිතුරියත් ගැබිණියක්ද? එසේ නම් අනිවාරයෙන්ම ඔබට මේ අවදීන් සියල්ල පසු කරන්නට වෙනවා නිසැකයි.

ඔබටත් ඔබේ මිතුරියටත් ඔබේම වූ සුන්දර කාලයක් තිබී ඇතුවා නිසැකය.පුංචි පුංචි රහස්, හොර වැඩ, සාප්පු සවාරි , ඕප දූප ඔබ දෙදෙනා එක්වූ පසු කරන්න දෑ ඕන තරම්..හැබැයි ඈ දැන් ගැබිණියක්ද..එහෙනම් හොඳින් මතක තියා ගන්න.. වසර ගානක් ඔබ ඈත් සමඟ ගෙවූ කාලය උඩු යටිකුරු වෙන්නයි මේ හදන්නේ..

Continue Reading Below

01. සුභ නැකතින් සුභ ප්‍රවෘතිය

ළඟදී කසාද බැඳපු යාළුවෙක් ඉන්නවා නම් ඔබට සුභ නැකතින් මේ සුභ ප්‍රවෘත්තිය බස් එකේදී , කාර්යාලයේදී , නිවසේදී ඕනැම මොහොතක ලැබෙන්න පුළුවන්..සූදානමින් ඉන්න..ඔබ දිනක් ඇතුලත අගේ නිවසට ගොස් සතුට බෙදා නොගත්තොත් ඉස්සරහට ප්‍රශ්න ගොඩකට මුල පාදගන්නයි ඔය හදන්නේ.


02. ඇය තව දුරටත් ඔබ හොඳින් දන්නා යෙහෙළිය නම් නොවේ

“මම ගැබිණියක්” මේ වචන සෙට් එක ඔබ ඇසුවා නම් මේ ඔබේ පරණ යෙහෙළිය ඔබට මුණ ගැසෙන අවසාන දවස බව මතක තබා ගන්න.පසු දිනයේ සිට තවදුරටත් ඉන්නේ ඔබ හොඳින් දන්න හදුනන මිතුරිය නොවන බව හොඳින් දැන සිටීම ඔබට ඇගේ හදිසි වෙනස් වීම් වලට යහපත් ප්‍රතිචාර දැක්වීමට අනිවාරයෙන් උපකාරි වේවි.තව දුරටත් ඔබේ මිතුරියගේ පාලනය ඇයට අයිති නෑ.දැන් ඇයව පාලනය කරන් නේ කුස තුල සිටින පුංචි දඟ දාසයි.. දැන් ඉතින් උවමනා එපා කම් සියල්ලම එයාට ඕන හැටියට තමයි.


03. ඇයට අනුව ඔබ හාමතින්

ඔබ දෙදෙනා එකට එකතුව කල ආහාර පාලනය කිරීමේ සියලු සැලසුම් , අඩු කැලරි වට්ටෝරු දැන් ගඟේ ගිහින් කිඹුල්ලුත් ගිලලා හමාරයි.ඇය වැඩිපුර ආහාර ගිල දමන්නා සේම සම සමව ඔබටත් ආහාර ගැනීමට සිදුවීමේ ඛේදවාචකයෙන් ඔබ නූලෙන් හරි බේරුනොත් ඒ පූරුවේ වාසනාව.මොකද දැන් ඇයට සියළු දෙනාවම පේන්නේ මේ දැන් ඉතියෝපියාවෙන් ගොඩ බැහැපු හාමතේ ඉන්න සරණාගතයෝ වගේ..


04. අඬවැඩියාව වාන් දාන මුල් මාස හතර..

මේ ගෙවෙන්නේ පුංචි දඟ දාස බණ්ඩියට ඇවිත් මුල් මාස හතරද.. එහෙනම් ඉතිං වැඩිපුරම අහන්න දකින්න ලැබෙන්නේ දෙසැම්බර් වැස්ස වගේ චුරු චුරුව විතරයි..යසට හිටපු ගැණිට මේ මක් වුනාද කියලා ඔබටත් නිසැකවම හිතෙනවා නොඅනුමානයි..ගනන් ගන්න එපා..ඔය හෝමෝන් ඇඟ අතුලේ ජල්ලි අල්ලන කාලේ..ඔය හැම ඇඬියාවකටම වග කියන්න ඕනි ඒගොල්ලො තමයි. චැනල් මාරු කරනවා වගේ මූඩ් මාරු වීමත් හෝමෝන් දාන සෙල්ලම්ව් වල ප්‍රතිඵල තමයි


05. ඔන්න ඔබ පුල පුලා බලාන හිටි ඒ ඓතිහාසික දවස

මේ ඔක්කොම ජල්ලි අල්ලලා ඉවර උනාට පස්සේ එන්නේ පුංචි දඟ දාස එලියට එන දවස.සෑහෙන්න වදයක් දීලා එයා එලියට ආවට පස්සේ ඔන්න ඔයාට හොඳ හුස්මක් ගන්න පුළුවං.හැබැයි ඔක්කෝම ඉවරයි කියලනම් හීනෙකින් වත් හිතන්න එපා..!හපොයි උනු දේවල් දාහකින් සම්පතයි මේ වෙන්න යන දේවල් වලට වැඩිය.හැබැයි කොහොම මොනා සිද්ද උනත් චූටියා ඉස්සේල්ලම වඩා ගත්තු වෙලේ වචන වලින් විස්තරකර ගන්න අමාරු පුදුම ආදරබර හැඟීමකින් ඔබේ පපුව ඉතිරිලා යයි.ඒ අතරේම චූටියාව නුහුරට අල්ලන් ඉන්න ඔබ දිහා ඇස් යටින් බලාන ඉන්න ඔබගේ හොඳම මිතුරියගේ සැර බැල්ම මඟාරින්නත් ඔබට සිද්ධ වන වග නිසැකයි..ඔන්න ඉතින්ං දැන් ඔබට පුලුවන් හොදට හුස්මක් කාරිය අරගෙන ඊලඟ ලෝක යුද්දේට ලෑස්ති වෙන්න.. ඒ සෑහෙන්න අමාරු උනත් දැන් ඔබ කෝඩු කාරයෙක් නම් නෙවෙයි..ඔබට තියනවා හොඳ ගරිල්ලා පුහුණුවක්..

Share Now

Related Article