සැමියා / බිරිඳ ඔබට වංචා කරනවද කියල හරියටම දැනගන්නේ මෙහෙමයි

Mar 25, 2020

මානසිකව නිරෝගී කෙනෙක්ට තමන්ගේ සැමියා/ බිරිඳ ගැන සැක හිතෙන්නේ කලාතුරකින්. නමුත් ඔබේ හිත ඔබට ඒ වගේ දෙයක් ගැන අනතුරු ඇඟවෙනවා නම් ඒ ගැන හොයා බැලීම වටිනවා. මනෝ උපදේශකයන් විසින් දක්වන විදිහට විවාහයෙන් පරිබාහිර සම්බන්ධයක් පවත්වනවා නම් මේ ලක්ෂණ ඔහු/ ඇය තුල තිබේද කියා පරීක්ෂාවෙන් බලන්න ඕනේ.

Continue Reading Below

1) පෙනුම ගැන හදිස්සි උනන්දුවක් ඇතිකර ගැනීම

හදිස්සියේම හේතුවක් නැතුව ඔබේ සැමියා හෝ බිරිඳ පෙනුම ගැන අධිකව උනන්දු වෙනවා නම් එය සැකකටයුතු ලක්ෂණයක්. ඔබ ඉදිරියේදී සාමන්ය විදිහට සිටින කෙනෙක් වැඩට සහ වෙනත් ගමන් සඳහා හදිස්සියේ උනන්දු වෙනවා වෙනවා නම් ඒ ගැන සොයා බැලීම වටිනවා. අලුත් යට ඇඳුම් , ගැලපෙන ආයිත්තම් වගේ දේවල් ඔබව සතුටු කිරීමට හැර වෙනත් ගමන් වලට හදිස්සියේ යොදා ගන්නවා නම් යමක් තිබිය හැකියි.

2) රහසිගත දුරකථන භාවිතාව

ඔබේ සැමියා / බිරිඳ මෙතෙක්කල් පාස් වර්ඩ් නොදමා සිටි ෆෝන් එකට පාස් වර්ඩ් දානවද? මෙතෙක් කලක් තැන තැන අතහැරලා තිබුන ෆෝන් එක හදිස්සියේ පරිස්සම් කරන්න පටන් අරගෙනද? එහෙනම් සඟවන්න දෙයක් ඇති කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

3) අතුරුදහන් වෙන කාලපරිච්චේද

දුරකතනයට පිළිතුරු නොදෙන කාල වැඩි වෙලාද? කවදාවත් නොතිබුන මීටින් වැටිලද ? එහෙනම් ඒ ගැන දැනගැනීම වටිනවා. නමුත් මේවා සිදුවෙන්නේ ඇත්තටම කාර්යබහුල වීමක් , උසස් වීමක් ලැබීම වගේ හේතු නිසා නම් අනවශ්ය දෙකට බොරුවට සැක කිරීම හොඳ වැඩක් නෙවෙයි.

4) අඩු හෝ වෙනස් ලිංගික අත්දැකීම් ඇතිකරගැනීම

ඔහු/ ඇය අනියම් සම්බන්ධයක් පවත්වනවා නම් බොහෝ විට ඔබ සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීමට මැලි වෙනවා. ආකර්ශනය සහ සතුට වෙන කෙනෙක්ගෙන් ලැබෙද්දී එහෙම වෙන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ ඇතිවෙන රෝග පීඩා නිසාත් කෙනෙක්ට ලිංගික ඇසුර එපා වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ ඉවසීමෙන් ඒ ගැන සොයා බැලීමයි. හදිස්සියේ වැරදි වැටහීමක් ඇතිකර ගන්න එපා.

ඇතැම් විට මෙහෙම සිදු වෙන්නත් පුළුවන් අලුතින් ඇතිකරගත් වෙනසක් ඔබේ ලිංගික ජීවිතයට එකතු වෙනවා නම් විමසිල්ලෙන්. ඇතැම් විට ඔහුට/ ඇයට පරණ දේවල් ඒකාකාරී වීමක් විය හැකියි . නැතහොත් වෙනත් කෙනෙක් සමග අත්හදා බලන දේවල් ඔබ සමග කරනවා විය හැකියි.

5) ඔබේ වැරදි, අඩුපාඩු වැඩියෙන් පෙනීම

ඉස්සර වැරදි ලෙස නොදුටු දේවල් දැන් ඔහුට / ඇයට වැරදි වෙලා පේනවද? පොඩි දේටත් ඔබට දෝෂාරෝපණය කරන්න පෙළඹෙනවද? ඔබගේ ශරීරයේ ස්වභාවයන් ඔහු/ ඇය හිනාවට ලක් කරනවද? එහෙනම් ඔහුට/ ඇයට සංසන්ධනය කරන්න තව කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. මෙතෙක් කලක් හොඳ වුන ඔබ හදිස්සියේ වැරදි වෙන්න හේතුව මොකද්ද හොයල බලන්න.

6) පෙර නොවූ අපැහැදිලි වියදම්

හරි හේතුවක් කියන්න බැරි වියදම් ඔහුට / හෝ ඇයට තිබෙනවද? ඒ ගැන සැලකිලිමත් වෙන්න. සමහර විට ඔහු/ ඇය ඔබේ උපන්දිනය වෙනුවෙන් වටිනා ත්යාගයක් දෙන්න සල්ලි බඳිනවා වෙන්නත් පුළුවන්. ඒ නිසා හැම විටම අනියම් සම්බන්ධයක් කියා සැක කරන එක අසාධාරණයි.

7) ආදරනීයත්වය අඩු වීම

කාලය එක්ක ඕනෙම සම්බන්ධයක මුල් කාලේ තිබුන උණුසුම නැති වෙනවා. කාලය ගත අවෙද්දී අලුත් අලුත් දේවල් මගින් ඒ ආදරය අලුත් කරවා ගන්න දෙපැත්තෙන්ම වෙහෙසෙන්න ඕනේ . නැත්නම් මේ ඇල්මැරුණ ගති දිගටම තිබ්බොත් නොදැනීම ඔබේ කාලත්රයාගේ සිත වෙන කෙනෙක් වෙතට ඇදෙන්න පුළුවන්.

8) අනියම් සම්බන්ධකම් ගැන කතා කිරීමට ඇති අකමැත්ත

ඔබ කොයිම මොහොතක හෝ අනියම් සම්බන්ධකම් ගැන පොදුවේ කතා කරද්දී ඔහු/ ඇය දැඩි අපහසුවට ලක් වෙලා ඒ කතාව වෙනතක හරවන්න හදනවද? නැත්නම් නිහඩව ඉන්නවද? ඒ ගැනත් ටිකක් සැලකිල්ලක් දක්වන්න.

විවාහය වගේ සම්බන්ධයකදී සැකය හිතේ දරාගෙන නිතරම හොර අල්ලන්න පස්සෙන් යාම ගැලපෙන්නේ නැහැ. ඒ වගේමයි ඇහැට පේන දේවල් තිබෙද්දී ඔබ අන්ධව සිටීමෙන් යහපතක් වෙන්නෙත් නැහැ. ආදරය රැකගැනීමට වෙහෙසීම දෙදෙනා අතින්ම වෙන්න ඕනේ දෙයක්. ඒ වගේමයි මේ ලක්ෂණ 8 ම තිබුනත් සමහර විට අනියම් සම්බන්ධයක් නොතිබෙන්න පුළුවන්. එම නිසා හැම විටම නිවස සාමකාමී ස්ථානයක් කරගන්න උත්සහ දරන්න.

Share Now

Related Article