පවුල් ජීවිත අපායක් කරන බිරින්දෑවරුන්ගේ ගති ලක්ෂණ

Jan 4, 2016

සප්ත භරියා සූත්‍ර දේශනාවට අනුව යම් කෙනෙකුට අයහපත් බිරිඳක් ලැබුනොත් ඔහුගේ ජීවිතේ සතුට සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒ වගේම අයහපත් බිරිඳක් ලෙස කටයුතු කරොත් ඕනෙම කාන්තාවක් විශාල පාඩු වලට මුහුණ දෙනවා.

සමාජයේ අපවාදයට ලක් වීම, සැමියාගේ ආදරය අහිමි කර ගැනීම, දූ දරුවන් අනතුරේ වැටීම හා පවුලේ දියුණුව අදාල වීම මේ අතරින් විශේෂයි. ඔබත් මේ ලිපිය කියවල නරක සැමියාට අහිතකර ගති ගුණ ඔබ ලඟත් තිබෙනවා නම් මග හැර ගෙන ඔබේ ජීවිතය සාර්ථකත්වය කරා ගෙන යන්න.

Continue Reading Below

  • සැමියාට හිතවත් නැති වධක භාර්යාව

ඇය නිතරම ස්වාමියා ගැන තරහෙන් ඉන්නේ. මොනවා කරත් හොඳක් නැහැ. හැම දෙයටම ” අපෝ තමුසේ ඔච්චරද?” කියල හෑල්ලු කරලා තමයි කතා කරන්නේ. පිරිස ඉදිරියේත් සැමියාගේ වැරදිම කියල නින්දා කරනවා. “අර අල්ලපු ගෙදර මනුස්සයා නම් කොච්චර හොඳද? ඒකට මේ මිනිහා” ඔය වගේ පරුෂ වචන වලින් තමයි තමන්ගේ ස්වාමියාට කතා කරන්නේ. මහන්සි වෙලා රෑ වැඩ කරලා සැමියා ගෙදර එද්දී දොර වත් අරින්නේ නැති තරම් සැමියාට නොසලකන ගැහැණු කොච්ච්චර ඉන්නවද? කන්න බත් ටිකක් වත් බෙදල නොදෙන භාර්යාවෝ කොච්චර ඉන්නවද?

වධක භාර්යාවගේ තව ලක්ෂණයක් තමයි පර පුරුෂයන් පැතීම. තමන්ගේ සැමියා වැඩට යනකන් බලාගෙන ඉන්නේ සොර සැමියන්ව ඇසුරු කරන්න. ඔවුන්ට නම් බොහොම හිතවත්. සැමියා උපයන මුදල් පවා ඔවුනට දෙනවා.

ඉතින් මෙහෙම ගති ඇති වධක බිරිදක් ඉද්දි හරි හම්බ කරන්න ස්වාමියාට කිසිම උනන්දුවක් නැති වෙනවා. ඇයි නිතරම ඔහු ඉන්නේ හිතේ සතුටක් නැතුවනේ.

  • ගෙතුළ ඉන්න හෙර, චෝරි භාර්යාව

මේ හොර භාර්යාව නිතරම ඉන්නේ සොර සිතෙන්. සැමියා මිල මුදලක් හම්බ කරොත් මොන සූත්තරෙන් හරි හොරකම් කර ගන්නවා. ඔය සමහර භාර්යාවෝ ඉන්නේ රුපියල් දාහේ බඩුවකට රුපියල් එක්දාස් පන්සීයක් සල්ලි ඉල්ලා ගන්නවා. ඉතුරු සල්ලි යටි මඩි ගහගෙන නිකරුනේ වියදම් කරනවා. නැති නහස්ති කරනවා. ඕනෙම දෙයක අර පරිස්සමක් නැහැ. මෙහෙම අම්මල යටතේ හැදෙන දරුවොත් කිසිම අරපිරි මැස්මක් නැති ව නහස්ති කරන්න හුරු වෙනවා. අනේ ඉතින් කොච්චර මහන්සියෙන් හම්බ කරත් මකර කටේ දමනවා වගේ. මේ චෝරි භාර්යාවගේ සැමියා නිතරම ණය බරෙන් මිරිකිලා, හිතේ සහනයක් නැතුව ඉන්නේ. කොච්චර ඉපයුවත් නැහැනේ ඉතින්.

  • අතපය හොලවන්නේ නැති අරිය සම භාර්යාව

මෙවැනි භාර්යාවෝ හරිම අහංකාරයි. හැම විටම ස්වාමියාට සලකන්නේ සේවකයෙක්ට වගේ. ස්වාමියාගේ හැම දෙයකම බලය තමන්ගේ අතට ගන්නවා. ඒ වගේම ඔවුන් හොඳ සැපට අහාර ගනිමින් කිසිම වැඩක් පොලක් නොකරන අය . මෙයාලගේ ගෙවල් දොරවල් බොහොම අපිළිවෙලයි. කොස්සක් ඉදලක් අතින් අල්ලන්න කම්මැලියි. මොවුන් ගේ ස්වාමි වරුන්ගේ ජීවිත හරිම දුක්ඛිතයි. ගේ දොර වැඩත් රක්ෂාවට අමතරව කරන්න වෙනවා. රසට කෑමක් නැහැ. ගේ දොර අපිරිසිදුයි. සැමියාගේ නෑදෑයෙක් ආවොත් ඒ අයට බැනල පන්න ගන්නවා. සැමියා දුක් මහන්සියෙන් උපයන දේවල් හිතු මතේට තමන්ගේ පවුලේ අයට දෙනවා. සැමියා ලෝකේ ඉදිරියේ නින්දාවට පාත්‍ර වෙනවා. ඒ වගේම මෙවන් ගති ඇති ගැහැණු සමාජයේ කොන් වෙනවා. මොවුන් ළඟ හැදෙන දූවරුත් පිරිමි පාගාගෙන ඉන්න තමයි පුරුදු වෙන්නේ.

Share Now

Related Article