බිරිඳගේ සිත කලකිරෙන සැමියාගේ අඩුපාඩු

Dec 4, 2019

හැම කාන්තාවක්ම විවාහ දිවියට එළඹෙන්නේ සිහින ගොඩක් මවාගෙන. යහපත් සහ ආදරණිය පවුල් ජිවිතයක් ගත කරන එක තමයි ඇගේ සිහිනය. ඒත් සමහර පිරිමි ඇති කරන යම් යම් අඩුපාඩු නිසා කාන්තාවකට විවාහ ජීවිතය එපා වී යන්න පුළුවන්. ඉතින් මේ විදිහේ අඩු පාඩු ඔබේ අතිනුත් සිදු වෙනවද කියලා බලන්න කියලා goodhousekeeping.lk වෙබ් අඩවිය ඔබට යෝජනා කරනවා.

Continue Reading Below

01) ආදරයක් නොමැති ලිංගිකත්වය

ගොඩක් පවුල් වල ප්රශ්න පැන නඟින්නට එක් හේතුවක් තමයි මේ. ගැහැණියකට අවශ්ය තම සැමියාගේ තුරුලේ සිට ආදරය විඳීමටයි. නමුත් සැමියා ඇයව සොයන්නේ තමාගේ කායික අවශ්යතා සඳහා පමණක් නම් එතන බරපතල ගැටළුවක් තිබෙනවා. දැන් සැමියා තමාට පෙර මෙන් ආදරය නොකරන බවත්, සැමියා තමා වෙත එන්නේ ඔහුගේ කායික අවශ්යතා ඉටු කර ගැනීමට පමණක් බව වැටහීම තරම් වේදනාවක් බිරිඳට නැහැ.

02)කාර්යාලයේ ප්රශ්න ගෙදර ගෙන ඒම

ඔබ කාර්යාලයේ වැඩ කටයුතු නිවසට ගෙන එන විට, ඔබේ බිරිඳ සමඟ ගත කිරීමට කාලයක් ඔබට නැති වෙනවා. ගෙදර ආපු වෙලාවේ ඉඳන් කම්පියුටරයට එබීගෙන කාර්යාලයේ වැඩ කටයුතු කරන සැමියෙක් දුටු විට බිරිඳ දුකට පත් වෙනවා. ඒ වගේම තමයි තවත් සැමියන් පිරිසක් ඉන්නවා බොස් බැන්නම කරබාගෙන ඉඳලා, ගෙදර ඇවිත් ඒ තරහ බිරිඳගේ පිටින් යවන. බිරිඳ කිසිම වරදක් කරලත් නැහැ. සැමියා තමන්ට බැන වදින්නේ ඇයි කියලා බිරිඳට තේරෙන්නෙත් නැහැ. ඉතින් මේ වගේ අවස්ථා වලදීත් ඔබේ බිරිඳ දුකට පත් වෙනවා.

03)ඇය දුර්වලයෙකු සේ සැලකීම

පිරිමින්ට වඩා ගැහැනුන් කාය ශක්තියෙන් අඩු වෙන්න පුළුවන්. ඒත් එහි අර්ථය ගැහැනුන් දුර්වලයි කියන එක නෙවේ. සමහර පුරුෂයන් තමන්ගේ බිරිඳ අසාමාන්ය ලෙස දුර්වල ජීවියෙක් කියලා හිතාගෙන ඇයට නීති දාලා හිර කරන්න හදනවා. බිරිඳට මිතුරන් ඇසුරු කරන්න, තනියම ගමනක් යන්න තහනම් කරන ස්වාමියෙක් ඉන්න එක බිරිඳට ලොකු හිසරදයක්. ඒ වගේම තමයි ඔවුන් නිතරම බිරිඳව අවතක්සේරු කරනවා. “අපෝ ඔයාට ඕවා කරන්න බැහැ. ගෙදරට වෙලා දරුවෝ බලාගෙන ඉන්න.” කියන පිරිමි ඉන්නවා. සමහර වෙලාවට ඔවුන් තමන්ගේ බිරිඳව අවතක්සේරුවට ලක් කරන්නේ තමන්ගේම දරුවන්, ඥාතීන් හෝ අසල්වැසියන් ඉදිරිපිට වෙන්න පුළුවන්. ඉතින් එහි ප්රතිඵලයක් ලෙස අවට සමාජයත් ඇය දෙස බලන්නේ දුර්වල සත්වයෙක් දිහා බලන ආකාරයටයි. ඇයි ඉතින් සැමියාම බිරිඳව අවතක්සේරු කරනවා නම්, අවට සමාජය ගැන කවර කතාද?

04) රහස් තබා ගැනීම

සැමියා තමාගේ දේවල් බිරිඳට හංගනකොට ඇයට එය ඉවෙන් මෙන් දැනෙනවා. ෆෝන් එක ලොක් කරගෙන ඉන්නකොට, කම්පියුටරය අල්ලන්නවත් ඉඩ නොදෙනකොට බිරිඳට සැමියා ගැන සැකයක් ඇති වෙන එක සාධාරණයි. මෙපමණ කාලයක් තමාට පෙන්වූ සෙනෙහස වෙන කෙනෙකුට හිමි වෙනවා ඇති යැයි උපකල්පනය කරමින් බිරිඳ සිතින් දුක් විඳින්නට පටන් ගන්නවා.

05) ඇයට වැදගත් දේ අමතක කර දැමීම

ඇයගෙ ජිවිතයේ වැදගත්ම දිනය වන්නේ තමාගේ උපන්දිනය නෙවෙයි, විවාහ දිනයයි. විවාහ සංවස්තර දිනය සැමියා සමඟ ආදරයෙන් ගත කරන්නට ඇය සිහින දකිනවා. ඒ වගේම තමයි සැමියා තමාගේ උපන්දිනය දවසේ තමාට ආදරයෙන් සුභ පතයි කියලා ඇය බලාපොරොත්තු වෙනවා. ඒත් සැමියාට මේ දවස් මතක හිටින්නේවත් නැහැ. තමන්ට ආදරණිය සුබ පැතීමක් ලැබෙන තුරු බලාගෙන ඉන්න බිරිඳට සැමියාට එය අමතකව ඇති බව දැන ගන්නට ලැබීම මොන තරම් වේදනාවක්ද ? ඒ වගේම තමයි බිරිඳ ඔහුට ඉතා වැදගත් දේවල් කලින් කියලා තියනවා. දරුවාට බේත් ගන්න යන්න ඕනේ දවස, දරුවාගේ පාසලේ දෙමව්පිය රැස්වීම තියෙන දවස කලින්ම කියලා තිබුණත්, සැමියාට එය අමතක වීම ඇයව දුකට පත් කරනවා.

Share Now

Related Article