විවාහය දික්කසාදයකින් කෙලවර වීමට බලපාන සුලබ හේතු 9ක්

Sep 7, 2016

දෙදෙනෙක් විවාහ දිවියට එළඹෙන්නේ ජීවිත කාලය පුරාම දුක සැප බෙදා හදා ගනිමින් එකා මෙන් සිටීමෙ බලාපොරොත්තුවෙන්. එහෙත් ජීවන ගමන අතරතුරදී සමහර වේලාවට ඒ බලාපොරොත්තු බිඳිලා ඉහිරිලා යනවා. එහෙම වෙන්නෙ ඇයි? බොහෝ විට එහෙම වෙන්නෙ ඒ දෙදෙනාට ලෙහෙසියෙන් පාලනය කරගත හැකිව තිබූ සුළු සුළු ගැටළු පිලිබඳ නිසි අවධානයක් යොමු නොකීරීම නිසා ඒවා මහා විශාල දේවල් දක්වා දුර දිග යාම නිසායි.

මේ ලිපියෙන් අපි කියන්නට යන්නේ දැන් සුළු දේවල් ලෙස පෙනෙන එහෙත් පාලනය කර නොගතහොත් අනාගතයේදී මහා විශාල දේවල් වී ඔබේ විවාහය දික්කසාදයකින් පවා කෙළවර විය හැකි අන්දමෙ කරුණු කිහිපයක් ගැනයි. ලොව පුරා දික්කසාද වීම් සිදු වීමට සුලබම හේතු වන්නේද මේවායි.

Continue Reading Below

සබඳතාවයට මුල් තැන නොදීම

විවාහ වූ විට ඔබ මුල් තැන දිය යුත්තේ ඔබ දෙදෙනා අතර ඇති බැඳීමටයි. මේ කියන්නේ සියලු දේවල් කැප කල යුතුයි කියානම් නෙවෙයි. ඔබට ඔබේ සහකරු හෝ සහකාරියට වඩා අන් පුද්ගලයන්ගේ වැඩ කටයුතු වැදගත් වන්නට බැහැ. නිතරම එසේ සිදු වීම නිසා ඔවුන් කලකිරීමට පත් වෙනවා.සෑම විටම ඔබට ඔවුන්ව වැදගත් බව ඔවුන්ට හැඟී යන පරිදි කටයුතු කිරීම ඔබ සතු වගකීමක්.


යහපතට වඩා අයහපතම දැකීම

වැරදීම් සිදු වීම මනුෂ්‍ය ස්වභාවයක්. ඔබේ සහකරු හෝ සහකාරියටද එය පොදුයි. ඒ නිසා ඔවුන් අතින් සිදුවන සුළු සුළු අත්වැරදීම් මහා ලොකුවට ගෙන කෑ කෝ ගසන්නට යන්න එපා. අත්වැරදීම් ගැන සිතනවාට වඩා ඔවුනේ යහපත් ගති ගුණ ගැනයි ඔබ වැඩියෙන්ම සිතිය යුත්තේ.


කාර්යාලයේ වැඩ නිවසට රැගෙන ඒම

මෙය නම් කිසිසේත්ම හොඳ පුරුද්දක් නෙවෙයි. කාර්යාලයේ වැඩ ගෙදර අරන් එනවා කියන්නේ ගෙදර අය සමඟ ගත කිරීමට ඔබට ලැබෙන වේලාව සීමා වීමයි.එය ඔබේ විවාහයට නම් කිසිම යහපතක් සිදු කරන්නේ නැහැ.


විවාහ දිවියට වඩා මංගල උත්සවය ගැන අවධානය යොමු කිරීම.

 

මේ අපේ තරුණ තරුණියන් සිදු කරන බරපතල වරදක්. පෙම් සබඳතාවක් පටන් ගත දිනේ සිටම විවාහ මංගල උත්සවය සැලසුම් කරනවා මිසක් එකිනෙකා හඳුනා ගැනීමට ඔවුන්ට ව්ලේආවක් ඇත්තේ නැහැ. ඉතින් විවාහ වූවාට පස්සේ එකිනෙකාගේ අඩු පාඩු දැකල ඒවා එක්ක ගැටෙන්නට යාම විවාහ දිවියට එල්ල කරන්නේ අයහපත් බලපෑමක්මයි.


අදහස් හුවමාරු කර නොගැනීම

අනවශ්‍ය මත ගැටුම්, රණ්ඩු සරුවල් ඇති වෙන්නේ මෙවිටයි. ඒ නිසා දෙයක් තනිව කරන්නට නොයා සහකරුගෙන් හෝ සහකාරියගෙන් ඒ ගැන ඔවුන්ට ඇති අදහස් මොනවාද යන්න විමසා බැලීම යහපත්.


එකිනෙකාගේ වැඩ කටයුතු ගැන සොයා නොබැලීම

අනෙකා කරන්නෙ මොනවාද, ඒවාට ඔබෙන් අවශ්‍ය උදව්වක් ඇත්නම් ඒ මොනවාද යන්න ඔබ දැන සිටිය යුතුයි. ඔබ අනෙකා ගන උනන්දු වන බව, ඔබට ඔවුන්ව විශේෂ අයෙකු බව ඔවුන්ට දැනෙන්නේ එවිටයි.


ඕනෑවට වඩා බැරෑරුම් වන්නට යාම

හැම දෙයක්ම ඕනාවට වඩා ‘සීරියස්’ ගන්න එපා කියන්නේ මෙන්න මේ නිසායි. සැහැල්ලුවෙන් සිතන්න, විනෝදයෙන් හිනා වෙලා ඉන්න. අවශ්‍ය තැන්වලදී පමණක් බැරෑරුම් වෙන්න.


සුළු දේටත් රණ්ඩු වීම

පොඩි පොඩි දේවල්වලට නිතර නිතර රණ්ඩු වෙන්නට යනවා කියන්නෙ ඒ විවාහ දිවිය නීරස වීමයි. ඒවා ඉවසීම හා රණ්ඩු නොවී හොඳින් කතා බහ කර විසඳා ගැනීමයි වැදගත් වෙන්නේ.


අගය නොකිරීම.

ඔබේ සහකරු හෝ සහකාරිය සෑම විටම ඔබෙ අගය කිරීම් බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ සිත සතුටු වන්නේත්, තමන් වැඩගත් අයෙකු ලෙස ඔවුන්ට හැඟෙන්නේත් ඔබ එසේ කළහොත් පමණයි. ඒ නිසා ඔවුන්ව අගය නොකර සිටිනවා කියන්නෙ ඔබ කරන විශාල වරදක්. සිත් බිඳිම්වලට මුල එය විය හැකියි.

 

Share Now

Related Article