පෙම්වතාගේ සතුට වෙනුවෙන් පෙම්වතියකට කළ හැකි දේවල් 6ක්

Aug 26, 2016

තමන්ගේ පෙම්වතා එක්ක ආදරයෙන් කාලය ගත කරන්න තමයි හැම ගෑණු ළමයෙක්ම කැමති. ඒත් ඉතින් තමන්ගෙ හිතේ තියෙන ආදරේ එයාට පෙන්නන්නේ කොහොමද? මෙන්න මේක තමයි ගෑණු ළමයිට තියෙන ප්‍රශ්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් ආදරේ පෙන්නනවා කියන්නේ ඔය හිතාගෙන ඉන්න තරම් මහා ලොකු අමාරු වැඩක් නෙවෙයි. ඔයා සුළු දේවල් කියල නොසලකා හරින ඒවා ඔයාගෙ පෙම්වතාට ගොඩක් වටිනා දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා අපි බලමු පෙම්වතා ගැන ඔයාගේ තියෙන ආදරේ එයාට දැනෙන්න ඉඩ හරින්න කරන්න පුළුවන් පුංචි දේවල් කිහිපයක් ගැන.

Continue Reading Below

එයා කියන දේට හොඳින් ඇහුම්කන් දෙන්න

මෙන්න මේක හරිම වැදගත්. ඔයා එයාගේ ගෑණු ළමයා විතරක් නෙවෙයි හොඳම යෙහෙළියත් වෙන්න ඕන. හොඳම යාළුවෙක් ළඟ තියෙන ඉහලම ගුණයක් තමයි අනිත් යාලුවා කියන දේ උනන්දුවෙන් අහගෙන ඉන්න එක. ඒ නිසා ඔයාගේ පිරිමි ළමයා කියන දේට ඇහුම්කන් දෙන්න. එයා කැමති අකමැති දේවල් ගැන ඔයත් එක්ක කතා කරන්න එයාව උනන්දු කරවන්න.


ඔහු වෙනුවෙන් විශේෂ කෑමක් හදලා දෙන්න

මහා ලොකු දේවල් නෙවෙයි පුංචි රස කැවිල්ලක් හදලා එයාව හම්බවෙන්න යනකොට ගිහින් දෙන්න. ඔයා මොනා හරි අළුත් කෑමක් හදන්න පුරුදු වෙනවනම් ඒකෙන් එයාගේ කොටස එයාට අරන් යන්න.


විනෝදයෙන් කාලය ගත කරන්න

එයා එක්ක ගත කරන කාලය පොඩි පොඩි දේවල්වලට රණ්ඩු වෙලා නාස්ති කරගන්න එපා. දෙන්නා අතර මොන ප්‍රශ්නය තිබුණත් හම්බවෙලා කතා බහ කරලා ආපහු එනකොට ඒ ප්‍රශ්න විසඳගෙන එන්න පුරුදු වෙන්න.


රණ්ඩු සරුවල් දුර දිග ගෙනියන්න එපා

පිරිමි ළමයි ආසම නැති දෙයක් තමයි දෙන්න අතර වෙන සුළු සුළු හිත් රිදවීම් මහා ලොකු දේවල් හැටියට අරගෙන දවස් ගණන් රණ්ඩු වෙන එක. ඒ නිසා මොනවා හරි හිත් රිදවීමක් වුණොත් ඒවා දුර දිග ගෙනියන්නේ නැතුව ඉක්මනින්ම විසඳා ගන්න.


ආදරයෙන් කතා කරන්න

තමන්ගේ ගෑණු ළමයා තමන්ට ආදරෙන් කතා කරනවට මොන පිරිමි ළමයද අකමැති වෙන්නේ. ඕනෑම වැඩිහිටියෙක් ඇතුලේ පොඩි දරුවෙක් ඉන්නවා කියල කියනවනේ. ඔයාගේ පිරිමි ළමයා ඇතුලේ ඉන්න ඒ කුඩා දරුවාව සතුටින් තියෙන එක ඔයාට බාරයි.


පොඩි පොඩි තෑගී දෙන්න

තෑගී කියන්නේ මේ දාස් ගණන් වටිනා ඒවා කියලා හිතන්න එපා. ඔයාට තියෙන ආකාරයට දෙයක් දෙන්නයි ඕන. ඔයාගෙම අතින් හදපු පොඩි දෙයක් නම් තවත් අගෙයි. එයා ඒවාට ගොඩක් කැමති වේවි.

Tags

Love Lover

Share Now

Related Article