ඔහු ඔබට ඇත්තටම ආදරේ නම් මේ දේවල් 5 කැමැත්තෙන්ම කරනවා.

Nov 24, 2016

දහසක් පැතුමන් පොදි බැඳගෙන , ලෝකය සමග සටන් කර හිමිකරගත් ඔහු ඔබට ආදරේද? මේක ගොඩක් භාර්යාවන්ගේ ප්‍රශ්නයක්. කාලය ගෙවෙද්දී වගකීම් වැඩි වෙද්දී ඔබට දැනේවි ඔහු ඔබට ආදරය නැහැ කියල. ඒක හරි වෙන්නත් පුළුවන්. වැරදි වෙන්නත් පුළුවන්.
පිරිමියෙක් ඔබ වෙනුවෙන් මේ දේවල් කැමැත්තෙන්ම කරනවා නම් ඔහු අනිවාර්යයෙන්ම ඔබට ආදරේ කරනවා.

Continue Reading Below

1) ඔහු ඔබ කියන දේවල් වලට ඇහුම් කන් දෙනවා

ඔබේ සැමියා ඔබ දෙයක් කිවුවහම ඇහුම්කන් දෙනවද? කියන දෙයට ඔහුගේ අදහස් දක්වනවද? ඕනෙම පිරිමියෙක් ඇහුම්කන් දෙන්නේ තමන් ආදරේ කරන කාන්තාවට විතරයි. නිකන් මේ කනෙන් අහල මේ කනෙන් පිට කිරීම මෙහි අදහස නෙවෙයි. සජීවීව, උනන්දුවෙන් ඔහු ඔබේ දවසේ විස්තර, ප්‍රශ්න වගේම නිකන් ඔබ කියන සුලු දේවල් උනත් ඔහු අහනවා නම් ඔහු අනිවාර්යයෙන්ම ඔබට ආදරෙයි.


2) ඔහු ඔබ එක්ක සාකච්චා කරද්දී මත ගැටුම් ඇති කර ගන්නවා

අපි නොදන්නා, නොහඳුනන මිනිස්සු එක්ක මත ගැටුම් ඇති කර ගන්නේ නැහැ නේද? පුංචි රණ්ඩු දබර වෙන්නේ ඔබට ඔහු ආදරය කරන නිසා මයි. හැම වෙලේම ඔබ කියන දේවල් වලට නින්දා කිරීම, දබර කිරීම මෙයින් අදහස් වෙන්නේ නැහැ.


3) ඔහුගේ මතය ඔබ වෙනුවෙන් වෙනස් කරන්න කැමතියි

ඔබ දෙදෙනා පවුලක් හැටියට ජීවත් වෙද්දී එකිනෙකා වෙනුවෙන් තමන්ගේ තීරණ වෙනස් කරනවා. උදාහරනෙකට ඔහු ගොල්ෆ් ගහන්න යන්න සැලසුම් කරපු හැන්දෑවක , ඔබට ඔබේ අම්ම බලන්න යන්න උවමනායි කියල හිතමු. ඔහු ඔබ වෙනුවෙන් මෙවැනි සුලු දෙයක් වගේම ලොකු දෙයක් වුනත් වෙනස් කරන්නේ ඔහු ඔබට ඇත්තටම් ආදරේ නිසා තමයි.


4) ඔහු ඔබ වෙනුවෙන් සටන් කරනවා

ඔබට පවුලෙන් ලැබෙන පීඩනයක්, රෝගයක්, කාර්යාලයේ ගැටළුවක් මොන දෙයක් වුනත් ඔහු මගහැර යන්නේ නැද්ද? ඔබේ සතුට වෙනුවෙන් කළ හැකි සියල්ලම කරනවද? හිතන්න ඔබේ අධ්‍යාපන කටයුත්තක වැඩක් කරගන්න බැරි තරම් ගොඩ ගැහිලා, ඔහු කාර්යාලයට නොයා නිවාඩු අරගෙන ඔබට උදවු කරනවා ඇති. ඔහු ඔබට ආදරේ නිසා තමයි ඔබේ හැම දෙයකටම අමතර වෙහෙසක් දරන්නේ.


5) ඔහු ඔබගේ සතුට වෙනුවෙන් ඕනෙම දෙයක් නොපැකිලී කරනවා

ඔහු ඔබේ සතුට වෙනුවෙන් අමාරු දේවල් කැප කරනවා නම්, ඔහු ඔබට ඇත්තටම් ආදරෙයි කියන්න පුළුවන්. සමහර විට ඔහු අකමැති ඔබේ නෑදෑයෙක්ට හොඳින් සලකනවා වෙන්න පුළුවන්. ඔබේ සතුට වෙනුවෙන් අමාරු දේවල් කරනවා වෙන්න පුලුවන්. එවැනි දේවල් අපි හිතා මතා මගහරිනවා. නැත්නම් අපට මග හැරෙනවා.

ඔබට ආදරය කරන සැමියා , ආදරේ නැහැ කියල පැමිණිලි කරන්න කලින් නිශ්ශබ්දව හිතල බලන්න. ඔහු මේ දේවල් කරන කෙනෙක් නම් ඔහු ඇත්තටම් ඔබට ආදරෙයි.

Share Now

Related Article