චූටි බබා ඉපදුණ පසු අනිවාර්යෙන්ම ගත යුතු ෆොටෝ 10ක්

Jul 18, 2016

පවුලට චූටි බබෙක් එකතු වෙනවා කියන්නේ කොච්චර සතුටු දායක මොහොතක්ද? ඉතින් බබා අම්මගේ බඩේ ඉන්න කොට ගන්න pregnancy photo shoot එක වගේම බබා ඉපදුණාට පස්සේත් ඒ මතකයන් ඡායාරූපයට නැගල ජීවිත කාලෙම තමන් ළඟ තියාගන්න දෙමව්පියන් කැමතියි.

බොහෝ දෙමාපියන් බබා ඉපදුණාට පස්සේ ගන්න ෆොටෝ වලින් වෙනම පින්තූර ඇල්බම් එකක් හදන එක දැන් කාලේ තියෙන ප්‍රවණතාවක්. ඉතින් ඒ ඇල්බම් එකට ඇතුලත් වෙන්න ඕන මොන වගේ ෆොටෝද? අන්න ඒක තීරණය කරගන්න මේ ලිපිය ඔබට උපකාරී වේවි.

Continue Reading Below

බබාගේ චූටි කකුල්

කොච්චර බලන් හිටියත් ඇති වෙන්නේ නැහැ නේද?


බබාගේ අයියලා අක්කලා මුලින්ම බබාව බලන්න එන මොහොත

මොන තරම් ආදරණීය මොහොතක්ද මේ? බබා ලොකු වුණාට පස්සේ අයියලා අක්කලා එක්ක එකතු වෙලා බලන්න මේ වගේ ෆොටෝ එකක් නම් අනිවාර්යෙන්ම තියෙන්නම ඕන.


ඩොක්ටර් බබාව අම්මටයි තාත්තටයි පෙන්නන මොහොත


බබා නිදියගෙන ඉන්න මොහොතක්

මේ වගේ මොහොතක් ෆොටෝ ඇල්බම් එකකින් මග ඇරගන්නේ කොහොමද? නිකමට හිතන්න බබා ලොකු වෙලා මේවා බලනකොට එයාට කොච්චාර හිනා යාවිද?


අම්මයි, තාත්තයි, බබයි

මේ වගේ මොහොතක් ඡායාරූපයට නගන්නේ නැතුව වැඩක් තියෙනවද?


තවත් අමතක නොවෙන මොහොතක්

බබාගේ චූටි කකුලේ සටහනක් කොලේකට ලබා ගණන් එක වගේම, බබාට මොට්ටුවක් තියෙන එකත් ලස්සන ෆොටෝ එකකට ගන්න පුළුවන්.


බබා තාත්තත් එක්ක

බබා අම්මත් එක්ක ඉන්න ෆොටෝ නම් ඕන තරම් ගන්නවා. ඒත් තාත්තා පලවෙනි පාරට බබාව අතට ගන්න එක කොච්චර වැදගත් මොහොතක්ද?


චූටි බබා නාවන කොට

බලන්න මෙයා කොච්චර අබල, දුබල ජීවියෙක්ද කියල. ආදරේ හිතෙනවා නේද?


බබාගේ අතින් අල්ලාගෙන ඉන්න මොහොත

මේ චූටි අත අල්ලගන්නකොට දැනෙන හැඟීම මොන තරම සොඳුරුයිද?


බබාගේ අහිංසක මූණ

අන්දලා කරලා මුල් වරට ගෙදර එක්කන් යන්න සූදානම් කරවපු බබාගේ අහිංසක මූණේ ෆොටෝ එකකුත් ඔය ඇල්බම් එකේ අනිවාර්යෙන්ම තියෙන්න ඕන නේද?


මේ තියෙන්නේ එහෙම බබෙක් ඉපදෙන හැටි ගැන කරපු ලෝක ප්‍රසිද්ද වුනු photo shoot එකක්

Labor Photo shoot

Share Now

Related Article