හැරී කුමරු සහ මේගන් මාර්කල් රාජකීය කටයුතුවලින් ඉවත් වීමට තීරණයකළේ ඇයි?

Jun 24, 2020

එළිසබෙත් රැජිණගේ මුණුබුරා වන හැරී කුමරු හා ඔහුගේ බිරිඳ මේගන් මාර්කල් කියන්නේ මුළු ලෝකයේ ම ප්රසිද්ධ වුණු රාජකීය යුවළක්. පසුගිය දිනෙකදී මොවුන් පිළිබඳ මුළු ලෝකයේ ම අවධානය යොමු වූයේ ඔවුන් සිය රාජකීය කටයුතු වලින් ඉවත් වීමට ගත් හදිසි තීරණය නිසයි. ඔවුන්ගේ මෙම තීරණයෙන් මුළු ලෝකයම මහත් පුදුමයට පත් විය.

Continue Reading Below

රාජකීය පවුලේ ජ්යේෂ්ඨයින් වන මොවුන් සිය රාජකීය කටයුතුවලින් ඉවත් වන බවත් තවදුරටත් රජ මාළිගයේ ජීවත් නොවන බවත් ප්රකාශ කර තිබෙනවා. මේ වසරේ ජනවාරි මස 08 වන දින සිය ඉන්ස්ටග්රෑම් ගිණුම හරහා ඔවුන් මෙය දැනුම් දුනි. හැරී සහ මේගන් යුවළ අනාගතයේදී මහා බ්රිතාන්යයේ සහ උතුරු අමෙරිකාවේ ජීවත් වන බව ඔවුන් ප්රකාශ කර ඇත.

මාස කිහිපයක සිට ම මේ පිළිබඳ සිතා බලා දිගු සාකච්ඡාවලින් පසු මෙම තීරණයට එළඹි බව ඔවුන් සඳහන් කර ඇත. රජ පවුලේ ජ්යේෂ්ඨ සාමාජිකයින් ලෙස රාජකීය කටයුතුවලින් ඉවත් වී ආර්ථික වශයෙන් ස්වාධීන වීමට බලාපොරොත්තු වන බව ත් එසේ වුවත් රැජිණට අවශ්ය සියලු සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වන බවත් ඔවුන් ප්රකාශ කර ඇත. මේ තුළින් සිය දරුවාට රාජකීය සම්ප්රධායයන් අගය කරන අයෙකු ලෙස වැඩීමට අවස්ථාව හිමි වන බවත් ඔවුන් වැඩිදුරටත් පවසා ඇත. එමෙන් ම මේ සම්බන්ධව ඔවුන්ගේ ඉදිරි පියවර පිළිබඳ පසුව දැනුම් දෙන බවත් සියලු දෙනාටම ස්තූතිවන්ත වන බවත් ඔවුන් සිය පෝස්ටුව හරහා ප්රකාශ කර තිබුණි.

රාජකීය යුවළේ මෙම තීරණය පිළිබඳ විවිධ පාර්ශ්ව විවිධ මත පළ කළද මෙය ඔවුන් හොඳින් සිතා බලා ගත් තීරණයක් බව පෙනේ. රාජකීය සම්ප්රධායන්ට ගරු කරන අතරම සිය දරුවන් ඇති දැඩි කිරීමටත් ආර්ථික ස්වාධීනත්වයක් ලබා ගැනීමටත් ඔවුන්ගේ පුණ්ය කටයුතු පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමටත් ඔවුන් මේ තුළින් බලාපොරොත්තු වන බව පෙනේ.

එහෙත් ඔවුන්ගේ මෙම තීරණය සම්බන්ධයෙන් රැජිණ එකඟ නොවන බව පෙනේ. රාජකීය යුවළ සිය තීරණය ප්රකාශයට පත් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් කිසිවකුගෙන උපදෙස් ලබා නොගැනීමත් රැජිණගේ කනගාටුවට හේතු වී ඇත. රැජිණගේ නත්තල් දින කතාවේදීද ඇය හැරී-මේගන් යුවළ පිළිබඳ කිසිදු සඳහනක් නොකළ අතර ඔවුන්ගේ දරුවා පිළිබඳ පමණක් සඳහන් කළාය. ඒ වගේම හැරී-මේගන් යුවළගේ ඡායාරූපය ද රැජිණගේ මේසය මත තබන පවුලේ ඡායාරූප අතර දක්නට නොලැබුණි. හැරී-මේගන් යුවළ ද නත්තල සැමරීම සඳහා රජ මාළිගයට නොපැමිණි අතර ඔවුන් කැනඩාවේදී මේගන් කුමරියගේ මව සමග මෙවර නත්තල සමරා ඇත.

හැරී සහ මේගන් යුවළ මෙම තීරණය ගැනීමට එක් හේතුවක් වී ඇත්තේ ඔවුන්ගේ පෞද්ගලිකත්වයට අනවශ්ය ලෙස බලපෑම් ඇති වීමයි. මේගන් විසින් සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත්තේ මාධ්ය මගින් ඔවුන් වෙත වැඩි ආකර්ශනයක් ඇති වෙතැයි බලාපොරොත්තු වුවද එය මෙතරම් දැඩි බලපෑමක් වේවි යැයි ඇය බලාපොරොත්තු නොවූ බවයි.

විවිධ මාධ්ය හේතුවෙන් ඔවුන්ගේ පෞද්ගලිකත්වයට දැඩි බලපෑම් එල්ල වීම මෙම තීරණයට සෘජුව ම බලපා තිබෙනවා.කෙසේ වුවද මෙවැනි තීරණයක් ගැනීමට ඔවුන් සතුව විශාල ධෛර්යයක් මෙන්ම එඩිතර බවක් තිබිය යුතුය. ඔවුන්ගේ ආදරය වෙනුවෙන්, අනාගතය වෙනුවෙන් ඔවුන් ගත් මෙම තීරණය ඔවුන්ව සාර්ථකත්වය කරා ගෙන යනු ඇතැයි අප සියලු දෙනාම බලාපොරොත්තු වෙමු.

Share Now

Related Article