රට වෙනුවෙන් තව යුතුකම් ඇත

Nov 25, 2019

ශ්‍රී ලංකාවේ ගරු 7 වන විධායක ජනාධිපති තුමා යටතේ ලියන පලවෙනි පොස්ට් එක තමයි මේ. රටේ ප්රධාන පුරවැසියා වෙනස් වුන එකේ අපිත් ටිකක් වෙනස් වෙමුද ? කව්රුවත් වෙනුවෙන් නෙමෙයි අපි වෙනුවෙන් ,අපේ දරුවෝ වෙනුවෙන්. අපිට කරන්න පුළුවන් පුංචි පුංචි සරල දේවල් ටිකක් අපි ඔක්කොම එකතු වෙලා කරොත් රටක් විදිහට අපි බලාපොරොත්තු වෙන වෙනසට මහා දුරක් නැහැ .

Continue Reading Below

💊 ඉඳගෙන යන බස් එකේ එකේ සීට් එක හුරන එකේ ඉඳල රටේ සියලුම පොදු දේපල , වලට හානි කිරීම නවත්තලම දාමු.

💊අනේ අපි ගෙවන්නේ නෑනේ ඒ නිසා කමක් නෑ නොකියා බල ශක්තිය අර පිරිමස්මෙන් යුතුව පාවිච්චි කරමු .තමාගේ ගේ ඉස්සරහ පාරේ තියන අනවශ්ය විදුලි බුබුල උදේම නිවල දාල වැඩේ පටන් ගමු.

💊අල්ලස් දීම , පගාව දීම නවත්තලම දාමු.

💊යාලුකම් නෑකම් හිතවත්කම් වලට නොව සුදුස්සාට සුදුසු තැන දීමට හැකි උපරිමයෙන් උත්සාහ කරමු.

💊අපිට පුළුවන් උපරිමයෙන් නීති ගරුක වෙමු.

💊රටේ ලෝකේ තියන ඔක්කොම අනවශ්ය ඕපා දුප කතා කර කර ඉන්න වෙලාවේ ඉඩ තියන තැනක කොස් ඇටයක් ,පොල් පැලයක් , තේක්ක පැලයක් හරි ඉඩක් ඇත්තෙම නැත්තම් ගෝනි උරේක මිරිස් පලයක් හරි වවමු.

💊පුළුවන් තරම් දේශීය දේ , අපේ දේ මිලදී ගන්න උනන්දු වෙමු.

💊පුළුවන් තරම් ස්වයන් රැකියා කරුවන්හට දිරි දීමට ඔවුන්ගේ භාණ්ඩ මිලදී ගන්න බලමු.

💊පුළු පුළුවන් විදිහට අපි හැමෝම ඉඳීආප්පයක් තම්බල , පොඩි ගවුම් කෑල්ලක් මහල හරි උපයන්න පටන් ගමු.

💊ගෙදර ආහාර පාන නාස්තිය නැති කරලම දාමු.

💊පුළු පුළුවන් විදිහට ක්රියාකාරී වෙලා කෘතීම දේ වෙනුවට සොබාදහමට ලංවෙලා ලෙඩ රෝග අඩු නිරෝගී ජාතියක් වෙන්න උත්සාහ කරමු.

💊අර ලොක්ක මගේ යාලුවෙක්, මේ ඇමති අපේ ආච්චිගේ යාලුවෙක් කියල නැති නෑකම් යාළුකම් කියාගෙන ගිහින් දේශපාලකයන්ට, රාජ්ය සේවකයන්ට පන්දම් අල්ලන එක, නවත්තල, වරප්රසාද ඉල්ලන එක නවත්තල ඔවුන්ට ඔවුන්ගේ රාජකාරි නිසි විදිහට කරන්න ඉඩ දෙමු.

💊පවුද්ගලික අංශයේ හෝ රාජ්ය අංශයේ හෝ කුමන අංශයේ රැකියාවක් කලත් හකි උපරිමයෙන් අවංකව සේවය කරන්න උත්සාහ කරමු.

💊ජාති ආගම් කුල මල වෙනුවෙන් වාද කරන එක වෙනුවට හැමෝම එක රටක පුරවැසියන් බව දරුවන්ට උගන්නමු.

මොකද හෙට පායන්නෙත් ඊයෙ, අද පායපු ඒ ඉර හඳම තමයි . අපි අපේ යුතුකම් කළා දැන් රට හදන්න කියල කිව්වට දවස් ගානකින් තනි කෙනෙකුට රටක් නෙමෙයි පවුලක් වත් ගොඩ ගන්න බැහැ .හැමදාම උනා වගේ හැමදාම කළා වගේ හෙට ඉඳල අලුත් ජනාධිපති තුමා මැජික් කාරයෙක් කියල හිතන් මැජික් එකකින් ලංකාව සිංගප්පුරුවක් කරනකන් නොයිද අපි අපිට පුළුවන් විදිහට ඉතුරු ටිකත් කරමු.

ඕවා ඉතින් පාලකයෝ කරන්න ඕනේ දේවල්නේ , පාලකයෝ හොරුනේ, කියල අපි අත හෝදගෙන එන එන ආණ්ඩුවට බැන්නට අපේ දරුවන්ට ලස්සන රටක් හැදෙන්නේ නැහැ . ඒක TEAM WORK එකක් .ඒ වෙනුවෙන් අපි ඔක්කොම එකා වගේ කැපවිය යුතුයි . පාර්ලිමේන්තුවේ ඉන්නේ සුලුතරයයි .බහුතරය අපියි .ඒ සුළුතරය අතරේ ඉන්න පාපකාරී පිරිස ගැන නොසිතා අපි අපේ රට වෙනුවෙන් වෙහෙසෙමු.

මොකද අපි පුළු පුළුවන් විදිහට විනාශය , නාස්තිය , දුෂණය අඩු කලොත් හොඳ පාලකයෙකුට ඒ අපි ඉතුරු කරලා දෙන ටික ඇති රටේ ණය බර අඩු කරලා අපිට ඉන්න යහපත් රටක් හදල දෙන්න .ලී ක්වාන් යූ සිංගප්පුරුව නිර්මාණය කලේ තනිවම නොවේ. ඒ යුගයේ ජීවත් වූ සියලු වැසියෝ ඒ වෙනුවෙන් අනේක කැපකිරීම් කළා. අපහසුතා වින්දා.

ඒ සියල්ලන්ගේම කැපකිරීම් වලින් පසුව ලොව ආරක්ෂිතම, වෙළඳ රාජ්‍ය සහ ලොව ශක්තිමත්ම ආර්ථිකය ඇති රාජ්‍යයක් ලෙස අද පවතින සිංගප්පුරුව බිහි වුනා.ඒ කැපකිරීම් කරපු මහජනතාවගේ දරුවෝ අද ලෝකේ ආරක්ෂිතම නිදහස්ම දියුනු රටක ප්‍රතිපල බුක්ති විඳිනවා. අපේ රට වෙනුවෙන් අපට කල හැකි දේ උපරිමව අපි කරමු. එවිට දියුනු රටක පුරවැසියන් ලෙස කෙසේ වෙතත් උපන් බිමට ණය නැති මිනිස්සු විදිහට අපිට මැරෙන්න පුළුවන් වෙයි.

මේ ලිව්වේ දේශපාලනය නම් නෙමෙයි.අපේ දරු පැටවුන්ගේ හෙට දවස ගැනයි.

(මෙම සටහන අනිශා ජයකොඩි මහත්මියගේ FB වෝලයෙන් අවසර ඇතිව උපුටා ගන්නා ලදී. මේ සටහනේ හිමිකම ඇය සතුය)

Tags

LS 4

Share Now

Related Article