ලෝක විනාශය ගැන අනාවැකි කී “ජායාභය රජ්ජුරුවෝ”

Sep 15, 2020

“රාම්ලාන් ජායාභය” පුරාතන “කෙධිරි” රාජ්යය පාලනය කළ හින්දු රජකෙනෙකි. කෙධිරි යනු ජාවාදූපත් හි නැගෙනහිර ජාවා පලාතේ ඇති ඉන්දුනීසියානු නගරයකි. 12 වන සියවසේ මේ කෙධිරි නගරයේ සිට ඉන්දුනීසියාව පාලනය කළ “ජායාභය” රජු තම රාජ්යය ඉතිහාසයේ පෙර නොවූ විරූ තරමට සශ්රීකභාවයෙන් ඉහල නැංවීය. අදටත් “ජායාභය” රජුව ඉන්දුනීසියානු වැසියන් මහත් ගෞරවයෙන් සිහිපත් කරන්නේ ඒ සාර්ථක පාලනය හේතුවෙන් පමණක් නම් නොවේ. එයට තවත් සුවිශේෂී වූ හේතුවක්ද ඇත. ඒ ඔහු විසින් ප්රකාශ කළ අරුම පුදුම අනාවැකි හේතුවෙනි.

Continue Reading Below

16 වන සියවසේ ප්රංශයේ විසූ ප්රකට අනාගතවක්තෘ නොත්රදාමුස් මෙන්ම ඉන්දුනීසියාවේ ජායාභය රජුද අනාගතය පිළිබද විස්මිත අනාවැකි ප්රකාශයට පත් කොට ඇත. 1135 දී ඇරඹුණු ජායාභය රජුගේ පාලනය වසර 22 ක් පුරා පැවතුණි. සහෝදර රජවරුන් දෙදෙනෙකු දූපතේ දෙපස පාලනය කරමින් සිටියදී ඔවුන් දෙදෙනාගේ විරසකයක් මත යුද්ධයක් ඇතිවෙමින් පැවතුණි. ඒ අර්බුදය අතරමැදදී කෙධිරි රාජ්යයේ රජ බවට පත් වූ ජායාභය රජු විරසකව පැවති රාජ්යයන් දෙකම නැවත එක් රාජ්යයක් බවට පත් කළේය.

ජායාභය රජුගේ පාලන සමයේදී කෙධිරි රාජ්යය නොසිතූ විරූ ලෙස සමෘද්ධිමත් වූ අතර, එරට කෘෂි කර්මාන්තය ඉතිහාසයේ කවරදාකවත් නොතිබුණු තරමට දියුණු විය. ඔහුගේ පාලනය සමය තුළ කෙධිරි රාජ්යයේ දිියුණුුව පිළිබදව 12 වන ශතවර්ෂයේ ලියැවුණු චීන ග්රන්ථ වලද සදහන්ව ඇත.

කෘෂිකර්මාන්තයට පමණක් නොව සාහිත්ය කලා ආදී ක්ෂේත්ර වලටද ජයාභය රජුගේ කාලයේදී සැලකිය යුතුතරමේ රාජ්ය අනුග්රහයක් ලැබිණ. ඉන්දියානු “මහාභාරත” කෘතිය ජාවා බසින් නැවත ලියවීම වන “භාරතායුධ” ලියවෙන්නේද ජායාභය රජුගේ අනුග්රහය යටතේය.

එරට ඉතිහාස ග්රන්ථ හා ජනශ්රැති වලින් පැවසෙන අන්දමට ජායාභය රජුට රජකම උරුම වන්නේ දෙවියන් විසින් පවරන ලද උරුමයකිනි. ඉන්දුනීසියානු ජනප්රවාද වලට අනුව, ජායාභය රජු, ප්රඥාවට අධිපති හින්දු දෙවියන් වන “මහා බ්රහ්ම” දෙවියන්ගේ මී මුණුපුරාය. ඔහු විෂ්ණු දෙවියන්ගේ පුනරුත්පත්තියකැයි තවත් සමහරු විශ්වාස කරති.

එරට වැසියන් ජායාභය රජුව දේවත්වයෙන් සලකන්නට හේතුවූයේ, අනාගතය දකින්නට ඔහුට තිබුණු විස්මිත හැකියාව හේතුවෙන් යැයි සිතිය හැකිය.

ජායාභය රජුගේ අනාගත වාක්ය සියල්ල ශ්ලෝක ලෙසින්, වංශකතාවක ආකාරයෙන් ඔහු විසින්ම “සේරත් ජායාභය” නම් කෘතියේ ලියා තබා ඇත. මේ ශ්ලෝක සියල්ල මුඛ පරම්පරාවෙන් පැවත ආ අතර රජු විසින් ලියා තිබුණු පැරණි ලේඛනය, ඔහුගේ රාජ්ය කාලයෙන් අවුරුදු හත්සීයකට පසුව, එනම් 1835 දී යලි පිටපත් කරන ලදී.

ඒ කෙසේ වුවත් වර්තමානයේ ශේෂව ඇති ඔහුගේ අනාවැකි කාලයත් සමගම යම් පමණකින් වෙනස් වී ඇතිවාට සැක නැත. මුල් ලියැවිල්ලේ ඇති දේ වර්තමානයට අබිරහසකි. එසේ වුවත්, වර්තමානයේ පවා ඒවා ඉන්දුනීසියානු සංස්කෘතියට කරන බලපෑම අතිමහත්ය.

ජායාභය රජුගේ ඇතැම් අනාගත වාක්ය ව්යංගයෙන් කියැවී ඇති අතර තේරුම් ගන්නට අපහසුය. එහෙත් ඇතැම් අනාගත වාක්ය නිශ්චිතවම පැහැදිලිව ලියැවී ඇති අතර මේ දක්වා ඒවායින් බහුතරයක් සැබෑ වී ඇත.

“පිටතින් පැමිණෙන සුදු සම ඇති මිනිසුන් ජාවා රට අයත් කරගෙන දිගු කාලයක් පාලනය කරනු ඇත.”

යන්න ඔහුගේ එක් ප්රකට අනාවැකියකි. ඒ අනාවැකියෙන් කියවුනේ ඕලන්ද ජාතිකයින් විසින් ජාවා ආක්රමණය කොට එහි ජනාවාස තැනීම ගැන විය හැකිය. ඕලන්ද ජාතිකයින් ජාවා ආක්රමණය කරන්නේ ජායාභය රජුගේ රාජ්ය පාලනයෙන් අවුරුදු හාරසීයකට පසුව, එනම් 1595 වසරේදීය.

“උතුරින් පැමිණෙන කහ පැහැ සම ඇති මිනිසුන්, සුදු සම ඇති මිනිසුන්ගේ පාලනය නිමා කරනු ඇත. ඉන්පසුව ජාවා රට පාලනය කරන්නට පටන් ගනු ඇත. ඔවුන්ගේ පාලනය පවතින්නේ ඉරිගු නටුවක ජීවිත කාලයට සමාන කාලයක් පමණකි.””

පෙරකී අනාවැකියට පසුව ජායාභය රජු සටහන් කොට ඇත. එයද සැබෑ විය. දෙවන ලෝක යුද්ධයේදී ඉන්දුුනීසියාව ආක්රමණය කරන ජපන්නු සුදු ජාතිකයින්ගේ පාලනය නිමා කර ඉන්දුනීසියාව පාලනය කරන්නට පටන් ගත්තද, ජපනුන්ගේ පාලනය පවතින්නේ කෙටි කාලයකටය.

සේරට් ජායාභය වංශකතාවේ සදහන් අනාවැකි අතරින් කවදාහෝ ඉටුුවෙතැයි ඉන්දුනීසිියානුු වැසියන් බලාපොරොත්තුවෙන් සිටින තවත් අනාවැකියක් වෙයි. ඒ “රාටුු අධිල්” ගේ පැමිණීමය. ජායාභය රජුු පවසා ඇති අන්දමට ඉන්දුනීසියාවට ලැබෙන හොදම පාලකයා “රාටුු අධිල්” ය. ඔහු පැමිණි විට ඉන්දුනීීසියාව පෙර කිසිදාක නොවූ විරූ තරමට දියුනු වනු ඇත. අදටත් ඉන්දුුනීීසියානු වැසියෝ මේ අනාවැකිය සැබෑ වන තුරු බලා සිටිති.

ජායාභය රජුුගේ අනාගත වාක්ය වංශ කතාවේ එක් තැනක මෙසේ සදහන්ව ඇත.

“අශ්වයින් නැතිව ගැල් ඉදිරියට ඇදෙන විට,
නැව් අහසේ පියාඹන විිට,
යකඩ මාලයක් ජාවා දූපත වටා වැටෙනු ඇත,
පිරිමින්ගේ ඇදුම් ගැහැණුන් අදින විට,
දරුවන් ඔවුන්ගේ විියපත් දෙමාපියන්ට නොසලකන විිට,
උමතු යුගය පැමිණෙන බැව් දැනගන්න.”

අශ්වයින් නොඅදින වාහන, අහසේ පියාඹන නැව්, පිරිමි ඇදුම් අදින ගැහැණු, දෙමාපියන්ට නොසලකන දරුවන්, 12 වන සියවසේ ඉන්දුනීසියානු සමාජයට විස්මය ජනක කාරණා වුවත් වර්තමානය වන විට ඒ සියල්ල සැබෑ වී ඇත.

ජායාභය රජුගේ විස්මිත අනාවැකි අතර බිහිසුණුම අනාවැකිය තවමත් ඉතිරිය. ලෝකයට සිදුවන අවසන් මහා විනාශය වර්ෂ 2100 දී සිදුවනු ඇතැයි ජායාභය රජු තම අනාගත වාක්ය අතර සටහන් කොට ඇත. එහි ඇත්ත නැත්ත බලන්නට තවත් අවුරුදු අසූ එකක් ඉතිරිව තිබේ.

නිම්මි මුදිතා හේරත්

ප්‍රවීන ලේඛිකා නිම්මි මුදිතා හේරත් මහත්මිය සති අග අරුණ පුවත්පතට සැපයු ලිපියක් ඇගේ අවසර ඇතිව උපුටා ගන්නා ලදී.

Tags

LS4

Share Now

Related Article