යාළුවො හැමෝම කොන් කළ සංගීතා ගේ කතාව

Jul 27, 2020

මට සංගීතා හමු වුනේ වයස විසි ගණන් වල මුල් භාගයේය. මා නැවතී සිටි කාන්තා නේවාසිකාගාරයේ ඇයද සමාන තට්ටුවේ සිටියාය. අපේ දෙවන මහලේ ක්ලික් එකට අයිති වූයේ සාරංගි, නෙහාරා, චාරුනී සහ මම වැනි තවත් පොෂ් ගැහැණු ළමයි කීප දෙනෙකි. මා බෙහෙවින්ම ලස්සන බව මගේ ප්රධානියා නිතර කීවේය. ධනවතෙක් වුන මගේ බොස් මා ඔහුට අයත් හොඳම සැලුන් එකට බඳවා ගත්තේ මගේ සුන්දරත්වය නිසා යයි සිතමි.

Continue Reading Below

ඔහු විසින් රටින් ගෙන්වන ඉතාම මිල අධික රූපලාවන්ය නිෂ්පාදන පෙළක් තිබුන අතර අපේ සැලුන් එකේ වැඩ කිරීම යනු ලොකු ආඩම්බරයක් විය. එයට පැමිණි පාරිභෝගිකයන් සියලුම දෙනා රටේ නමගිය කෝටිපතියන් සහ පවුලේ උදවිය පමණක් විය. එම පොහොසත් පරිසරේ සැරිසරන මා හට ලොකු වටිනාකමක් තිබුන බව මම දැන සිටියෙමි. අනික් අතින් මා නුවර ලොකු විද්යාලයක උගත් කෙනෙක් ලෙස මට ආඩම්බරයක් තිබුණි. ආච්චි සෙවනේ හැදී වැඩුන මට අවශ්ය වුනේ ඉක්මනින් පොහොසත් වීමයි. එයට හොඳම මාර්ගය මගේ ප්රධානියා විය.

හොස්ටල් එකේ සිටි ගැහැණු ළමයින් අපගේ සෙට් එක විසින් සත පහකට ගණන් ගත්තේ නැත. මූනට හමු වුනොත් අහක බලාගැනීම අපගේ සිරිතකි. ඒ අතරින් මා වඩාම අප්රිය කළේ සන්ගීතාටය. සංගීතා ඈත ගමක කෙල්ලකි. හම මගේ මෙන් සුදු නැත. ඇය කලුය. නිතර පොත් බලමින් පාඩුවේ ඉන්න සංගීතා හට අකමැති බව මම යෙහෙළියන්ට නිතර පැවසීමි. ඇය පාඩම් කරනවා නම් හූ තබමින් හිනා වීම අපගේ සිරිතකි. අපි එලියට යනවා නම් කවදාවත් අපි සංගීතාට කතා කලේ නැත. ස්නානය කරන තැනදී දවසක් මට සංගීතා හමු වුන අතර ඇය විසින් මගේ ඉතා වටිනා සබන් කැටය හොරකම් කරනු ඇතියි මට සිතුණි. සංගීතලා ජීවිතේට දැක නැති මෙවැනි සබන් පාවිච්චි කරන මම කොයි තරම් ලොකු කෙනෙක්ද?

මගේ බොස් වයස 65 ක් ඉක්මවා සිටියද තරුණයෙක් මෙන් වැඩෙහි යෙදෙන කෙනෙකි. ඔහු මා හට නොමසුරුව මුදල් දුන් අතර ඒ මුදල් වලින් මම හොස්ටල් එකේ මගේ සෙට් එක සමග නිතර කා බී ප්රීති වීමි. එමෙන්ම ඇඳුම් ගැනීම , රූපය වර්ධනය කර ගැනීම මගේ අභිලාශය විය. තව දවසක් හොස්ටල් අප වාඩි වී සිටි තැනක් සංගීතා පසු කර යන විට මම හිනා වෙන මෙන් මිතුරියන්ට සන් කලෙමි. අපි හැමෝම හිනාවෙන්නේ තමාට බව දැන දැනම සංගීතා සෙමින් ඉවත ගියාය. ඇයට වේදනාවක් දැනුනා ද නොදත් නමුත් අපි මේ ගැන මහත් සේ සතුටු වීමු.

කාලය මේ ලෙසින් ගෙවී ගිය අතර මගේ බොස් හදිස්සියේ මිය ගියේය. ඉන් පසු ඔහුගේ දුව ව්යාපාර සියල්ලම සියතට ගත්තාය. සැලුන් එකේ මගේ තටු කැපුන නමුත් මට වෙන ස්ථානයකට යා නොහැකි විය. මන්ද යත් මා දත්තේ මේ නිෂ්පාදනය ගැන පාරිභෝගිකයන්ට කියා දීමට පමණකි.

දවසක උදේ වරුවක මැනේජර් මට කතා කළේ අලුතින් ආ පාරිභෝගිකාවක් පිළිගෙන ඇයට ඇවැසි නිෂ්පාදන පෙන්වා දීමටයි. මාස හතක පමණ විශාල උදරයක් සහිත එම කාන්තාව පැමිණ සිටියේ තවත් මහත්මයෙක් සමගය. ඇයට අවශ්ය හැම නිෂ්පාදනයක්ම ඔහු ඉතා ආදරෙන් විස්තර අසමින් බබාට අහිතකර නැති බව තහවුරු කරමින් මිලදී ගැනීමට අවැසි බව පැවසුවේය. කාන්තාව මගේ මුහුණ නැවත නැවත බලන බව මට දැනුණ නමුත් හේතුව කුමක්ද හිතා ගත නොහැකි විය.

“ ඔයා කොටහේනේ හොස්ටල් එකේ හිටියා නේද ?” ඇය ඉංග්රීසි බසින් විතාලේ මිලදී ගැනීම් අවසන් වුන විටය.

“ ඔවු..” මම පුදුමයෙන් ඇගේ මුහුණ පරිස්සමෙන් බැලීමි. ඔබ හිතුවා හරි ඔවු . අර අපි එකතු වෙලා විහිලුවට ලක් කළ සංගීතා මා ඉදිරියේ සිටියාය. ඇගේ මුහුණේ වෛරයක චායාවක් වත් තිබුනේ නැති අතර සුන්දර ලෙස සිනා සුනාය.

“ මාව මතකද ? අපි දෙන්නා එකම ෆ්ලෝ එකේ හිටියේ .” ඇය කියයි.

හොඳටම මතක වුවත් ..මතක බව කියන්නට මට ශක්තියක් නොවීය.

“ නැහැ..මට මතක නැහැ” කියූ මම පසුපස දෙසට අස්ථාන ගත වීමි.

ඔවුන් දෙදෙනා අත අල්ලාගෙන උද්යානයේ කොනක වුන විසල් ජීප් රථයට නගිනු මා බලා සිටියේ සිහිනයකින් මෙනි. අප දෙදෙනා වසර දහයකට පසුව හමු වන විට තත්වය කොතරම් නම් වෙනස් වෙලාද? පොෂ් යයි සම්මත අපේ ගැන්සිය ලෝකේ නොයෙක් දෙසට වෙන් වී සිටි අතර මම තවමත් විසි ගණන් වල මුල භාගයේ මෙන්ම වෙළඳ සහායිකාවක් වීමි. මගේ තත්වය දශකයක් පුරා අඟලකින් හෝ වර්ධනය වී නොතිබුණි.

ඒ වෙනුවට අපි විසින් කල්ලි ගැසී හිරිහැර කළ ඒ නිහඩ , අවලස්සන යයි මා සිතු ගැහැනිය සමාජයේ ධනවතුන් පමණක් මිලදී ගන්නා ඒ නිෂ්පාදනය ගැනීමට තරම් තමාගේ තත්වය වෙනස් කරගෙන තිබේ. තරුණ කාලය ගත කළ යුත්තේ කොයි වගේ ක්රියාවන් වෙනුවෙන්ද කියා අවබෝධයක් වර්තමානයේ තරුණ , තරුණියන්ට ලබා දෙනවා නම් කදිම බව සිතමි.

(මෙවැනි තවත් කතා කියවීමට කැමති නම් පහළ ඇති Tags වචනයට යටින් ඇති Motivational Story මත ක්ලික් කරන්න. එවැනි කතා සියල්ල ඔබට දැකිය හැකිය.)

Share Now

Related Article