වාඩි වෙන විදිහ අනුව චරිත ලක්ෂණ පරික්ෂා කරමු – 1 කොටස

Apr 1, 2019

යමෙකු අසුනක් මත අසුන් ගන්නා ඉරියව්ව පරික්ෂා කරලා ඔහු ගැන අනාවැකි කියන්න පුළුවන් කියලා ඔබ දන්නවද? අංග ලක්ෂණ අනුව අනාවැකි කියන අනාවැකි විද්‍යාවේ එක්තරා පැත්තක් තමයි මේ. තමන් ඇසුරු කරන පුද්ගලයන්ව යන්තම් හෝ තේරුම් ගන්න මේ දැනුම ඔබට උදව් වේවි.

Continue Reading Below

1. මේ ඉරියව්වෙන් අසුන් ගන්නේ හොඳ ආත්ම විශ්වාසයක් තියෙන අයලු. තමන් කරන වැඩේ හරියටම කරනවද, නැද්ද කියලා ඔවුන් නිතරම අවධානයෙනුයි ඉන්නේ. ඒ වගේම මේ අය හරිම විශ්වාසදායකයි. ඔවුන් හොඳ මිතුරන්. විශ්වාසය තියලා යමක් කියන්න බය වෙන්න ඕනේ නැහැ. ඒ වගේම තමන්ගේ මිතුරන්ගේ අමාරු කාල වලදී මේ අය උදව් කරන්න ඉක්මනින්ම ඉදිරිපත් වෙනවා.

2. මේ ඉරියව්වෙන් අසුන් ගන්නා අය හරිම සංවේදී, අනුකම්පාසහගත පුද්ගලයන්. තවකෙකුගේ හැඟීම් වලට වචනයකින්වත් රිදවන්න ඔවුන් කැමති නැහැ. මේ අය යමක් කරන්න කලින් හොඳට හිතනවා. එහි ඇති වාසි අවාසි පිරික්සනවා. තමන් කරන්න හදන දෙය විශ්ලේෂණය කරලා, හරි තීරණයකට එළඹිලා තමයි ඒ දෙයට අත ගහන්නේ.

3. මේ ඉරියව්වෙන් අසුන් ගන්නා අය මිත්‍රශීලියි. ඔවුන් නව මිතුරන් ඇති කර ගන්නත් දක්ෂයි. හැබැයි මේ මිතුරන් ඇති කර ගන්නා ක්‍රමයේ පොඩි වෙනසක් තියෙනවා. තමන්ට මිතුරු කර ගැනීමට අවශ්‍ය කෙනාව පැසසුමට සහ වර්ණනාවට භාජනය කරලා තමයි මේ අය මිතුදම් තර කර ගන්නේ.

4. මේ ඉරියව්වෙන් අසුන් ගන්නා අයව ආශ්‍රය කරන්න පටන් ගත්තු මුල් කාලේදී ඕනෙම කෙනෙක්ට දැනෙන්නේ ඔවුන් තද හිතක් තියෙන පුද්ගලයන් කියලයි. ඒත් ඔවුන්ව ඇසුරු කරන කාලය වැඩි වෙද්දී තමයි ඔවුන්ගේ කරුණාවන්තකම, ප්‍රියමනාප බව, අවංකකම හරියටම අවබෝධ කර ගන්න පුළුවන් වෙන්නේ. මේ අය වෙලාවට වැඩ කරනවා, යමක් කරද්දී හරිම සුපරීක්ෂාකාරියි.

5. මේ ඉරියව්වෙන් අසුන් ගන්නා පුද්ගලයන් පාලනයට දක්ෂයි. තමන් වටේ ඉන්නා අයව පවා නිතරම පාලනය කරගෙන ඉන්න, අණ දෙන්න උත්සාහ කරන ගතියක් මේ අය තුල තියෙනවා. මේ අයට පුළුවන් ඉක්මනින් මිතුරන් ඇති කර ගන්න.

2 කොටස සඳහා පිවිසෙන්න

Share Now

Related Article