මීනක්ෂිලා ලක්ෂ ගානක් ඉන්න රටේ Sandra Wanduragala වගේ වෙන්න අපි මහන්සි වෙන්න ඕනේ……

Jul 20, 2018

ඔබ වෙනුවෙන් - 10 කොටස

Continue Reading Below

අපේ රටේ ගොඩක් කාන්තාවන්ගේ රෝල් මොඩල් තමා ඉන්දියාවේ නාට්‍ය වල ඉන්න කවුරු හෝ චරිතයක්. මේ චරිත වල පොදු ලක්ෂණ තමා ඔවුන්ගේ ලෝකේ හරිම පොඩියි. ගෙයක් ඇතුලට වෙලා සත්තු වගේ ඇන කොටා ගැනීම තමා මේ චරිත වල පරම සැපත. අපේ බහුතරයක් කාන්තාවන්ගේ හැසිරීම් වුනත් මීට දෙවෙනි නැහැ පාසල් වල, කාර්යාල වල , ගෙවල් වල , වෙන එකක් තියා සයිබර් අවකාශයේ පවා ඔවුන් කරන්නේ රංචු ගැහිලා කාව හරි අපහසුවට ලක් කරන එක , එකිනෙකා වට්ට ගන්න ඕපදූප කියන එක, මඩ ගහන එක. ඇත්තටම මේ විදිහට ගැහැණු small minded වෙන්න එක හේතුවක් තමා ඔවුන්ට Role Models නැහැ.

ඒ නිසා මින් පස්සේ ලංකාවේ ගැහැණු වෙනුවෙන් ශ්‍රේෂ්ට ස්ත්‍රී රත්න කීපයක් ගැනම මින් පසු ලියන්න හිතුවා. ඒ අතරිනුත් Selyn රෙදිපිළි ව්‍යාපාරය කරණ සැන්‍ද්‍රා වඳුරාගල මහත්මිය කියන්නේ මගේ ජීවිතේ ඉන්න වීර වරියක්. ඒ ශේෂ්ටත්වය , එතුමිගේ ඇති ගෞරවාන්විත කම අපි හැමෝටම පෙන්වනවා ගැහැනියක් වෙලා ඉපදුනානම් ජීවත් වෙන්න ඕනේ හරි ක්‍රමේ මොකද්ද කියල.

ඇය කුඩා කල සාමන්‍ය පවුලක ඉපදිලා මේ ව්‍යාපාර බින්දුවේ ඉඳල ගොඩනැගුවා විතරක් නෙවේ ඒ මගින් social enterprise කියන සංකල්පය අත්හදා බලමින් ගම් 20 ක 1000 ක් පමණ කාන්තාවන්ට රැකියා සැපයුවා. ලංකාවට බැකිංහම් මාලිගේ පවා කතා වෙන අන්දමේ විශිෂ්ට වෙළඳ සන්නාමයක් හැදුවා. ගම් වල ගැහැණු රට යාම නවත්වලා ඇය එක්ක සම්බන්ධ වීමෙන් ඒ ගම් වල පවුල් හා සාමාජීය ගැටළු විසඳුවා. තමාගේ දරුවෝ දෙන්න යවන්න ගමේ පාසලක් නැති වෙද්දී ගමට ජාත්‍යන්තර පාසලක් දැම්මා. මොන බාධකය ආවත් නිර්භීතව තමන්ට වගේම රටටත් සේවයක් වෙන විසඳුමක් එක්ක තමා ඇය නැගී සිටියේ.

වුර්තියෙන් නීතිඥ වරියක් වුන එතුමිය අදටත් උදේම ඔප්පු ලිවීමේ කටයුතු වල යෙදෙනවා, ජාත්‍යන්තර පාසලේ විදුහල් පතිනිය ලෙසත් කටයුතු කරනවා, Selyn වෙළඳ නාමය ජාත්‍යන්තරය කරා ගොස් දැන් දේශීය වෙළඳ පොළ වෙතත් එමින් සිටිනවා.

ඇය මේ ව්‍යාපාර වලින් ලාභ ලැබුවා වගේම සමාජය ලබපු ලාභ අසීමිතයි. ඇයට සැලුන් යන්න අදටත් වෙලාවක් නැහැ…. ඇය තමා වටේ සිටින ජීවිත රාශියක් හදන්න දිවා රාත්‍රී යුහුසුළු වෙනවා.

ඉන්ටනෙට් එකේ සර්ච් කරලා බලන්න. ඇය කවුද කියා දැකගන්න. ගැහැනියක් ලෙස ඉපදී නැන්දම්මා එක්ක රන්ඩු වෙන්න, නෑනට නපුරුකම් කරන්න, ඔෆිස් එකේ දක්ෂ නිලධාරිනියකට රැකියාව එපා කරවන්න, ඕපදූප කියවන්න යොදවන කාලය වැදගත් වැඩකට යොමු කරන්න.

ලෝකය පුළුල්ව දකින්න. මම හැමදාම පතන දෙයක් තියනවා මේ රටේ සැන්ද්‍රා වඳුරගල මහත්මිය වගේ ගැහැණු තව ලක්ෂයක් උපදින්න ඕනේ. අපි හැමෝම එතුමි වගේ අය දිහා බලල හැදෙන්න ඕනේ.

Share Now

Related Article