දුක්බර පවුලක සත්‍ය කතාවක්

Feb 7, 2020

ඔබේසේකර මහතා සහ මහත්මිය මනෝ උපදේශකයා ඉස්සරහින් වාඩි වුනේ පුටුව සද්දෙට ඇදගෙනය. එකිනෙකා කෙරෙහි ඇති කලකිරීම සහ තරහව ඔවුන්ගේ මූණෙන් කැපී පෙනුණි. නමුත් පළපුරුදු උපදේශකයාගේ සාන්ත මුහුණේ සුපුරුදු හිනාවම විය. ඔහු ඔබේසේකර මහත්මිය දෙස බලා නැවත සිනාවක් පළ කලේ විශ්වාසයක් ඇති කිරීමට මෙනි.

Continue Reading Below

මොකද්ද දැන් ප්රශ්නය ? ඔහු ඔබේසේකර මහත්මිය වෙතට හැරුණි.

මොහොතක් කෝපයෙන් සැමියා වෙත රවා බැලු ඇය උපදේශකයා වෙත හෙලුවේද යහපත් බබැල්මක් නොවේ..

“මුල ඉඳලම පටන් ගන්නම් මහත්තයා…. මම මෙයා එක්ක යාලු වුනේ වයස 23 දී. මෙයා තමයි මගේ පලවෙනි පෙම්වතා. අපි කැම්පස් ඉවර වෙලා කසාද බැන්දා”

ඇය මෙසේ කියද්දී උපදේශකයා ඔහුගේ මුහුණ දෙස බැලුවේය. ඔහුගේ මුහුණේ මෘදු බවක් ඇති වුන බව උපදේශකයාට පැහැදිලි විය.

“ඊට පස්සේ අපි රස්සා කරන්න පටන් ගත්තා. ලෝන් එකකුත් දාල අම්මලාගේ ලැබුන උදවුත් එක්ක පොල්හේන්ගොඩ ලස්සන ගෙයක් හැදුවා. අපිට දුවල දෙන්නෙක් ඉන්නවා.” ඇගේ කටහඬ ඉකියකට පෙරලුනි.

“ මම මුළු ජීවිතේම කැප කරේ මෙයා වෙනුවෙන්. දරුවෝ නැත්නම් මම මේ විදිහට එක එක තැන් වල යන්නේ නැහැ. කෙලින්ම ඩිවෝස් කරවනවා. “ ඇගේ මුහුණේ මතු වුනේ දැඩි අපේක්ෂා භංගත්වයකි.

“ මෙයාගේ මේ ජරා කට තමා සේරටම මුල.” ඔබේසේකර මහතාද බුරා හැලුනේය.

“ මට ගිය සතියේ අහු වුනා…අහු වුනා…මෙයාට වෙන සම්බන්ධයක් තියනවා. ඒ ගෑනිව හම්බ වෙලා දෙකක් කියන්න මට ඕනේ වුනත් මෙයා ඒ ගෑනිගේ පැත්ත අරගෙන මට ගැහුවා. දැන් මම ඇහුවහම ඒ ගෑනිද මමද කියල මෙයා කියනවා මා එක්ක දිගටම ඉන්න ඕනේ නම් උපදේශනයට යන්න කියල. මගේ ළමයිනුත් මට තමා බනින්නේ. එයාල හැමෝම මෙයාගේ පැත්තේ. “

මේ බැනගනීම යහපත් තැනකට ගෙන ඒමට සිතු උපදේශකයා මෙවර ඔබේසේකර මහතා වෙතට හැරුණි. අවුරුදු 50 කට ආසන්න ඔහුගේ මුහුනේද ඇත්තේ වෙහෙසකර බවකි.

“මෙයා කරන වැරදි ලියන්න පොතක් පිරෙවුවත් මදි වෙයි” ඔහු පිළිතුරු ලෙස කීවේය.

“මොනවද මම කරේ? තමන්ගේ අවලම් කම වහගන්න මට කතා ගොතන්න එපා” ඇය ප්රලය විය.

“ඔයා මම ගෙදර එන වෙලාවට වුනත් ඕනෙම වෙලාවක වුනත් ගෙදර ඉන්නේ තරහෙන්. මට වැඩ ඇරිලා ඇවිත් එක මොහොතක් ඉඳගෙන ඉන්න දෙන්නේ නැහැ. වැඩ කරලා මහන්සි වෙලා ආවා විතරයි කෑ ගහනවා. අරක ගේන්න, මේක ගේන්න කියල. මට ගෙදර සාමයක් ඇත්තෙම නැහැ. දුවලටත් මෙයාව පෙන්නන්න බැහැ . මේ කියවිල්ල අපි තුන් දෙනාටම මහා හිරිහැරයක්.

“අප්පෝ මගේ කටේ බලේ නැත්තනම් කොරයි මේවා තාත්තලා දුවලා. මම මේ මහන්සි වෙලා සේරම හදන්නේ ව දෙන්නගේ අනාගතේට නේද? මම මොනාහරි කරන්න කීවහම මෙයා මට බැනලා තරහ වෙනවා. එක්කෝ නෑහුනා වගේ ඉන්නවා. ඉතින් මට කොච්චර දුකද? මම තවත් කෝප වෙන්නේ මෙයාගේ මේ ගොළු හැසිරීම නිසයි.”

“ ඒකට අපේ නංගිගේ මහත්තයා…මොනවා කළත් නංගි එක්කමයි. නංගි උයනවා නම් ඒ මල්ලි ළඟ ඉඳගෙන පොල් ටික ගානවා. මෙයා ඒකට TV එක ඉස්සරහ වාඩි වෙලා එක්කෝ ප්රවුර්ති. නැත්නම් පත්තරයක් බදාගෙන.” මේ වෙලේ ඇය ඉකි බිඳින්නට පටන් ගත්තාය.

ඔබේසේකර මහත්තයා කතාව කියනවා.

“බැඳලා මුල් කාලේ ඉඳල මම කොයි තරම් ඔයාට උදවු කරන්න උත්සහ කරාද? ඒ එකක් වත් වැඩ කරේ නැහැ . ඔන්න මම ළමයිගේ රෙදි මැද්දහම ඔයා කියන්නේ මොකද්ද?

ආයෙත් ඒවා මදිනවා මට බැන බැන… මම ළමයි හේදුවොත් ඔයා ආයෙත් හෝදනවා. ඒ මදිවට මට දොස් කියනවා. කුස්සියේ උදවු කරත් එච්චරනේ…………. මම ගාන පොල් වල රැලි දිගයි. කපන කොළ හීනි මදි. නැත්නම් මම කුස්සියේ නිකන් හිටියා නම් ඔයා එක්කෝ මගේ අම්මට බනිනවා. එක්කෝ නංගිට බනිනවා. මගේ පවුලේ මිනිස්සුන්ට වැරදි කියනවා අහන්න මම කැමති නැහැ. කරන වැඩේ ඔයාට සෑහෙන්නේ නැති කොට ආයේ කරලත් වැඩක් නැහැනේ. ඉතින් මම නිකන් පාඩුවේ පොතක් බලන එක ඇඟට ගුණ නිසා සද්ද නැතුව හිටියා. හැබැයි ඔයාගේ කාර් එකත් හෝදන්නේ මමනේ. ගරාජ් දාන්නෙත් මම. කඩේ යන්නේ මම.

ඔයා කවදාවත් සැලසුමක් කරලා වැඩ කරන්නේ නැහැ. නිවාඩු දවසට මම කී පාරක් කඩේ යනවද? ඔයාට හිතෙන් බැන ..බැන… තමයි යන්නේ. ඇයි දෙවියනේ මාත් මිනිහෙක්. ඔයාට බැරිද ඉවර වෙන බඩු ටික ඔක්කොම එක වර ගේන්න?

මෙවර ඔබේසේකර නෝනා හඬන එක නවතා ඔහු වෙතට හැරේ.

“එතකොට මම බඩු ටික එකවර ලියල නොදෙන නිසාද ඔහේ මගුල් නටන්න ගියේ?” ඇගේ දෙනෙතින් ගිනි පුලිගු පිටවේ.

“ ඔයා හැමදාම කරේ මාව සැක කරන එකනේ මාලා…… දැන් ඔයා හැමෝ ඉස්සරහම නාකිවෙලත් මම මනමාලයෙක් ගානට දැම්මා. මගේ දූවරු වාසනාවට දන්නවා ඔයා කියන දේවල් වල ඇත්ත නැත්ත මොනවද කියල. “ කියමින් ඔහු උපදේශකයා වෙත හැරුනේය.

අතේ ඇති වෙලාව බැලු උපදේශකයා …” කමක් නැහැ. අන්තිම එකනේ. මේ ප්රශ්නය සමතයකට ගෙනත්ම ඉවර කරනවා. “ කියා සිතමින් නැවත පුටුවේ හරිබරි ගැසුනේය.

“ මෙයා දන්නා කාලේ ඉඳල මා යන එන තැන් හොයනවා. මට කෝල් එකක් ආවත් අහගෙන ඉන්නවා. මගේ ලියුම් කඩනවා. මාව වලෙක් , ගෑනු පෙරේතයෙක් , හොරෙක් ගානට දාල තමා කටයුතු කරන්නේ. ඉතින් ඔෆිස් එකේ කාන්ති කියල මට පහල නිලධාරිනියක් ඉන්නවා. ඒ මනුස්සයා මා එක්ක හිතවත්. නිකන් හිතවත් කමක් තමා තියෙන්නේ. ඉතින් එයා දවසක් කියවපු පොතක් හම්බ වුණා. මම ඒක ඉල්ලුව නිසා කියවල නැවත දෙන පොරොන්දුව පිට මට ඕක දුන්නා. ඉතින් ගෙදර ආවහම මගේ බෑග් එක ඇදපු මෙයා මේක කොහෙන්ද අහල මහා ගිනි විජ්ජුම්බරයක් නැටුවා. ඊට පස්සේ ඒ මනුස්සයට බනින්න හෙට ඔෆිස් එකට එනවා කියද්දී මගේ රතු කට්ට පැන්නා. ජීවිතේටම මෙයාගෙන් බැනුම් අහගෙන එලියට වෙලා කරබාගෙන හිටපු මට මොකක් වුනාද තේරුනේ නැහැ. මගේ අතින් මෙයාට කනට පහරක් වැදුනා.”

“ ඒ ගැන ලජ්ජා වෙනවා. ඒත් නිකමට හිතන්න මහත්මයා කාන්ති මිස් හොඳ ගෑනියක්. ඒ මනුස්සයට මෙයා ඔෆිස් ඇවිත් බැන්නා නම් මොන තරම් ලැජ්ජාවක්ද? “ එතනින් නිකන් නොයිඳ මෙයා මගේ ඔෆිස් එකේ යාලුවන්ගේ බිරින්දෑ වරුන්ට කතා කරලා කියල තියනවා කාන්ති සහ මා අතරේ අනියම් සම්බන්ධයක් තියනවා කියල. ඉතින් මට සිදු වුණා මෙයාගේ මේ තත්වය මගහැරගන්න මනෝ උපදේශනය වෙතට ගේන්න.

“අනේ මේ……මාව ඩිවෝස් කරලා අරකිව බඳින්න නේද ඔහෙට ඕනේ? ඇය බුරා හැලුනාය.

මේ ගැටලුව මනෝ වෛද්ය වරයෙක් වෙතට යොමු කිරීමට සිතු උපදේශකයා මොහොතක් කඩදාසියක් ගෙන සටහනක් ලිවුවේ සිය රෝහලේ මනෝ වෛද්ය වරයා වෙතටය.

“ මෙන්න මේ ඩොක්ට හම්බ වෙන්න ඉස්සෙල්ලම. අපි ප්රතිකාර සමගම උපදේශනය කරමු. ඔබේසේකර නෝනා ඔබ මේ වෙලේ ඉන්නේ හිතේ පීඩනයෙන්. දෙයක සත්ය තත්වය ඔයාට වැටහෙන්නේ නැහැ. ඒ නිසා පවුල් ජීවිතේ සාර්ථක කර ගන්න ඕනේ නම් මේ දේ කරන්න. ඔහු ඔබේසේකර මහතාගේ අතට සිය ලියුම ලබා දුන්නේය. බෙහෙත් ප්රතිකාර ගෙන තව සති තුනකින් තමා හමුවට එන ලෙස ඔවුන් දෙදෙනාට නියම කළේය.

Share Now

Related Article