මහා වික්ටෝරියා රැජිනගේ ප්‍රේම වෘතාන්ත…

Nov 2, 2016

මහා බ්‍රිතාන්‍යයේ ස්වර්ණමය යුගයට හිමිකම් කියපු, ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් වලට විශාල බලපෑමක් කරපු මහා වික්ටෝරියා රැජිණිය ( 1837 - 1901) කියන්නේ ඉතිහාසයේ සුවිශේෂ චරිතයක්. ඇයගේ කාලයේ නොයෙක් කලාවන්, විද්‍යාවන් , දේශපාලනික වෙනස්කම් විතරක් නෙවෙයි සමාජ වටිනාකම් පවා නව අන්තයකට පිවිසුනා. ඇය යටතේ අධිරාජ්‍යය තවත් ව්‍යාප්ත වුනා.
හැගීම් වලට ඉඩ නොදෙන, ලිංගිකත්වය දැඩිව වාරණයට ලක් වුන නීති රීති සහ සමාජ වටපිටාවක් ඇති කළ ඇගේ සැබෑ ජීවිතය ඇය සම්මත කළ සමාජයෙන් ගොඩක් වෙනස් දෙයක්. කාලයේ වැලි තලාව සමග යටගිය ඇගේ සැබෑ ජීවිත කතාන්දරය තමයි මේ ලිපියෙන් කියවෙන්නේ.

Continue Reading Below

ළමා කාලය හා විවාහයට පෙර


1842 දී කුඩා වික්ටෝරියා සිය මව සමග – සිතුවමකි.

තුන් වන ජෝජ් රජතුමාගේ හතර වෙනි පුත්‍රයා වුන කෙන්ට් ආදිපාද තුමාට දාව ඉපදුන වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්ද්‍රා කුමරිය ඔටුන්නට හතර වන හිමි කාරිය ලෙස කෙසින්ටන් මාලිගයේ හැදී වැඩුනා. ඇගේ පියා වසරක් සම්පූර්ණ වෙන්න කලින් මිය ගිය නිසා වැන්දඹු මව සහ ඇගේ පෙම්වතා වුන ජෝන් කොන්රෝයි සමග ඉතාම තද නීති රීති යටතේ තමයි ඇගේ ළමා කාලය ගෙවුනේ. ඇය ගේ පසු කාලීන ජීවිතේ තිබුන බොහෝ මර්ධනකාරී දැඩි පෞර්ශය ඇති වෙන්න මේ පීඩා කාරී ළමා කාලය හේතුවක් වෙන්න ඇති. මේ පීඩා කාරී පරිසරය ඇත්තටම ඇති කලේ ජෝන් කොන්රෝයි. ඔහුගේ බල තණ්හාව නිසා ඇයගේ ළමා කාලය විනාශ වුනා. කොහොම නමුත් සිය ලොකු තාත්තා වුන හතර වන විලියම් රජතුමාගේ මරණයෙන් පසුව අවුරුදූ 18 තරම් බාල වයසකදී ඇයට විශාල බලයක් ඇති අධිරාජ්‍යයේ රැජිණිය ලෙස කිරුළු පළඳින්න හැකි වෙනවා.


ලෝර්ඩ් මෙල්බර්න්
තරුණ රැජිනට ලන්ඩනයෙන් උණුසුම් සුභ පැතුම්

තරුණ රැජිනට ලන්ඩනයෙන් උණුසුම් සුභ පැතුම්

ඇගේ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය වරයා වුන ලෝර්ඩ් මෙල්බර්න් සාමිතුමා සමග සමීප සම්බන්ධයක් ගොඩනැගීමත් සමගම රැජින තම මව ගෙන් වෙන් වෙනවා. ඇගේ ළමා කාලය අහිමි කළ ජෝන් කොන්රෝයි ව මාලිගයෙන් පිට කරනවා. මෙල්බර්න් සාමි තුමා ඇයගේ විශ්වාසවන්තයා සහ පියෙක් මෙන් සෙනෙහසින් ඇයට උපදේශනය කරන්න පටන් ගන්නවා. මෙම සම්බන්ධය නිසා පාර්ලිමේන්තුවේ නොයෙක් අර්බුද පවා ඇති වෙනවා.


සැමියා ඇල්බර්ට් කුමරු
වික්ටෝරියා සහ ඇල්බට් අතර විවාහය - සුදු මංගල ඇඳුම් වල ආරම්භය

වික්ටෝරියා සහ ඇල්බට් අතර විවාහය – සුදු මංගල ඇඳුම් වල ආරම්භය

1819 දී බැවේරියාවේ කුමාරයා මෙන්ම ඇගේ ඥාති සහෝදරයා වන ඇල්බර්ට් ගේ එංගලන්ත සංචාරයේදී තරුණ රැජින ඔහු සමග ප්‍රේමයෙන් බැඳෙනවා. ඊළඟ වර්ෂයේදී ඔවුන්ගේ විවාහය සිදු වෙනවා. ඇය එහිදී අඳින සුදු මගුල් ඇඳුම අද දක්වා ලෝකයේ මනමාලියන් පවත්වාගෙන යනවා. පළමු සුදු මගුල් ඇඳුම ඇන්දේ වික්ටෝරියා රැජින විසින්.


විවාහයේ බල අරගලය
1946 වසරේ වික්ටෝරියා සහ ඇල්බට් දරුවන් සමග

1946 වසරේ වික්ටෝරියා සහ ඇල්බට් දරුවන් සමග

ඔවුන් දෙදෙනා ප්‍රේමයෙන් වෙලී සිටියත්, රැජිනගේ පවතින දැඩි කෝපය නිසා දබර නිතර දෙවේලේ ඇති වෙනවා. අතිශය ප්‍රේමනීය ලිංගික ජීවිතයක් ගෙවන මේ යුවල වසර 17 ක් තුල දරුවන් නවයක් මේ ලොවට බිහි කරනවා. ඇයගේ නිරන්තර ගර්භනී භාවයන් නිසා සැමියා ටිකෙන් ටික බලය අත්පත් කර ගන්නවා. ඔහු විශාල වශයෙන් සමාජ පරිවර්තන රාශියකට දායක වෙනවා. ඔහුගේ මරණය ටයිෆොයිඩ් උන නිසා සිදු වෙද්දී රැජිනගේ වයස අවුරුදු 42 යි. ඇය මෙයින් බලවත් කම්පනයකට ලක් වෙනවා.


දරුවන් සමග ප්‍රශ්න

ඇය සහ දරුවන් අතර ඇති සම්බන්ධය එතරම් යහපත් නැහැ. ගර්භනී වීම පවා පිළිකුල් කරන ඇය දරුවන් ඇති දැඩි කරන්නේ ඉතාම දුරස්ථව සේවකයන් සමගයි. ඒ වගේම ඔවුනට කිරි දීම ඉතාම තදින් පිළිකුල් කළා. තම මුණුබුරන්ට හොර රහසේ කිරි දුන්න දියණි වරු ඇය හැඳින්නුවේ එළදෙනුන් වශයෙන්. ඒ වගේම නිරතුවම දරුවන් සමග ගැටුම් ඇතිකර ගත් ඇය ඔටුන්න හිමි වැඩිමහල් පුත්‍රයා බර්ටි විශේෂයෙන් අප්‍රිය කළා.
නියම රාජ්‍ය තාන්ත්‍රීය කාන්තාවක් ලෙස යුරෝපය පුරාම රජ පවුල් වලට සිය දියණි වරු පස් දෙනා විවාහ කර දීමත් සමගම ඇය යුරෝපයේ මව යන විරුදාවලිය ලබනවා.


හිමෝෆීලියා ජාන සහ ඇගේ උපතේ සුජාත භාවය

නමුත් රජ පවුල තුල පෙර නොවූ විරු හිමෝෆීලියා රෝග වාහකයෙක් ලෙස රැජින හැඳින්වෙනවා. ලෝකය පුරාම රජ පවුල් වලට ඒ සමගම එකතු වෙන හිමෝෆීලියා ජානය ඇයගේ නියම පීතෘත්වය පිළිබඳව කුකුසක් ලෝකයටම ඇති කරනවා. ඇයගෙන් පැවතෙන රජ පවුල් දහයකට පමණ මෙම ජානය ව්‍යාප්ත වෙනවා. රුසියාවේ දෙවන නිකොලස් සාර් සමග විවාහ වන දියණිය ගේ ඔටුන්න හිමි පුත්‍රයා පවා හිමොෆීලියාවට ගොදුරු වෙනවා.

කොයි ආකාරයෙන් හිමොෆිලියාව රාජකීය රුධිරයට එක්වුනාද යන්න අදටත් ගැටළුවක්.


ජෝන් බ්‍රවුන්
වික්ටෝරියා ජෝන් බ්‍රවුන් සමග

වික්ටෝරියා ජෝන් බ්‍රවුන් සමග

තනිව සිටින රැජින වැන්දඹුවක් ලෙස මහජන හමුවීම් වලින් ඉවත්ව සිටියත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලට සක්‍රියව දායක වෙනවා. මේ අතරේ ඇය ජෝන් බ්‍රවුන් නමැති ඉස්තාල සේවකයා සමග ප්‍රේමයෙන් බැඳෙනවා. එකිනෙකාට දැඩිව ප්‍රේම කලත් මේ සම්බන්ධය පවුල තුල සහ පාර්ලිමේන්තුවේ අප්‍රසාදයක් ජනිත කරවනවා. ඇයට වඩා වසර හතකින් ලාබාල ජෝන් දිගටම රැජිනගේ සේවකයෙක් ලෙස සිටිනවා. පවුලේ මතය සතයකට ගණන් නොගන්නා රැජින සිය වමතේ ඇල්බර්ට් සාමි තුමාගේ මගුල් මුද්දත් දකුණතේ ජෝන් බ්‍රවුන්ගේ මවගේ මගුල් මුද්දත් පළඳිනවා. වෙන එකක් තබා ඇගේ මිනී පෙට්ටියේ පවා දෙදෙනාගේම මතක සැමරුම් තබන ලෙස නියෝග කරනවා.
කෙසේ නමුත් ඇය ට වයස 64 වන විට ජෝන් බ්‍රවුන් මිය යනවා.


ලාබාල ඉන්දියානුවා අබ්දුල්
අබ්දුල් කරීම් රාජකාරි අතර

අබ්දුල් කරීම් රාජකාරි අතර

ඇගේ අවසන් වර්ෂ 15 දී ඇයට සමීපව කටයුතු කරන පෙම්වතා වශයෙන් සැලකෙන්නේ ඉන්දියාවෙන් පැමිණි ලාබාල තරුණයෙක්. ඔහුගේ නම අබුදුල් කරීම්. රාජකීය කෑම මේසයේ වේටරයෙක් ලෙස සේවය කරන හෙතෙම රැජිනගේ සුරතලා වීම ඇයගේ දරු මුණුබුරන්ගේ මහත් කෝපයට හේතු වෙනවා. මුන්ශි හෙවත් ගුරුවරයා ලෙස තත්වයෙන් උසස් කරන ඔහු රැජින සමග නිවාඩු ගත කිරීම සඳහා බැල්මොරල් මාලිගාවට පවා යනවා. ඇයගේ ලොකු පුතා ගේ බලවත් වෛරයට පාත්‍ර වෙන මෙම සම්බන්ධය නිසා මුන්ශි විශාල වශයෙන් අපහසුතාවයන්ට පත් කරනවා. කෙසේ නමුත් ඇය අවුරුදු 80 දී මිය යාම සමග මුන්ශිව ඉන්දියාවට පිටුවහල් කර ඔහු සහ රැජින අතර තිබුන සියලුම සාක්ෂි විනාශ කරන්නට ඇගේ පුත් හත් වන එඩ්වර්ඩ් රජ තුමා කටයුතු කරන්නේ රජ පවුලේ ගෞරවය වෙනුවෙන්.

Share Now

Related Article