අතුරුදහන් දරුවාගේ අබිරහස

Jul 23, 2020

එය මිනීමැරුම් අබිරහසකටත් වඩා බියකරුය.

Continue Reading Below

අතුරුදහන් වුණු දරුවෙක්.. ඒ් දරුවාගේ හිස් තැන පුුරවන්නට තවත් අම්මා කෙනෙකුගෙන් උදුරාගත් දරුවෙක්.. ඇත්තෙන්ම එය දරුවන් දෙදෙනෙකුගේත්, පවුල් දෙකකත් දුක්බර කතාවකි.

ඒ සියල්ල ඇරඹුණේ එක් විනෝද ගමනකිනි.

දිනය 1912 අවුරුද්දේ අගෝස්තු 23 වෙනිදාය. ඩන්බාර් පවුලේ අය නිවාඩු දිනයේ විනෝද වනු පිණිස ලුසියානාවේ ස්වායිස් විලේ මාලු බාන්නට ගියහ. ලෙසී ඩන්බාර් හා පර්සි ඩන්බාර් යුවල විලේ මාලු බාමින් ඔරු පදිමින් විනෝද වන අතර ඔවුන්ගේ පුතුන් දෙදෙනා විල් ඉවුරේ සිත් සේ සෙල්ලම් කළහ.

සියල්ලන්ටම දිවා ආහාරය ගෙදරින්ම සූදානම් කර ගෙනැවිත් තිබිණ. ඒ විල් ඉවුරේ එලිමහනේ හිදගෙන කන්නටය. ලෙසී කෑම කන්නට අනෙක් අයට කතා කළ විට පර්සි සහ ඔවුන්ගේ වැඩිමල් දරුවා පමණක් එතැනට පැමිණියහ. අවුරුදු හතරක් වයසැති බොබී ඩන්බාර් පමණක් කෑම කන්නට එතැනට ආවේ නැත. ඔහු පෙනෙන්නට නොසිටියේය.

“කෝ බොබී..?” ලෙසී විමසිලිමත් වූවාය

“එයා විල් ඉවුරෙ ඇවිද ඇවිද හිටියා.. දැන් පේන්න නෑ.. අර ගස් තියෙන පැත්තට යන්න ඇති..” වැඩිමල් දරුවා කීවේය.

“මොකක් හරි සතෙක් දැකලා ඒ පස්සෙන් යන්න ඇති.. තව ටිකකින් එයිනෙ..” සැහැල්ලුවෙන් කියා ලෙසී අනෙක් අයට කෑම බෙදුවාය.

ඔවුන් කෑම කා හමාර වන තුරුත් බොබී ආපසු පැමිණියේ නැත. ඉන්පසු පැයක් දෙකක් ගත විය. බොබී තාමත් නැත. ඩන්බාර් යුවල කලබල වූහ. ඔවුහු දරුවාව සොයන්නට පටන් ගත්හ. ලෙසීත්, පර්සිත් හඩනගා බොබීට කතා කරමින්, විල් ඉවුර දිගේත්, යාබද වන ලැහැබ තුලත් ඇවිදිමින් දරුවා සෙවූහ. එහෙත් බොබීගේ හෝඩුවාවක්වත් නැත.

සවස් වන තුරුම සොයා, දරුවා නැති තැන ඔවුහු පොලිසියට මේ අතුරුදහන් වීම ගැන පැමිණිළි කළහ. පොලිස් කණ්ඩායමක් පැමිණ දරුවා සොයන්නට මෙහෙයුම් ආරම්භ කළහ. ඔවුන්ට හමු වූයේ විල ලග සිට පිටතට ඇදෙන පුංචි අඩි සලකුණු වගයක් පමණකි. ඔව්.. එපමණකි. වෙනත් කිසිම හෝඩුවාවක් නැත. පුංචි බොබී සොයා ගත නොහැකි ලෙසින් අතුරුදන් වී උන්නේය.

මේ අතුරුදන් වීම ගැන ආරංචිය ලැව් ගින්නක් මෙන් පැතිරී ගියේය. පුවත්පත් සිරස්තල වල වැඩිහරියක්ම තිබුණේ බොබීගේ අතුරුදන් වීම ගැනමය. එහෙත් මාස අටක් තිස්සේම පොලිස් කණ්ඩායම් යොදවා සෙවූ මුත් බොබී ගැන කිසිදු ආරංචියක් දැනගන්නට ලැබුණේම නැත.

අන්තිමේදී මාස අටකට පසුව පොලිසිය විසින් බොබී යැයි සිතිය හැකි දරුවෙකු සොයාගනු ලැබිණ. ඔවුන්ට ඒ් දරුවා මුණ ගැසුණේ මිසිසිපි හි විලියම් කාන්ට්වෙල් වෝල්ටර්ස් නැමැත්තෙකු ලග හිදියදීය. පොලිසිය වහාම වෝල්ටර්ස්ව අත්අඩංගුවට ගෙන දරුවා තමන්ගේ භාරයට ගත්තේය.

එහෙත් වෝල්ටර්ස් කීවේම තමා දරුවෙකු පැහැරගැනීමක් ගැන හාංකවිසියක් නොදන්නා බවමය.

“මේ දරුවගෙ නම බොබී ඩන්බාර් නෙවෙයි. මෙයාගෙ නම චාල්ස් බෘස් ඇන්ඩර්සන්.. මේ මගේ ගෙදර වැඩ කරන ගැහැණු කෙනාගෙ දරුවා. මේ දරුවගෙ අම්මගෙ නම ජූලියා ඇන්ඩර්සන්.. ජූලිියා මේ දරුවව මට දුන්නෙ මේ ගමනෙදි තනි නොතනියට එක්කගෙන යන්න කියලා..” වෝල්ටර්ස් කියා සිටියේය. ඔහුු දරුවාට කතා කළේද “බෘස්” යන නමිනි.

කෙසේ වුුවත් පොලිසිය මේ කතාව පිළිගත්තේම නැත. ඔවුහු වෝල්ටර්ස්ව සිරගත කළහ.

මේ අකරතැබ්බය ගැන ආරංචි වූ දරුවාගේ මව ජූලියා ඇන්ඩර්සන් තම දරුවා ලබා ගන්නට මිසිසිපි දක්වා එන්නට ගමන් ඇරඹුුවාය. ඒ අතර පොලිසියෙන් ඩන්බාර් යුවලටද එහි පැමිණ දරුවා හදුනාගන්නැයි දන්වා යවා තිබිණ.

බැලූ බැල්මට නම් හැම සාක්ෂියක්ම තිබුණේ මේ ඉන්නා දරුවා බොබී ඩන්බාර් නොවන බවටය. දරුවා “බොබී” යන නමට කිසිදු ප්රතිචාරයක් දැක්වූයේ නැත. ඔහුට හුුරු “බෘස්” යන නමය. ලෙසීී ඩන්බාර් දරුවා හදුනාගන්නට පොලිසියට පැමිණි විට දරුවා ඇයව තම මව ලෙස හදුනා ගත්තේද නැත. එහෙත් ලෙසී ඩන්බාර් නම් මේ ඉන්නේ තමන්ගේ දරුවා බොබී බව ස්ථිරවම කියා සිටියාය.

“එයා අතුරුදහන් වෙලාත් දැන් මාස අටක්නෙ.. එයාට අපිව මතක නැති වෙන්න ඉඩ තියෙනවා තමයි.. ඒත් මේ අපේ බොබීම තමයි..”

ලෙසී මෙන්ම පර්සි ඩන්බාර්ද, බොබීගේ සොහොයුරු ඇලොන්සෝද මේ ඉන්නේ බොබීම බව තහවුරු කළහ.

එලෙසින්ම පොලිසිිය විසින් ජුලියාටද දරුවා හදුනාගන්නට අවස්ථාවක් දෙනු ලැබිණ. අවාසනාවකට ඒ වන විට ජූලියාගෙන් දරුවාව වෙන් කොට මාස දහතුනක්ම ගෙවී ගොස් තිබිණ. මාස දහතුනකිින් නොදුටු දරුවාව එක්වරම හදුුනා ගන්නට ජූලියාට නොහැකි විය. තමා වෝල්ටර්ස්ට දරුවා දුන්නේ දින දෙකක ගමනක් යන්නට පමණක් බවත්, එහෙත් ඔහු මාස දහතුනක්ම දරුවාව තබාගෙන උන් බවත් ජූලියා කීවාය. කොයි අතින් බැලුුවත් මෙය පැහැර ගැනීමක්ම විය. ඒ නිසා වෝල්ටර්ස්ට තව දුරටත් සිපිරිගෙයිම රැදෙන්නට සිිදුවිය.

ජූලියාගේ කතාවේ අපහැදිලි තැන් බොහෝ විය. බැලූ බැල්මටම වෝල්ටර්ස් ජූලියාගේ දරුවා පැහැරගත් බව පෙනුණත් ජූලියා වෝල්ටර්ස්ට චෝදනා කළේ නැත. ජූලියා දරු තිදෙනෙකුගේ මවක් වූවාය. එහෙත් ඒ දරුවන් තිදෙනාගෙන් එක් අයෙකුටවත් පිියෙකු සිටියේ නැත. දරුවන්ගේ පියා කවුදැයිි කියාත් ජූලියා නොකීවාය. එහෙත් ජූලියා සේවය කරමින් උන්නේ වෝල්ටර්ස්ගේ සොයුරාගේ නිවසේය. ජූලියා තම හාම්පුතා නිසා ගැබ් ගන්නට ඇතැයි සිතන්නට කාරණා තිබිණ. එනම් වෝල්ටර්ස් නෑ කමට ජූලියාගේ දරුවාගේ මාමා විය හැකිය. එහෙත් ඇය ඒ කිසිවක් පැහැදිලිව නොකීවාය.

පසුව ජූලියා ඒ දරුවා ඇගේ යැයි හදුනා ගත්තාය. ඩන්බාර් පවුලේ අය විසින් ජූලියාගේ දරුවාව පැහැරගත්තේ යැයි ඇන්ඩර්සන් පවුලේ අය චෝදනා කරන්නට විය.

කෙසේ වුවත් නඩුවේදීී වැඩි වාසිය ලැබුණේ ඩන්බාර් පවුලටය. ඉතින් අවසානයේදී දරුවා ඩන්බාර් පවුලට හිමි විය. දරුවා පැහැර ගැනීම සම්බන්ධයෙන් විලියම් වෝල්ටර්ස් වැරදිකරු බවට තීන්දු විය. ඔහුුට දෙවසරක සිර දඩුවමක් නියම විය.

දරුවා බොබී ඩන්බාර් ලෙස හැදී වැඩුණේය. ඉගෙනගෙන, රැකියාවක් කොට, විවාහ වී දරු සුුරතල්ද බැලුුවේය.

අවසානයේදී ඔහුු 1966 වසරේදී මිය ගොස් මිහිදන් වූ විට සොහොන්කොතේ සටහන් වූ නම වූුයේද “බොබී ක්ලැරන්ස් ඩන්බාර්” ය.

එහෙත් මේ කතාව උඩු යටිකුරු වූයේ 2004 අවුුරුද්දේදීය. තම පියාගේ ජීවිතයේ අමුතු අතීත කතාව දැනගත් බොබී ඩන්බාර්ගේ පුුතා රොබට් ඩන්බාර්ට මේ ගැන තව දුරටත් සොයන්නට කුතුහලයක් ඇතිවිය. ඔහු තම පියාගේ එකම සොහොයුරා වූු ඇලොන්සෝ ඩන්බාර්ගේ පුුතෙකුගේත් තමන්ගේත් ඩී.එන්.ඒ සාම්පල පරික්ෂණයකට යොමු කළේය.

පරික්ෂණයේ ප්රතිඵලය ආවේ ඩන්බාර් පවුලේ සියල්ලන්වම කම්පනයට පත් කරවමිනි.

ඩී එන් ඒ වාර්තාවට අනුව ඔවුන් දෙදෙනා ලේ ඥාතීන් නොවීය.

එසේ නම් ඒ උන්නේ බොබී ඩන්බාර් නොවේ. ඒ බෘස් ඇන්ඩර්සන් විය හැකිය.

එසේ නම් ඩන්බාර් යුවල කර ඇත්තේ බිහිසුණුම අපරාධයකි. තමන්ගේ නැතිවූ දරුවාගේ අඩුපාඩුව පුරවා ගන්නට තවත් අහිංසක අම්මා කෙනෙකුගේ දරුවෙකු උදුරාගෙන ඇත.

එසේ වී නම් බොබී ඩන්බාර් කොහිද.? වෝල්ටර්ස් හැරෙන්නට වෙනත් මිනිසෙකු ඔහුව පැහැරගත්තාද.? නැතිනම් විලේ ගිලී මිය ගියාද.? ඒ ගැන සොයා ගන්නට දැන් කිසිදු ක්රමයක් ඉතිරි වී නැත.

එය නොවිසදුණු අබිරහසක් ලෙසින් ඉතිහාසයට එක් වී ඇත.

නිම්මි මුදිතා හේරත්

ප්‍රවීන ලේඛිකා නිම්මි මුදිතා හේරත් මහත්මිය සති අග අරුණ පුවත්පතට සැපයු ලිපියක් ඇගේ අවසර ඇතිව උපුටා ගන්නා ලදී.

Tags

LS4

Share Now

Related Article