“ජීවිතේ මේ වගෙයි.” – 11 කොටස

May 31, 2017

සමුදිගේ වයස 34 ක්. ඇය පුද්ගලික අංශයේ විධායක නිලධාරිනියක්. ඇය විවාහ වෙලා ඉන්නේ තාරික එක්ක. තාරික කියන්නේ නැවු සමාගමක විධායක රැකියාවක් කරන කෙනෙක්. ඔවුන් විවාහ වුනේ විශ්ව විද්යාලේදී දැන හඳුනා ගෙන. නිමුන් දරුවෝ වෙච්ච විහස් හා විමාශ තමයි ඇගේ පුත්තු දෙන්නා. මෙන්න මෙහෙමයි ඇගේ ජීවිතය ගත වෙන්නේ.

Continue Reading Below

අපේ කාලේ දියණියකගේ කථාවක් – 11 කොටස

සිකුරාදා කියන්නේ තාරික වගේ අධික වෙහෙසකින් වැඩ කරන විධායක නිලදාරියෙක්ට පොඩි හරි සැහැල්ලුවක් දැනෙන දවසක්. ඔහු කාර්යාලයේ උදේ සිට රාත්‍රී වෙන තුරු එක හුස්මට වැඩ කරා ඒ අතරේ මේ වසර තුනම MBA එක සම්පූර්ණ කරන්න වෙහෙසුන නිසා සිකුරාදා සෙනසුරාදට වත් ඔහුට සැහැල්ලුවක් දැනුනේ නැහැ. අද නම් ඔහුට සැහැල්ලුයි. කලින් දවසේ අන්තිම assignment ඒකත් විශ්ව විද්‍යාලෙට දුන්නා. ඔහුට ගොඩක්ම සතුටුයි ඔහුගේ ප්‍රතිපල දැනටමත් ඉතාම ඉහලින් තිබුන නිසා.

ඉතින් දහා දෙනක් වෙච්චි ඔහුගේ කණ්ඩායමේ අනික් කට්ටිය ඔක්කොම අද හවස හමු වෙන්න තීරණය කළා. දිගු කාලීන අවිවෙකයකින් පස්සේ මධු විතක් තොල ගාල, රාත්‍රී අහාර අරගෙන තමන්ගේ වෙහෙස නිවාගෙන විනෝද වෙන්න ඔවුන් තීරණය කරලා තිබුනේ.

මේක අහපු සමුදිත් ගොඩක් සතුටු වුනා. මොකද තාරිකගේ හිත සැහැල්ලු වෙයි කියලා. එම නිසා ඇය කැමැත්තෙන්ම පොඩ්ඩෝ දෙන්නවත් අරගෙන ගෙදර යන්න පොරොන්දු වුනා.

වැඩ ඉවර කරපු තාරික යන අතරෙත් කල්පනා කරේ ගෙයක් හදන එක පටන් ගන්න කාලේ හරි නේද කියල. බැන්ද අලුතම සමුදී සේරම සල්ලි ටික යටි මඩි ගහගෙන ඉඩමක් අරගෙන තිබුනේ. ඒ කාලේ නම් තාරික ඇයට බැන්න. මුහුදට හත් ගවුවක් තියල අමුඩ ගහනවා කියල.

නමුත් අද නිරවුල් ඉඩමේ වටිනාකම කිහිප ගුණයකින් ඉහල ගිහින්. ඔහුට තමන්ගේ බිරිඳගේ දුර දක්නා නුවන ගැන පුදුම සතුටක් ඇති වුනේ.

වෙන ගෑනියෙක් උනා නම් මම ගෙදර නොයා අද යාලුවෝ එක්ක බොන්න යනවා කියල රණ්ඩු වෙයි. අනේ සමුදී කියන්නේ කොයි තරම් හොඳ කෙල්ලෙක්ද? යාළුවො වයිෆ්ලට කොච්චර බයෙන් පීඩනෙන්ද ඉන්නේ? ඒකට මට ඕනෙම දෙයක් නිදහසේ සමුදිට කියල කරන්න පුළුවන්. එයාට තේරෙනවා මම කන කට්ට. හැම වෙලේම මගේ සතුට ගැන හිතලා කොච්චර නම් මහන්සි වෙන ගැහැනියෙක්ද. තාරික තනියම කල්පනා කළා.

එයාව ඉක්මනට ලස්සන කාර් එකක් අරන් දෙන්න ඕනේ. අම්මිට වැඩ කර ගන්නත් පහසුයිනේ. ඉක්මනින් ඔවු ඉක්මනින්. අලුත් ඉන්ක්රිමන්ට් එක හම්බ වුන ගමන්ම මම අම්මිට කාර් එකක් අරන් දෙනවා. ඔහුගේ හිත ප්‍රීතියෙන් ඉපිලුනා.

මේ අතරේ සමුදී පොඩි එවුන් දෙන්නත් එක්ක ගෙදර ගියා. අද අම්මට සනීප නැහැ. මගින් අම්මටයි තාත්තටයි කෑමත් අරගෙන ඇය එහෙ ගියා. ආහාරත් දීල අම්මට බෙහෙත් එහෙම අලේප කරලා ගෙදර එද්දී රාත්‍රී නවයට විතර ඇති.

විහස් සහ විමාශ හෝම් වරක් කලින්ම කරලා තිබුනේ. නමුත් සමුදී පොත් පත් ටික උඩින් පල්ලෙන් බැලුවා. දෙන්නවම හෝදලා, දත් මදිනකන් ඇය ලඟට වෙලා හිටියා. ඉන් පසු ඔවුන්ව කාමරේට දාල ඇය ටිකක් වෙලා කතා කර කර හිටියා. නිමුන්නු උනත් මේගොල්ල චරිත හාත්පසින්ම වෙනස්. විහස් දඟයි. තරින් හරි අහිංසකයි.

විහස්ට පාසලේදී රණ්ඩු ඇති වෙනවා. අද ඔහුට ගැහැණු ළමයෙක් ගහලා. ඔවුන් දෙන්නටම සමුදී ඉගැන්නුවේ පාඩුවේ ඉන්න. නමුත් තව කෙනෙක් ගැහුවොත් නම් ගහන්න කියල ඉගැන්නුවා. නමුත් පිරිමි ළමයි ගැහැණු ළමයින්ට ගහන්නේ නැහැ කියන නීතිය තදින්ම දාල තිබුනේ.

“ අම්මි ගර්ල්ස් ලට ගහන්න එපා කියපු නිසා මම ගැහුවේ නැහැ… “ ඔහු කිවුවේ කිසිම වෙනසක් නැතුව.

සමුදිට හිනා යන්න ආවත් ඇය හිනාව පෙන්නුවේ නැහැ.

“ ඔවු ඒක හොඳයි. පිරිමියෙක් මගේ පුතේ කවදාවත් ගැහැණු කෙනෙක්ට අත උස්සන්න එපා. එයාල ශරීරෙන් දුර්වලයි පුතාට වඩා. අනික ගැහැණු ළමයෙක්ට හැම වෙලේම උදවු කරන්න ඕනේ පුතේ” ඔයාට තේරුනාද?

ඉන් පස්සේ ඇය ඔවුන් දෙන්නව ආදරෙන් සිබලා හිස අතගාන්න පටන් ගත්තා. දෙන්නට නින්ද ගිහාම නැවත වරක් අතොරක් නැතුව හිසේ සිට දෙපතුල වෙනකන් සිපගෙන ඇගේ කාමරයට ගියා.

ඇයටත් හරිම මහන්සියි. වැඩ අධික සතියක්. සතියේ අන්තිම දවසේ පිරිසිඳු කිරීම් කරන්න තිබෙනවා. බත් පෙට්ටි හෝදන්න තිබෙනවා. නමුත් මම අද නම් මෙවුව කරන්නේ නැහැ. ඇය හිතා ගත්තා. හෙට අපි හතර දෙනාම එකතු වෙලා කරනවා. ඇය පහලට ගිහින් රතු වයින් බෝතලයක් කඩලා ලොකු වයින් වීදුරුවකට දමා ගත්තා.

නාන කාමරයට ඇවිත් හොඳ රස්නේ වතුරට බාත් සෝල්ට් දමා ගත්තා. මෘදු අගේ ප්‍රියතම සංගීත ඛණ්ඩයක් කැසට් එකේ දමා ගත්තා. දැන් ඉතින් උණු වතුරේ හාන්සි වීගෙන ඇය වයින් බෝතලය ටික ටික බොනවා. වයින් වීදුරු දෙකක් පෙවෙද්දී ඇයට ඇති වුනේ හරිම ප්‍රමුදිත බවක්. ඇය හයියෙන් සින්දු කියන්න පටන් ගත්තා.

තාරික ගෙදර එද්දිත් ඇය සුවඳ ඉටිපන්දමක් දල්වාගෙන නාන කාමරයේ උණු වතුර වල සුව විඳිමින් සින්දු අහනවා. ඇය දැකල ඔහුටත් හරි සතුටුයි. මොකද ඔහු ටිකක් දුකෙන් හිටියේ ඇයට මහන්සි ඇති කියලා.

“ ආ …අම්මි… හරි ශෝක් නේ….” ඔහු ප්‍රමුදිත හිතෙන් හිනා වුනා.

Space for two people? ( දෙන්නෙක්ට ඉඩ තියනවද?)

Why not my love? Come…. ( ඇයි නැත්තේ මගේ වස්තුව? එන්න) ඇය ආදරෙන් ඔහුට කතා කළා.

උණු වතුර තරමක් නිමිල තිබුන නිසා නැවත උණු වතුර එකතු කරන්න ඇයට සිද්ද වුනා.

ඌ තාත්ති මගේ කොන්ද රිදෙනවා…

පීරියඩ්ස් හැදෙන්න ලඟයි නේ.. ඉන්න මම අම්මිට හොඳ මසාජ් එකක් දෙන්නම්.

අනේ හරි ශෝක් තාත්ති … ඇය වෙහෙසින් පීඩිත කකුල් දෙක ඔහුගේ ඇඟ උඩින් තිබ්බා.

ඔවුන් දෙන්නම උණු වතුර සත්කාරය අරගෙන ගොඩක් සැහැල්ලුවෙන් තමයි නිදා ගන්න ගියේ.

ගෙවල් හදන සැලසුම දැන්ම කතා කරන්න බැහැ කියල තාරික හිතුවා. ඒ වෙනුවට ඔවුන් දෙන්නා විකාර කතා කරමින් බොහෝ වෙලා ගත කරා.

අවසානයේ බඩගිනි දැනුන නිසා තාරිකට සිද්ධ වුනා නැවතත් පහත මාලයේ ෆ්‍රිජ් එකට ගිහින් ඔවුන්ට කන්න පොඩි වුන්ගේ චොකලට් ටිකක් සොරකම් කරගෙන එන්න.

තාත්ති පහල තිබ්බ පිගන් ගොඩ දැකල ඔයාට තරහා ගියාද? මම මේ වැඩ තියෙද්දී ජොලි කරනවා දැකල.

තාරිකට කියා ගන්න බැරි දුකක් දැනුණා…..

නැහැ අම්මි. පිගන් නම් කවද හරි හෝදන්න පුළුවන්. ඕක පිලුන් උනාට කිසි ප්‍රශ්නයක් නැහැනේ. හෙට අපි දෙන්නම එකතු වෙලා වැඩ ටික කරමු. මට ගොඩක් සතුටුයි අද ඔයා සැහැල්ලුවෙන් හිටපු නිසා. බොන වෙලෙත් මට ඔයාව මතක් වුනා. මට විතරක් නෙවෙයි අම්මි ඔයාටත් මහන්සි දැනෙනවා නේ.

අනික මේ හැමදේම කරන්නේ අපි මිසක් මම තනියම නෙවෙයි. ඔයා නැත්නම් මට MBA එක කරගන්න කවදාවත් ලැබෙන්නේ නැහැ.

ඔහු එහෙම කියද්දී සමුදිගේ නෙත් කඳුලින් බර වුනා…

Share Now

Related Article