“ජීවිතේ මේ වගෙයි.” – 08 කොටස

May 15, 2017

සමුදිගේ වයස 34 ක්. ඇය පුද්ගලික අංශයේ විධායක නිලධාරිනියක්. ඇය විවාහ වෙලා ඉන්නේ තාරික එක්ක. තාරික කියන්නේ නැවු සමාගමක විධායක රැකියාවක් කරන කෙනෙක්. ඔවුන් විවාහ වුනේ විශ්ව විද්යාලේදී දැන හඳුනා ගෙන. නිමුන් දරුවෝ වෙච්ච විහස් හා විමාශ තමයි ඇගේ පුත්තු දෙන්නා. මෙන්න මෙහෙමයි ඇගේ ජීවිතය ගත වෙන්නේ.

Continue Reading Below

අවුරුද්දට දින කීපයක් තියල සමුදියි තාරකයි තනිවම නකල්ස් ගියේ වසර හයකට පස්සේ. විහස් සහ විමාශ මේ කාලේදී අත්තම්ම එක්ක එකතු වෙලා ගොඩක් ක්‍රීඩා කළා. කොළඹ දී ගෙදර සහ ඉස්කෝලේ වැඩි වෙලාවක් හිර වෙලා ඉන්න දරුවෝ දෙන්නට ගස් වැල් , ඇල දොල , නෑදෑයෝ එක්ක ගත කරන්න ලැබීම නවමු අත්දැකීමක්. ඒ වගේමයි සමුදී ගොඩක් සතුටු වුනා ඔවුන් මෙච්චර පොඩි වයසේදී දෙමාපියෝ නැතුව ඉන්න පුරුදු වීම ගැන.
සමුදියි තාරකයි නකල්ස් කඳු වැටි අතරේ තනිවම ගොඩක් විනෝද වුනා. නොයෙක් තැන් වල ඇවිදින්න ගියා. දරුවෝ දෙන්නා පිළිසිඳ ගන්න කලින් තමයි ඔවුන් අන්තිම වතාවට තනිවම ගමනක් ගිහින් තිබ්බේ. කොච්චර විනෝද වුනත් අම්මෙක් විදිහට දරුවෝ මොකක් හරි කර ගත්තද කියන බය සමුදිගේ හිතේ නිතරම වැඩ කළා.

හුදෙකලා නිවාඩු නිකේතනයේ උඩු මහල හරිම ලස්සනයි. මුළු කඳු යායම ඔවුන්ට පේනවා. සමුදියි තාරිකයි උණුසුම් තේ කෝප්ප දෙකක් තොල ගාන ගමන් හුදෙකලාව විඳිමින් හිටියා.

“ ඇලක පැනලා මොනවා හරි කර ගනියිද දන්නේ නැහැ තාත්ති නේද?” සමුදී තාරකට කියනවා.

එහෙම වෙන්නේ නැහැ. අපේ අම්ම ඉතින් මම දන්නේ නැද්ද? අපිට වඩා හොඳට පුතාල බලා ගන්නවනේ.

තාරික සමුදිව අස්වසන්නමත් නෙවෙයි කියන්නේ. කොහොමත් පැන්ෂන් යන තුරුම දරුවෝ දහස් ගානකට ඉගැන්නුව ලොකු හාමිනේට මේ පොඩි දරුවෝ දෙන්නා බලන එක පුංචි වැඩක්.

කාලෙකට පස්සේ ලැබුන විවේකය සහ උනුන්ගේ ආදරය නිසා ජීවිතේ නැවත අලුත් වුනා වගේ ඔවුන්ට දැණුනා. යන්තම් අවුරුද්දට පෙර ගෙදර එන අතරේ දෙන්නම කතා වුනා මෙවැනි චාරිකා යාම අවුරුද්දකට දෙපාරක් වත් කළ යුතුයි කියල.

අවුරුද්දේ වැඩ ඉවර වෙලා ලොකු හාමිනේ කඳුළු සලද්දී ඔවුන් හතර දෙනා කොළඹ බලා පිටත් වුනා. දරුවොත් ගොඩක් සතුටින් හිටියේ. ඔවුන් ගමේ යාලුවන්ට පොරොන්දු වෙලා හිටියේ නැවත අගෝස්තුවට එහෙ එනවා කියල.

ගෙදර සේරම ජරා වෙලා තිබුනේ. නමුත් ඒ හුස්මටම ඇඳුම් මාරු කරගෙන ඔවුන් හතර දෙනාම සමුදිගේ දෙමාපියන් බලන්න ගියා. තෑගී බෝග දීල වැන්දා. එදිනෙදා ජීවිතේට සමුදිට ගොඩක් උදවු කරන්නේ ඇයගේ අම්ම තමයි. හැබැයි සමුදිගේ දෙමාපියොත් විවාහ වුනාට පස්සේ ඔවුන්ගේ ජීවිතේ හැම දෙයක්ම කරන්න ආවේ නැහැ.

සමුදිගේ පියා ඒ කියන්නේ සෝමරත්න මහත්මයා බැරිස්ටර් කෙනෙක්. සමුදිගේ අයියල දෙන්නම ඉන්නේ පිට රට. ඉතින් අමමයි තාත්තයි බොහොම සැහැල්ලුවෙන් ජීවත් වුනේ. ඔවුන් දෙන්න නම් ලොකු හාමිනේ වගේ නිතරම ළමයිගේ ඇඟේ එල්ලුනේ නැහැ. සමුදී හැදුන වැඩුන පරිසරේ ගොඩක් ස්වාධීනයි. මේ සිරිත් තමයි ඇය දැන් පුතාලට පුහුණු කරන්නත්.

ඔවුන් එහෙ ගිහින් එද්දී මහන්සියට සහ රස ආහාර නිසා දරුවන්ට නින්ද ගිහින් තිබ්බේ.

ඔවුන්ගේ ඇඳුම් ගලවලා ඇඳට දැම්මේ තාරික. ඒ අතරේ සමුදී ඇඟ පත හෝදගෙන අලුත් ඇතිරිලි ඔවුන්ගේ ඇඳට දැම්මා.

හෙට උදේම ගෙවල් සුද්ධ කරලා රෙදි මැදලා කෑම හදන්න ඕනේ. හොඳ වෙලාවට තාරිකට පන්ති නැති දවසක්. ඇය දන්නවා පුතාලත් පොඩිවට හරි උපකාර කරන දරුවෝ දෙන්නෙක් කියල. ඒ නිසා සැහැල්ලුවෙන් ඇයට නින්ද ගියා.

තාරික නාන කාමරේ ඉඳල එද්දී සමුදී නිදි. ඔහු කාමරේ ලයිට් එක නිවලා හෙමින් ඇගේ කම්මුලක් සිප ගත්තා.

“ පවු කෙල්ලට හෙට ඉඳල ආයෙත් යම යුද්දේ”

Share Now

Related Article