“ජීවිතේ මේ වගෙයි.” – 04 කොටස

Apr 3, 2017

සමුදිගේ වයස 34 ක්. ඇය පුද්ගලික අංශයේ විධායක නිලධාරිනියක්. ඇය විවාහ වෙලා ඉන්නේ තාරික එක්ක. තාරික කියන්නේ නැවු සමාගමක විධායක රැකියාවක් කරන කෙනෙක්. ඔවුන් විවාහ වුනේ විශ්ව විද්යාලේදී දැන හඳුනා ගෙන. නිමුන් දරුවෝ වෙච්ච විහස් හා විමාශ තමයි ඇගේ පුත්තු දෙන්නා. මෙන්න මෙහෙමයි ඇගේ ජීවිතය ගත වෙන්නේ.

Continue Reading Below

අපේ කාලේ දියණියකගේ කථාවක් – 04 කොටස

කාර්යාලයේ වැඩයි , පාඩම් වැඩයි නිසා තාරික පුදුම පීඩනයකින් ඉන්න කාලයක්. ඔහුට තවත් නරක සිරිතක් තියනවා. ඒ තමයි රෙදි තැන තැන දාන එක. ආව ගමන්ම ඇඳුම් ටික ගලවලා ඔවුන්ගේ යුගල යහන මත විසික් කරා. සමුදී සද්ද නැතුව සේරම අරගෙන ඇඳුම් බාස්කට් වලට දැම්මා. දෙන්නම රක්ෂා කරන මේ ගෙදර පොඩි දරුවෝ දෙන්නෙක් ඉන්න නිසා හෝදන්න තිබෙන රෙදි ප්‍රමානේ වැඩියි.

සමුදී කියන්නේ කොහොමත් පිළිවෙලට වැඩ කරන කෙනෙක්. මේ දක්ෂකම තමයි අගේ සාර්ථක වුර්තීය ජීවිතේ සහ පවුලේ රහස. ඇය කිළුටු ඇඳුම් දමන්න බාස්කට් තුනක් තියල තියෙන්නේ. තාරිකගේ ඇඳුම් වෙනම. පුතාලගේ ඇඳුම් වෙනම සහ ඇයගේ ඇඳුම් වෙනම. එතකොට රෙදි වොෂින් මැෂින් දාන්න කලින් ගොඩවල් වලට දාන්න පහසුයි.

ඉතින් තාරික රෙදි එහෙ මෙහෙ දාද්දි ඇයට හරියට තරහා යනවා.

“මේ පොඩි එවුන් දෙන්නට හොඳට පුරුදු කළා. මහ මිනිහට නේ උගන්වන්න බැරි උනේ තාම. “

ඇයට තරහ ඉවසගන්න බැහැ. ඔහු නාන කාමරයේ වතුර වලින් සැනසෙන අතරේ ඇය තමාටම මුමුණනවා.

තරහා ගියාම කවදාවත් ස්වාමියට බනින එක සමුදිගේ සිරිතක් නෙවෙයි. කොච්චර තරහ ගියත් සද්ද නැතුව ඉඳලා තරහ නිමුනහම කතා කිරීම අගේ සිරිතක්. මොකද නැත්නම් තාරික කියන්නෙත් කුකුල් කේන්ති කාරයෙක්. ඇය බැන්නොත් අනික් පැත්තට බනිනවා. දවස් ගණන් කතා නොකර ඉන්නවා. ඔහු එතරම් මුරණ්ඩුයි. හැබැයි ආදරෙන් කිවුවහම කවදාවත් මගහරින්නේ නැති තරම් ආදරණීය සැමියෙක්.

මේවා ත්රුම් අරගෙන සමුදී බුද්ධිමත්ව ජීවත් වෙන නිසා පවුල කුරුළු කූඩුව වගේ සතුටින් ඉන්නවා. මුල් අවුරුද්දේ නම් දෙන්න සෑහෙන්න රණ්ඩු වුනා. පසුව දැන් ඇයට තේරෙනවා තාරික සමග වැඩ කරන පිළිවෙල.

මේ සේරටම සමුදී ගොඩක් තරහ තමන්ගේ නැන්දම්මා එක්ක. එකම දරුවා වුන තාරිකව හැදුව පිළිවෙල නිසා තමයි ඔහුට මෙවැනි දුර්වලතා උරුම උනේ කියල සමුදී දන්නවා. නමුත් ඇය නැන්දම්මට හරිම ආදරෙයි. මොකද ඇය තමයි තාරිකව අධ්‍යාපනයෙන් මෙතරම් ඉහලට ගෙන ගියපු දිරිය කාන්තාව. විශේෂයෙන් ඔහුගේ පියා කුඩා කාලේ මිය ගියහම.

අම්මගේ ඉතින් කට විතරනේ. ඉස්කෝලේ ළමයින්ට මහා ලොකුවට බන කියනවා. මෙයාව හරියට හැදුවේ නැහැ. දැන් ඉතින් මට කොච්චර දුකක්ද? ඇය නැවත හිතනවා. නමුත් කටින් නම් වැරදිලාවත් පිට කරන්නේ නැහැ. මොකද තාරිකට ඇහුනොත් එහෙම අම්මට බනිනවා, ලොකු රණ්ඩුවක් වෙලා තමයි ඉතින් නවතින්නේ.

මේ අතරේ නාන කාමරෙන් එලියට එන තාරික “ අම්මි හරි මහන්සියි. මොනවද dinner” අහමින් ඇඳගෙන ආව තුවාය ගලවලා ඇඳ මතම විසික් කරනවා.

“ අද නම් බෑනට පිට්ටු හදලා ඔයාගේ නැන්දම්මා” කියල හිනා මුහුණක් පෙන්වන සමුදී කියනවා.

ඒ එක්කම ඇඳ තෙමෙයි කියල බයට ඇය තුවාය නැවත බාත්රූම් එකේ රැක එක මතට දාන්නේ සුසුමක් හෙලමින්.


කියවන්න :-
ඔබේ බිරිඳ සතුටින් තියන්න මේ සරල දේවල් 8 කරන්න

ඔවුන් රාත්‍රී ආහාරය ගන්න අතරේ තාරික කාර්යාලයේ ප්‍රශ්නය ලිහුණ හැටි ඇයට කියනවා. සමුදිත් විස්තර කියන අතරේ කල්පනා කරනවා මේ තරිකගේ නරක පුරුද්ද නවත්වන්නේ කොහොමද කියල.

මෙහෙම ගියොත් මගේ පුතාල දෙන්නත් මේ විදිහට හැදෙයි. ඇය නිහඩව සිතනවා. දරුවෝ පිළිපදින්නේ අවවාද නෙවෙයි ආදර්ශ කියන එක ඇය හොඳටම දන්නවා.

ආහාර අරගෙන මහන්සිය නිසාම සේරම භාජන සින්ක් එකේම අතහරින ඇය උඩු මහලට යනවා.

සමහර වෙලාවට බැරි දේවල් නොකර සිටිය යුතුයි. පිගන් ටික එලි වෙනකන් සින්ක් එකේ තියන එක හොඳ නැහැ තමයි. ඒත් ඉතින් තමන් දැන් පිඟන් හෝදන්න ගියොත් විනාඩි 15 ක් වත් යනවා. තරිකට නින්ද යයි එතකොට කියල ඇය හිතනවා.

“නැහැ නැහැ…පිගන් ටිකක් තිබුනට කුණු වෙන්නේ නැහැ. මම අද තාරික එක්ක කතා කරනවා. මටත් මගේ සැමියා එක්ක ඉන්න එක ලොකු සහනයක්. පිගන් හේදුව කියල එහෙම දෙයක් නැහැනේ. ඇය හිත හදා ගන්නවා. “

තාරික නෙට් එක දානවා. දෙන්නම කතා කර කර ගිහින් දත් මදිනවා. දත් මැදල ඇවිත් ඔවුන් දෙන්නා නිදා ගන්නයි හදන්නේ. ඇය ඔහුගේ උරහිස උඩින් හිස තබා ගන්නවා. ඔහු අයගේ හිසේ කෙස් අතරට ඇඟිලි තුඩු යවනවා.

“ අනේ හරි ශෝක් තාත්ති” කියනවා.

“ඔයාට මම සෙනසුරාදට හොඳ මසාජ් එකක් කකුල් වලට දෙන්නම්කෝ. අද මට මහන්සියි අම්මි. නැත්නම් මම කකුල් අත ගානවා. “ තාරික කියනවා.

රෙදි තැන තැන දාන එක දැන් කියන්නද? ඇය හිතනවා.

නැහැ නැහැ දැන් බැහැ. මේ ආදරණීය මොහොත මොකටද කොහෙද යන රෙදි ටිකක් නිසා නැති කර ගන්නේ? අනික රෙදි අරන් දාන්න මට යන්නේ විනාඩියයි. විනාඩියට මොකටද දවසම ඉවර කර ගන්නේ. හොඳ වෙලාවක කියනවා. සමහර විට සති අන්තේ……

තාරික ගොරවන සද්දේ ඇහෙන්න පටන් ගන්නවා. ඇය හෙමින් ඔහුගේ පපුවෙන් ඉවත් වෙලා කොට්ටේ හිස තියා ගන්නවා.

ඉතිරි කොටස ලබන සතියේ

Share Now

Related Article