“ජීවිතේ මේ වගෙයි.” – 02 කොටස

Mar 27, 2017

සමුදිගේ වයස 34 ක්. ඇය පුද්ගලික අංශයේ විධායක නිලධාරිනියක්. ඇය විවාහ වෙලා ඉන්නේ තාරික එක්ක. තාරික කියන්නේ නැවු සමාගමක විධායක රැකියාවක් කරන කෙනෙක්. ඔවුන් විවාහ වුනේ විශ්ව විද්යාලේදී දැන හඳුනා ගෙන. නිමුන් දරුවෝ වෙච්ච විහස් හා විමාශ තමයි ඇගේ පුත්තු දෙන්නා. මෙන්න මෙහෙමයි ඇගේ ජීවිතය ගත වෙන්නේ.

Continue Reading Below

අපේ කාලේ දියණියකගේ කථාවක් – 02 කොටස

ඇය පරිඝනකය දිගේ ඇස යවමින් ඉන්නවා. ඔන්න එතකොට බොස්ගෙන් කෝල් එකක්.

“ Samudi , Mr. Gurera is on the way. Shall we meet him now? ( ගුරෙරා මහත්තයා මගලු. අපි දැන් ඔහුව හම්බ වෙමුද)
සමුදිට පුදුමයි. ඔහු හම්බ වෙන්න තියෙන්නේ හවස හතරට. ඇය තවම දිවා ආහාරය ගත්තෙත් නැහැ. නමුත් පාරිභෝගිකයා ගේ හමුවීම වැදගත්නේ.

OK Sir. I will come in ten minutes.( හොඳයි සර්. මම විනාඩි දහයෙන් එන්නම්.)

ඇය වහ වහා සේරම අවශ්‍ය ලියකියවිලි ෆයිල් එකකට දා ගන්නවා. ලාච්චුවේ තියන දවල් බත් එක අරගෙන හැන්දෙන් මෙසේ උඩම තියාගෙන කනවා. ඒ අතරේ ප්‍රසන්ටේෂන් එකට පරිඝනකය දිහා බලමින් සූදානම් වෙනවා. විනාඩි හතක ගිහින්. විගසින් වතුර බීල නැවත බාත් රූම් එකට යනවා.

කටේ තියන කොළ මැල්ලුම් කැබලි සේරම හෝදලා දමනවා. Mouth wash ඒකෙන් කට සෝදනවා. ඊට පස්සේ මෙක් අප් බෑග් එකේ තිබෙන පවුඩර් ඒකෙන් මුහුණ පොඩ්ඩක් පිස දමා ගන්නවා. කටේ නැවත ලිප්ස් ටික්ස් ආලේප කරනවා. සුවඳ විලවුන් ටිකක් ගානවා.
දැන් ඇය සූදානම්.


කියවන්න.
ගැහැණු ළමයෙක්ගේ make up පෙට්ටියේ තිබිය යුතු දේවල්….

ඇය කාර්යාලයට යන්නේ ආඩි උස සපත්තු දාගෙන නමුත් කාර්යාලය තුලදී ගිය ගමන්ම ගලවලා දාගන්නවා උස නැති නිකන් සෙරෙප්පු දෙකක්. ඒක පහසුයි. ඒ වගේම කොන්දට හොඳයි. දැන් මීටිමට යන නිසා නැවත අඩි උස සපත්තු දෙක දමා ගන්නවා.


කියවන්න.
අඩි උස පාවහන් පැළඳීම නිසා රෝගාබාධ ඇතිවන්නේ මෙහෙමයි

මීටීම ඉවර වෙද්දී වෙලාව හවස 5.30 යි. පොඩි එවුන් දෙන්නව ඩේ. කෙයාර් ඒකෙන් අරගෙන තාරික එන්නේ හයට විතර. සමුදිට මහන්සියි. නමුට් ඇය ඉතුරු පැය භාගේත් හෙටට තිබෙන වැඩක් ඉවර කරන්න හිතුවා.

හයට පහක් තියල හෙටට ඉතුරු වැඩ ඔක්කොම ඇයගේ කාර්යාලයේ සටහන්පොතේ ලිවුවා. දැන් ඇයගේ හිත නිදහස්. ආයෙත් නම් මේ ගැන හිතල කරදර වෙන්න දෙයක් නැහැ. මේ තමා ඇයගේ පිළිවෙල. කාර්යාලයේ වැඩ ගෙදර ගෙනියන්නේ නැහැ. ඉතුරු ටික පොතේ ලියල අමතක කරනවා.

ගෙදර යන අතරතුර ඔවුන් නොයෙක් දේවල් කතා කරනවා. පොඩ්ඩෝ දෙන්නා කෑ ගහනවා. ඇතැම් වෙලාවට තාරික ඉන්නේ මොකකට හරි තරහෙන් බුම්මාගෙන.
ඉතින් එදාට සමුදී ඉන්නේ පරිස්සමෙන්. ඔහුගෙන් වැඩිය මොකුත් ඇහුවොත් ඇඟට කඩාගෙන පනිනවා. මේ තාරිකගේ ස්වභාවය බව සමුදී දන්නවා.

තාරිකගේ අම්මා ඔහුව හැදුවේ රජ කුමාරයෙක් වගේ. එකම දරුවා නිසා ඔහුට හැමදේම ලැබිය යුතුයි. නැති වෙලාවට තරහා යනවා. කාර්යාලයේ දෙවල් වලදී ලෙහෙසියෙන්ම කේන්ති යනවා. මේ ප්‍රශ්නය නිසා සමුදිට ලොකු කරදරයක් වුනත් විවාහය කියන්නේ එකිනෙකාගේ දුර්වලතා හඳුනාගෙන ජීවත්වීම තමයි.

තාරික සමුදිගේ අම්මලාගේ ගෙදර ළඟ කාර් එක නවත්වනවා. එතනින් බහින සමුදී කතා නැතුවම මහා ගෙදරට ගිහින් අම්මා හදල තියන රාත්‍රී ආහාරය අතට ගන්නවා.

හ්ම්ම්ම්ම්…. මරු සුවඳ. මොනවද අම්මේ?”

දේව පූජාව වගේ හවස හදන ආහාර සමුදිගේ අම්ම දෙන්නේ ගොඩක් ආශාවෙන්.

අද පුතේ රොටියි. ඇඹුල් තියලුයි. තාරික පුතාට අප්පච්චිගේ ගානට කට්ට සම්බෝලයක් හැදුවා

අම්මව සිපගෙන ඇය ගෙදරින් එලියට එන්නේ අම්මගේ ආදරේට අනේක වාරයක් පින් දෙමින්. ඉන් පස්සේ ඔවුන් හැමෝම ගෙදරට එනවා.

අද ඉතින් තාරික තරහෙන් ඉන්න දවසක් නිසා ඇය තනියම පුතාලව හෝදනවා. හෝදලා ආහාර මේසෙට දාල හැමෝටම එන්න කියනවා

හතර දෙනාම ඇවිත් කනවා. රසවත් අහාරය නිසා තාරිකගේ හිත ටිකක් මොලොක් වෙනවා. ඒ අතරේ ඔහු තමන්ගේ බිරිඳ ගැන කල්පනා කරනවා. තමන්ට තිබෙන මේ රාජකාරි පීඩනය නිසා බුම්මන එක වෙන ගෑනියෙක් උනා නම් කොහොම ගනියිද?

වෙන ගැහැණියෙක් වුනානම් මරාගෙන මේ වෙද්දී. ඔහු ආදරෙන් ටිකක් වෙලා බිරිඳ දිහා බලාගෙන ඉන්නවා.

දරුවෝ ඇඳට ගිය විගසම ඇය ඇවිත් පිඟන් කෝප්ප සෝදනවා. මේ අතරේ පුතාලගේ කාමරේ අස්සෙන් කිචි කිචි ගාන සද්දයක් ඇහෙනවා.

You guys don’t sleep. Don’t trouble Amma… She too is very tired” ( ඔයාල දෙන්න නිදියන්නේ නැද්ද? අම්මට කරදර කරන්න එපා. අම්මටත් මහන්සියි) ගේ දෙදරන්න තාරික බෙරිහන් දෙනවා ඇහෙනවා. කිචි කිචි සද්දේ එක වරම නවතිනවා.

දරුවෝ දෙන්නට බැනීම ගැන දුක හිතුනත්. ඇයට තාරික තමා ගැන හිතන විදිහ ගැන සතුටුයි. ඇය ඇඳට යද්දී තාරිකට නින්ද ගිහින් ඔහු ගොරවනවා. නින්දෙන් පවා විවේකයක් නොලබන බව ඔහුගේ මහන්සි මුහුණ දකින ඇයට හිතෙනවා. ඒත් එක්කම සැමියා ගැන ඇති වෙන්නේ අනුකම්පාවක්. ඔහුගේ හිස අතගාල ඇය හෙමින් යහනේ අනික් පැත්තට හැරෙනවා.

අද නම් නරක දවසක්. හෙට ඉතින් අඟහරුවාදා. මම පහට නැගිටින්න එපායැ.…..

ඉතිරි කොටස ලබන සතියේ

Share Now

Related Article