කුල ගෙය – Episode 27

Sep 4, 2020

“තලා පෙලා අත්තටු බිඳ දැමුවත් නුඹට මා පරාජය කළ නොහැකි විය“
මහත් සේ බය වුන කුඩා ඩයනා වැනේසා ගේ කාමරයෙන් මිදී වත්තේ පොල් ගස් අතරට දිවුවාය. පොල් ගසක හේත්තු වුන ඇයට කඳුළු ගලයි. ගෙදර ඇති වේදනාකාරී පරිසරය ගැන කම්පාවට පත් වුන ඇය මේ කිසිවක් තෝරා ගත නොහැකි වයසක පසු විය. අම්මාගේ හොඳම මිතුරා වූ රොෂාන් අන්කල්ගේ විවාහය නිසා අම්මා මාස 4 ක් තිස්සේ සිටින්නේ කඳුලිනි. ඒ කාලය තුල ගෙදර කිසිම සමගියක් තිබුනේ නැත. වැනේසා දරුවන් සහමුලින්ම අමතක කර තිබුණි. කන්දප්පා කොහොමත් ඇගේ ජීවිතයෙන් දුරස් පියෙකි. ඩයනා බොහෝ විට කළේ සිය කාමරයට වැදී කුමක් හෝ යමක් අත්කම් කිරීමයි. ආත්තම්මා වන ඩොරීන් එන දිනවල ඩයනාට සෑහෙන්න වාසිය. ඇය නොයෙක් ආහාර වර්ග ඩයනා සමග හදයි. අත්කම් උගන්වයි. ඩොරීන්ගේ පැමිණීම ඩයනාට ප්රිය වුවද ඉවීම් සහ වලන් සේදීම්, අස් කිරීම් වැඩි වන නිසා සිසිලියානා ඇගේ ආගමනයට කොහෙත්ම කැමති නැත.

Continue Reading Below

පියා ඔවුන් සදහටම හැර දමා යන්නේ බාගදා රොෂාන් අන්කල් යන නිසා විය යුතුය. එබැවින් මේ හැම දුකටම වැරදි කරුවා රොෂාන් අංකල් ගේ බිරිඳයි. ඇය නොකල්පනාවෙන් පැමිණ තිබුනේ සේවක ගෘහයේ අනික්පස වෙතටයි. එහි සිටින්නේ වැනේසාගේ රියදුරාය. ඔහු ඉතා කරුණාවන්ත මිනිසෙකි. ඔහු ඈත තියාම පරීක්ෂාවෙන් තම දෙස බලා සිටින බව ඩයනා දුටුවේ නැත.

වැනේසා කෝපයෙන් කාමරයේ වැතිරී සිටින අතරතුර සිසිලියානා ගමනක් ගොස් සිටියාය. ගෙදර තත්වය දන්නා රුක්මන් කාලයක් මුළුල්ලේ හිතේ තබාගෙන කුරුමානම් අල්ලමින් සිටි දෙයට සුදුසු වෙලාව මෙය බව තීරණය කළේය. ඩයනා වැනේසාගේ පැහැපත් බව උරුම කරගත් දරුවෙකි. ඇගේ කෙස් කළඹ කන්දප්පාගේ මෙන් කැරලි ගැසී ඇති නිසා මනාව වර්ධනය නොවුන ළදරු මුහුණට ඉතාම අලංකාරයක් එකතු කළේය. වැඩිහිටි අවධානය අඩු ඩයනා දොළොස් හැවිරිදි වුනත් කෙලි සෙල්ලම් වලට ප්රිය කරයි. ඇය වැඩිවිය පැමිණිලා වැඩි කලක් නැත. ගැට කුඩා පියයුරු යන්තම් මතවුනු ඇය තවමත් දරුවෙකි.

රුක්මන් ඩයනා හට නොයෙක් ක්රීඩා භාණ්ඩ හදා දුන්නේය. ඇගේ කතා අසා සිටියේය. පාසලෙන් එකතු කරගෙන එන්න කියන භාණ්ඩ අන්තිම මොහොතේ මතක් වුනත් කිසිම බැනීමක් නොකර හොයා දෙන ඔහු හරිම කරුණාවත කෙනෙක් බව ඩයනා සිතයි. ඇතැම් විට ඔහුගේ කාමරයට යන ඇය ඔහු සමග සෙල්ලම් කරයි.

රුක්මන් ඇයට කතා කළේය. ඇය කදුළු පිසදාගෙන ඔහුගේ කාමරයට ගියේ සතුටිනි. පැය බාගයකට පසු ඩයනා එලියට පැමිණියේ මහත් බියකිනි. රුක්මන් පැවසු පරිදි මේ ගැන කාට හෝ කීවොත් ඔවුන් හැමෝම බනින්නේ ඩයනාටය. ඒ පමණක් නොව ඇය හිරේ දමන්නට බැරිද නැත. පරිවාසය කියන හිර ගෙදර ළමයින් වෙනුවෙන් හැදුනකි. මේ හැම දේම රහසිගතව තබා ගැනීමෙන් ඔවුන් දෙදෙනාට පෙර පරිදිම හොඳින් ඉන්නට ලැබේ. ඒ අතර ඩයනාට ඇත්තටම ආදරේ තමා පමණක් බවත් ආදරේ පිරිමි ගැහැණු අයට එසේ කරන බවත් ඔහු කියා දුන්නේය. මේ සියල්ල සත්ය කියා විශ්වාස කිරීමට මෙන්ම අවිශ්වාස කිරීමටද ඩයනා බය වූවාය.

තමාගේ කුඩා සිරුර අතගෑම වරදක් වෙන්නට විදිහක් නැත. චාරිකාවක් අතරතුර ජුලියන් සහ ඩයනා ක්රීඩා කරමින් එළියේ සිටි අතර හදිස්සියේ තිබහ නිසා ලෙමනේඩ් ටිකක් බීමට නිවාඩු ගෘහයේ කුස්සියට යන අතරතුර ඇරුන දොරින් අම්මාගේ කාමරයට නිකමට එබුනා මතකය. රොෂාන් අන්කල් අම්මාගේ සිරුර මත නැග අම්මාට හිංසා කරන බව ඇය දුටුවාය. ඩයනා බලා සිටින බව හෝ දොර ඇර ඇති බව රොෂාන්ට හෝ වැනේසාට කල්පනාවක් නොතිබුන අතර මේ හිංසාවක් නොව වෙනත් යමක් බව එවකට අට හැවිරිදි ඩයනා තේරුම් ගත්තාය. එහෙනම් මේ ආදරය ප්රකාශ කරන ක්රියාවක්. නිසි වයසට පැමිණි පසු ඔවුන් දෙදෙනාට ඕනේ නම් විවහා විය හැකි බවත් එතෙක් නිශ්ශබ්දව සිටින ලෙසත් රුක්මන් බය කළේය. රුක්මන් විවාහකයෙක් බවත් ඩයනාගේ වයසේ දරුවන් සිටින පියෙක් බව වත් ඩයනා දැන සිටියේ නැත.

ඒ ගැන අසන්නට කෙනෙක් නැති වීමෙන් අත්දැකීමේ බර නිසාම ආහාර නොගෙනම නින්දට යාමට කාමරයට වී සිටි නමුත් රාත්රියේ මැද ඩයනාට මානසික පීඩනය වැඩි නිසාම කීප වරක් වමනය ගියේය. පහුවෙනිදා උන අරගත් අතර වෛද්ය වරයා අජීර්ණයක් ලෙස බෙහෙත් නියම කරන ලදී. ඩයනාට බැනීම නිසා වැනේසා හටද පසුව දැනුණේ පසුතැවිල්ලකි. එබැවින් ඈ පුරුදු පරිදි අලුත්ම ඕගන් එකක් ඩයනාට තෑගී කරන්නට සිතුවාය. ඊළඟ සතියේ ඔර්ගන් එක දෙන විට “ Thank you” කියා එය ගත් ඩයනා හෙමින්ම කාමරේට ලෙස්සුවාය.

මේ සිදුවීමෙන් පසු ඩයනා එලි පහළියට ඒම වැළකුණු අතර වැනේසාට ඇගේ කච කචය නැවතීම සහනයක් විය. එබැවින් ඈ ඒ ගැන සොයා බැලීමට කරදර වුනේ නැති. ග්රේස් කරන්නාක් මෙන් නිතර දරුවෝ වඩාගෙන හුරතල් කිරීම වැනේසාට පුරුදු නැත. ඇගේ දරුවෝ බොහෝ විට සේවකයන්ගේ ඇකයේ වැඩුන දරුවෝය. තමා රුක්මන් සමග එකතු වී හොරෙන් කරන්නේ වරදක් බව ඇගේ යටි සිත කී නමුත් ඒ සිදුවීම් නිසා පාසලේදී පවා ඩයනා සිටියේ තෝන්තුවෙනි. අවාසනාවට ඇගේ වෙනස කාටවත් වැටහුනේ නැත.

මේ අයුරින් වැනේසා ගේ නිවසේ සාමාජිකයන් එකිනෙකා වියෝ වෙන විට රොෂාන්ගේ නිවසේ සාමාජිකයන් එකිනෙකා එකතු වීමට පටන් ගෙන තිබුණි. විවාහය වුන මාසයේ අවසාන සමය වන විට රුක්මාගේ මාසික ඔසප් වීම ප්රමාද වී තිබුන අතර තව සති කීපයක් බලන මෙන් ළමාතැනී උපදෙස් දුන්නාය. සති 5 ක් අවසන් වන විට රුක්මාට වමනය යන්නට පටන් ගෙන තිබුන අතර අදාළ පර්යේෂණ කිරීමට මැකාති රෝහලට ගෙන ගියේ රොෂාන් විසිනි. මැකාර්ති රෝහල රුක්මාගේ පියාගේ නිවසට මීටර කීපයක් පමණක් දුරින් තිබීම සහනයකි.

දින දෙකකට පසුව පර්යේෂණ වාර්තාව ලැබෙන බව දත් රොෂාන් රියදුරා යොදවා හරි වෙලාවට කලින්ම වාර්තාව ගෙන්වා ගත්තේය. ලියුම් කවරය කඩන විට කවදාවත් ඇති නොවුන ගැස්මකින් ඔහුගේ පපුව වේගයෙන් ගැහෙන බව රොෂාන්ට වැටහිණි. වතුර වීදුරුවක් බී සන්සුන් වුන ඔහු ලියුම් කවරය කැඩුවේය. බලාපොරොත්තු වුන ලෙසම රුක්මා ගර්භනී වී සිටියෙන් දුරකතනයෙන් අමතා බිරිඳට කියනු වෙනුවට ඔහු එදා නිවාඩු දමා දහවල් ආහාරයට වේලාසනින්ම කාර්යාලයෙන් නික්මුනේය. එදා හුරු පුරුදු ගස් , ගල් පවා ඔහුට පෙනුනේ අලුත් දේවල් ලෙසිනි.

ඔහු කලින් කළ කෙටි කාලීනව ඇසුරු කළ ගැහැණුන් වැරදීමකින් හෝ මෙවැනි අවස්ථා වලට මුහුණ දුන්නා යයි සිතු අවස්ථා වල දැනුන වේදනාව සහ අසහනය සමග අද දැනෙන සිතුවිලි සහමුලින්ම වෙනස්ය. රුසියානු ජාතික මහාචාර්ය වරියක් වුන ආන්නා ඔහුගෙන් ගැබිණි වුන බව වරෙක පැවසුවාය. ඇය විශ්වාස නොකළ නමුත් ඔහු ගබ්සාවක් කිරීමට ඇය සමග බම්බලපිට්යේ අස්සක තිබුන ගබ්සා වෛද්ය වරයා හමු වීමට යාමට ඔහුගේ මතකයට පැමිණේ. ඩයනා උපන් පසු එක වරක් වැනේසා ගර්භනී වුන අතර සැබවින්ම ළමයාගේ පියා ඔහුද කන්දප්පාද නොදත් නමුත් ඉතා සෙනෙහසින් වැනේසා කැටිව ගබ්සාවක් කිරීමට එම ස්ථානය වෙත ගිය අයුරු ඔහුට මතක් විය. ඉන් පසු අත්වැරදීම් නොකරන්නට ඔහු බෙහෙවින්ම පරිස්සම් වූයේ වැනේසා ඒ දරුවා තබා ගන්නට ඕනා යයි කළහ කළ බැවිනි.

ඒ වෙනුවෙන් අමාරුවෙන් ඔහු වැනේසා කැමති කර ගත්තේ දරුවා නීතිය අනුව කන්දප්පා ගේ දරුවෙක් වෙන බවත් දෛවයට අනුව ඉඩ ලැබුන විගසම ඇය සමග විවහා වී නිසි ලෙස දරුවෙක් හැදීමට කැමති බවත් ඒත්තු ගැන්වීමෙනි. ඒ සියල්ලම දැන් අතීතයට ගොසිනි. රොෂාන් එදා කවරදාටත් වඩා සතුටු වුන අතර රුක්මා වඩා වැදගත් සත්වයෙක් ලෙස ඔහුට දැනෙන්නට විය.

ඔහුව බලාපොරොත්තුවක් නැතුව සාලයේ අසුන්ගෙන සිටි ළමාතැනී දුටු හෙතෙම ඉදිරියට ගොස් ඇගේ මුහුණට හාද්දක් දුන්නේය. කරුණ තේරුම් ගත් ළමාතැනී පුතුගේ හිස දෑතින්ම බදා සිප ගත්තීය.

“ සිවුවරම් දෙවියන්ගේ පිහිටයි . දැන් මේක පිට කාටවත් කියන්න එපා “ ළමාතැනී කීවේ සතුටිනි.

“ පිට කාට කියන්නද අම්මා ? “

“ වෙන කාටවත් නෙවේ ..අර ඩොරීන් මූසලීටයි . ඒකිගේ දුවටයි තමා “ ළමාතැනී ද සිය කෝපය මුදා හැරියේ මංගල රාත්රියේ සිදු වුන දෙය ගාමිණී විසින් සේවකයෙක්ට කියනු ලබා එයින් ඒ සේවකයා විසින් ළමාතැනීට කියූ බැවිනි. ඇත්ත දත් ඇගේ සිතට පුතා ගැන නැගුනේ දැඩි තරහකි.

“ අම්මා මේ මොනවාද කියන්නේ මේ හොඳ දවසේ ?” ඔහු ඇසුවේ සිනා සෙමිනි.

“ මම උඹ එක්ක කොහොමත් කතා කරන්න තමා හිටියේ පුතා. දැන් පරිස්සමෙන් ගිහින් අර දරුවට කියපන්. වමනේ යන නිසා පොඩ්ඩක් ඇල වෙලා ඉන්නේ “

යුගල යහන මත නිදා සිටි රුක්මා ඔහු එන හඬ අසා දෙනෙත් තද කර ගත්තේ නිදි බව පෙන්වීමටයි. ඔහු ඇගේ නළලට අත තබා බැලුවේය. රුක්මා හෙමින් දෙනෙත් ඇරියාය.

“ මට ටිකක් නින්ද ගියා. ඔයාට බොන්න මුකුත් ලැබුණද? “

ඔහු රුක්මාගේ නළල ප්රවේශමෙන් සිපගෙන සාක්කුවේ වූ ලියුම් කවරය ඇගේ අතේ තැබුවේය. වාර්තාව කියවූ රුක්මා සතුටු වීමට වඩා කලබල වූවාය. නමුත් රොෂාන් සහ ළමාතැනී ප්රීතියෙන් දඟලන හෙයින් ඇයගේ සිතේද හටගත්තේ සතුටකි. පසුගිය මාස 5 ම ඇගේ ජීවිතේ ගත වූයේ අධි වේගයෙනි. අවුරුද්ද පටන් ගන්නා විට තිබුන ජීවිතය සහ දැන් කොතරම් වෙනස්ද ඕ වරෙක සිතුවාය. තමා කොටුවී සිටින්නේ සුන්දර දිග හීන්යකද තව වරෙක සිතුවාය. කුඩම්මා, බැනුම් , කඳුළු මැද හෙවුන ජීවිතය වෙනස් වුනේ හදිස්සියෙනි. එය කොතරම් ඉක්මන්ද යතොත් රුක්මා පොලු පාර කන ලද සර්පයෙක් මෙන් විටින් විට සිහි එලවා ගැනීමට උත්සහ දැරුවාය.

සුරංගනා කතාවක මෙන් ජීවිතේ හැම දෙයක්ම එක වර ඉටු වීම..ඕනෙවට වඩා හොඳින් ඉටු වීම ගැන වරෙක බිය වූවාය. අනාගතයේ මහා විශාල දුකක් පැමිණීමේ පෙර නිමිති වෙයිද තව වරෙක කලබල වූවාය. ඇයට කල් පවතින සතුට යනු ආගන්තුක දෙයකි.

රුක්මා හට ඉර හැරුන පසු වේදනාව අවසන් විය. මස් , මාළු ආහාරයට ගැනීම සහමුලින්ම ඇයට අප්රිය හෙයින් රොෂාන් කෑමට ප්රිය ආහාර ලැයිස්තුවක් හදා ගෙදර බඩු ගෙන එන මල්ලිස්ට දුන්නෙන් මල්ලිස් වැස්සේම කොල්ලුපිටිය මාර්කට් එකට ගියේය. පඩිපෙල් වලින් බැසීම ඉතාම පරිස්සමට කළ යුතු බව රුක්මාට දස වන වරටත් අවවාද කළේ ජුලියන් ඉපදෙන්නට සිටි සමයේ වැනේසා පඩි පෙලකින් වැටීම මතක් වුන නිසාය.

හවස රුක්මා ඇලවී සිටින අතරතුර පහළම මාලයේ ළමාතැනී සැර කතාවකට සූදානම් වූවාය.

“ පුතේ දැන් වත් පිළිවෙල වෙන්න ඕනේ. දැන් පුතා තාත්තෙක් වෙන්නයි යන්නේ “ ඇය කීවේ අවධාරනයෙනි.

“ මම කොහොමත් පිලිවෙලටනේ ඉන්නේ අම්මා “ ඔහු කවට කමට කීවේය.

“ ඔවු එදා මගුල් දවසේ රෑ උඹ වාහනේ මග නතර කරවලා ගාමිනියා එක්ක ගෙදරින් පැනල උදේ ආයෙත් ආවේ කියල මම දන්නවා . මෙන්න මේ ශීලාවතියට මම උඹ ගැනයි ගාමිනියා ගැනයි කල්පනාවෙන් ඉන්න කීවා. මොකෝ උඹ පැන්නේ මහසෝනා දකින්නද ?” ඇය ඇසුවේ කටටම උත්තරය දීගෙනය.

“ මම නිකමට හැකේට ඊයේ අර දරුවාගෙන් ඇහුවා. ඒකිත් උඹටම උපන් ගෑනි ..මට කියනවා බිම බලාගෙන ..නෑ අම්මා රොෂාන් මා එක්ක ඇඳේ හිටියේ කියල. දැක්කමයි මෙහෙමත් ගෑනු “ කියමින් සිනාසුනේ තරහෙන් නොවේ.

“ පුතේ ඒ දරුවා උඹේ ගෞරවේ තියන්න තමා මේ මටත් බොරු කියන්නේ. උඹ ඒකිගේ හිත රිදෙන්න වැඩ කරන්න එපා. අනික තමන්ගේ භාර්යාවට වංචා කරන එක මහා පවක් . මට නිදහසේ මැරෙන්න ඉඩක් නැති වෙනවා උඹගේ මේ දුරාචාර නිසා “

“ නැහැ අම්මා ..එහෙම දෙයක් නෙවෙයි වුනේ. මට වැනේසා හම්බ වෙන්න ඕනේ වුනේ….ඕනේ වුනේ “ කුමක් කියන්නද සිතමින් ඔහු ගොත ගැසුවේය.

“ ගෑනියෙක්ට තමන්ගේ මිනිහගේ වහල යටට හොර මිනිහා ගෙන්න ගන්න ඕනේ තරම් හේතු තියනවනේ. මට ඔය කුණුහබ්බ වලින් වැඩක් නැහැ පුතා” කිවුවේ වැනේසා ගැන නැවත වරක් කෝප වෙමිනි.

ඇය රොෂාන් වැනේසාගේ නිවසට යාම හැඳින්නුවේ වේස ගෙදරට යාම ලෙසිනි. රොෂාන් තම පුතා හෙයින් ඔහුට දොස් නොපවරණ ඇය නිතරම වැනේසා වෛශ්යාවියක් ලෙස දොස් නැගුවාය. වරදක් කරන පිරිමියෙක් සමාජයේ අනුකම්පාවට බඳුන් වන නමුත් වරදක් කරන ගැහැනියක් කවදාවත් සමාවක් නම් ලබන්නේ නැත.

“ පුතා දන්නවා තාත්තා නිසා මම කොයි තරම් වේදනා වින්දද කියල. අර දරුවට ඒ දුක දෙන්න එපා “ කියමින් යදින්නට වූවාය. අවුල් වුන හිසින් නැවත වැනේසා දැකීමට නොයන බවට පොරොන්දු වුන නමුත් තමාට එන පොරොන්දුව තැබීමට නොහැකි බව ඔහුට සිකුරුය.

කුල ගෙය – පසුගිය කොටසට

Share Now

Related Article