හිට්ලර්ගේ සිය දිවි නසා ගත් පෙම්වතියෝ

Jun 21, 2019

හිට්ලර් කියන්නේ කවුද කියලා නොදන්නා කෙනෙක් නැහැ. ජර්මනියේ උපද ලද හිට්ලර් නාසි පක්ෂයේ නායකයාය. 1932 වසරේ පවත්වන ලද මහා මැතිවරණයකින් ජයග්‍රහණය කල නාසි පක්ෂය බලයට පත් විය. වසරක් පමණ ගත වූ පසු ඔහු ඒකාධිපතියෙකු ලෙස ඔහුගේ අණ සක පතුරුවාලමින්, රටවල් ආක්‍රමණය කරමින්, යුදෙව්වන් සමූල ඝාතනය කරමින් ගෙන ගිය රැල්ල ඔබ මේ වන විටත් දන්නවා ඇති. එසේ ඝාතනය වූ යුදෙව් ජාතිකයන් ප්‍රමාණය මිලියන හයකට අධිකය. එවැනි ජන සංහාරයකට නායකත්වය ලබා දුන් නායකයාගේ ජිවිතයේ ඔබ නොදුටු පැත්තක් ගැන අනාවරණය කරන්නට අද අපි තීරණය කළා.

Continue Reading Below

හිට්ලර් පෙම්වතියන් කිහිප දෙනෙක්වම ඇසුරු කර තිබෙනවා. හැබැයි ඔහු මුල් තැන දී ඇත්තේ ආදරණිය සබඳතාවයන්ට නොව, ලිංගික සබඳතාවයන්ට බව කියවෙනවා. හිට්ලර්ගේ පෙම්වතියන් බොහෝ දෙනෙක් සිය දිවි නසාගෙන තියෙනවා. ඔවුන් බොහෝ දෙනෙක් පවසා ඇත්තේ හිට්ලර්ගේ අසාමාන්‍ය ලිංගික හැසිරීම් දරා ගත නොහැකි වූ නිසා මිය යන බවයි.

හිට්ලර් පෙම්වතියන් කිහිප දෙනෙක්වම ඇසුරු කර තිබෙනවා. හැබැයි ඔහු මුල් තැන දී ඇත්තේ ආදරණිය සබඳතාවයන්ට නොව, ලිංගික සබඳතාවයන්ට බව කියවෙනවා. හිට්ලර්ගේ පෙම්වතියන් බොහෝ දෙනෙක් සිය දිවි නසාගෙන තියෙනවා. ඔවුන් බොහෝ දෙනෙක් පවසා ඇත්තේ හිට්ලර්ගේ අසාමාන්‍ය ලිංගික හැසිරීම් දරා ගත නොහැකි වූ නිසා මිය යන බවයි.

හිට්ලර්ගේ තවත් පෙම්වතියක් වන රෙනාටේ මුලර් නමැති රංගන ශිල්පිනියත් 1937 වසරේදී උඩුමහලින් පැන සිය දිවි නසා ගන්නවා.

ඔහුගේ තවත් පෙම්වතියක් ලෙස ප්‍රසිද්ධ යුනිටි මිට්ෆෝර්ඩ් නමැති කාන්තාවත් හිසට වෙඩි තබාගෙන සියදිවි නසා ගන්නට උත්සාහ කරනවා. නමුත් ඇය එයින් මරණයට පත් වන්නේ නැහැ. උණ්ඩය හිසේ ගැටීමත් සමඟ එය හිස් කබලේ සිර වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇය වසර ගණනාවක් තිස්සේ සිහි මඳ ගතියට පත් වෙනවා.

මිමි රයිටර් නමැති පෙමතියත් සිය දිවි නසා ගන්නට උත්සාහ කර එය වැරදුනු තැනැත්තියක්.

ගෙල වැලලාගෙන මිය ගිය සුසී ලිප්ටුවර් හිට්ලර්ගේ තවත් පෙම්වතියක්.

හිට්ලර්ගේ අවසාන පෙම්වතිය වෙන්නේ ඊවා බ්‍රෝන්. ඇයත් හිට්ලර්ගේ අසාමාන්‍ය ගති පැවතුම් ඉවසා ගෙන හිටියේ හරිම අමාරුවෙන්. ඇයගේ ශරීර අවයව වල ප්‍රමාණය වෙනස් කරවන්නට හිට්ලර් ඇයව ශල්‍යකර්ම වලට පවා යොමු කල බව කියවෙනවා. ඇය වරක් පිස්තෝලයකින් වෙඩි තබාගෙන සිය දිවි නසා ගන්නට උත්සාහ කර තිබෙනවා. නමුත් එය සාර්ථක වී නැහැ.

නමුත් අවසානයේදී ඇගේ දිවි තොර වන්නේත් සිය දිවි නසා ගැනීමකින්මයි. 1945 වසරේදී රතු හමුදාව විසින් ඔවුන් විසූ බංකරය වටලන්නට පැමිණෙද්දී ඇය සයිනයිඩ් ආහාරයට ගෙන සිය දිවි නසා ගන්නවා. හිට්ලරුත් ඒ සමඟම වෙඩි තබා ගෙන සිය දිවි නසා ගන්නවා.

Share Now

Related Article